May 13, 2024

අද එළවළු මිල : කිලෝව 500ත් පනී

November 22, 2021

මෙරට ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල අද (22) දිනය අදාළ දෛනික එළවළුවල සිල්ලර සහ තොග මිල ගණන් රජය විසින් නිකුත් කර තිබෙනවා.

ඇතැම් එළවළු කිලෝ එකක මිල රුපියල් 500 ඉක්මවා ගිය අතර එම එළවළු වර්ග දෙක වන්නේ මාළු මිරිස් සහ කරවිලයි.

එමෙන්ම සමහර එළවළු වර්ග කිලෝ එකක මිල රුපියල් 400 ඉක්මවූ අතර එම එළවළු බෝංචි, කැරට්, තක්කාලි, තුඹ කරවිලයි.

මැනිං වෙළෙඳපොළට නුවරඑළිය, යාපනය, තංගල්ල, අකුරැස්ස, මහනුවර, මඩකළපුව, කඩුවෙල සහ දෙනියාය ඇතුළු දිවයිනේ එළවළු වගා කරන සෑම ප්‍රදේශයකින්ම එළවළු තොග ප්‍රමාණය සීඝ්‍රයෙන් අඩු වේගෙන යන වාර්තා වෙනවා.

එළවළු මිලද අහස උසට ඉහළ ගොස් ඇති බවද කැපී පෙනෙනවා.

වී හා ධානය, කාබනික ආහාර, එළවළු, පලතුරු, මිරිස්, ළුෑණු හා අර්තාපල් වගා ප්‍රවර්ධනය, බීජ නිෂ්පාදන හා උසස් තාක්ෂණ කෘෂිකර්ම රාජය අමාත්‍යංශයේ අතිරේක ලේකම් (පාලන, මුදල් හා ආර්ථික මධ්‍යස්ථාන) වේ.එම්.ඒ. ඩග්ලස් මහතා අත්සනින් යුතුවයි මෙම මිල ගණන් නිකුත් කර තිබෙන්නේ.

ඒ අනුව එළවළු කිලෝ එකක් සඳහා වන මිල ගණන් පහතින් දැක්වෙනවා,

Rate this item
(0 votes)