May 03, 2024

"මේක විහිළුවක්" -CIDයට ගිය සිරිල් ගාමිණි පියතුමන් කියයි

November 22, 2021

කොළඹ අගරදගුරු පදවියේ මාධ්‍ය ප්‍රකාශක, ආචාර්ය සිරිල් ගාමිණී පියතුමා තෙවැනි දිනයටත් අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබුණා.

අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි පියතුමා සවස් වනතෙක් ප්‍රකාශ ලබා දුන්නා.

ප්‍රකාශ ලබා දීම අවසන් කර පිටතට පැමිණි සිරිල් ගාමිණී පියතුමා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ තමාගෙන් ප්‍රශ්න කිරීම අද දිනයේදී අවසන් කළ බවයි.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම, ජනාධිපති කොමිසමෙන් ලබාදී ඇති නිර්දේශ ක්‍රියාත්මක කිරීම පසෙක තබා, විමර්ශන‌ නොකිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරන පුද්ගලයන් පසුපස රජය හඹායමින් සිටින බවයි.

මේ හරහා පාස්කු ප්‍රහාරයට අදාල විමර්ශන යට ගැසීමේ උත්සාහයක් හා පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ මහ මොළකරුවන් ආරක්ෂා කිරීමේ උත්සාහයක් දියත් වන බව පෙන්වා දෙන සිරිල් ගාමිණී පියතුමා පවසන්නේ ඒ අනුව පාස්කු ප්‍රහාරය පිටුපස ආණ්ඩුවට සම්බන්ධ පුද්ගලයන්ද සිටින බවට සැකයක් මතුවන බවයි.

එම සැකය ඕනෑම පුද්ගලයෙකුට මතුවන බවත් එසේ සැක මතුවීම බියගැන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් නතර කළ නොහැකි බවත්, එවැනි සැකයක් මතුවීම නතර කිරීමට නම් සිදුකළ යුත්තේ සාධාරණ විමර්ශනයක් පවත්වා වැරදිකරුවන්ට දඬුවම් දීම බවත් පියතුමා පවසනවා.

පාස්කු ප්‍රහාරයේ වින්දිතයන්ට සාධාරණය ඉටු කිරීම වෙනුවෙන් කතෝලික සභාව ගන්නා උත්සාහය කිසිසේත්ම නතර නොකරන බවත්, බිය ගැන්වීමෙන් හෝ තර්ජනය කිරීමෙන් හෝ යුක්තිය සෙවීම නතර කළ හැකි යැයි ආණ්ඩුවේ ප්‍රධානීන් සිතන්නේ නම් එය මහා විහිළුවක් බවත් සිරිල් ගාමිණී පියතුමා සඳහන් කරනවා.

හිටපු නීතිපතිවරයා පවා පාස්කු ප්‍රහාරය පිටුපස මහා කුමන්ත්‍රණයක් තිබෙන බව හිටපු නීතිපතිවරයාද ප්‍රකාශ කර තිබූ බවත්, එම ප්‍රකාශය විස්වාස කිරීමට සිදුවන බවත් පියතුමා පවසනවා.

Rate this item
(0 votes)
Last modified on Monday, 22 November 2021 19:55

Related items