May 02, 2024

හැටන්ඔයේ පාවෙමින් තිබු නාදුනන කාන්තා මල සිරුරක් සොයා ගැනේ - හේතුව අභිරහසක් (PHOTOS)

December 07, 2021

හැටන් සිට මහවැලි ගගට ජලය ගලා බසිනා හැටන්ඔයේ තිබි නාදුනන කාන්තා මලසිරුරක් අද (07) දින සොයා ගත් බව හැටන් පොලිසිය පවසනවා.

හැටන්ඔයේ ෂැනන් ෆෘට්හිල් වත්ත ප්‍රදේශයේ ඔයේ නාදුනන කාන්තා මල සිරුරක් තිබෙන බවට එම වතු යායේ වතු කම්කරුවන් විසින් ලබා දුන් තොරතුරක් මතයි පොලිසිය සිරුර සොයාගෙන ඇත්තේ.

අවුරුදු 50ක් පමණ වයසැති මිය ගිය කාන්තාවගේ සිරුර දින කිහිපයක් ඔයේ තිබෙන්නට ඇති බවට පොලිසිය සැක කරනවා.

හැටන්ඔයේ තිබි සොයාගත් කාන්තා මලසිරුරේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති අතර සිරුර සම්බන්ධයෙන් හැටන් පොලිසිය අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ පවත්වයි.

(හැටන් - රංජිත් රාජපක්ෂ)

Rate this item
(0 votes)
Last modified on Tuesday, 07 December 2021 11:11