May 19, 2024

"වැඩ කළොත් පඩි ලැබෙයි - වැඩ වැරුවොත් පඩි කැපෙයි" මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් අනතුරු ඇඟවීමක්

තව දුරටත් වර්ජනයේ නියැලෙන ගුරු විදුහල්පතිවරුන්ට මුහුණ දීමට සිදුවන තත්ත්වය පිළිබඳව පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අනතුරු අඟවනවා.

ඒ උන්වහන්සේගේ මැදිහත් වීමෙන් අමාත්‍යවරයා හා ගුරු සංගම් අතර පැවති සාකච්ඡා බිද වැටීමත් සමග.

බලහත්කාරයක් අනවශ්‍යයයි

විදුහල්පතිවරුන් හෝ ගුරුවරුන් බලහත්කාරයෙන් සේවයට කැඳවීමේ අවශ්‍යතාවයක් ආණ්ඩුවට නැති බව උන් වහන්සේ පෙන්වා දෙනවා.

පාසල් විවෘත කළ විට සේවයට වාර්තා කරන ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ට පඩි ලැබෙන බවත් එසේ වාර්තා නොකරන ගුරුවරුන්ට හා විදුහල්පතිවරුන්ගේ පඩි කැපෙන බවයි විසඳුම ලෙස උන් වහන්සේ පෙන්වා දෙන්නේ.

"වැඩ කළොත් පඩි ලැබෙයි.වැඩ වැරුවොත් පඩි කැපෙයි.ඕකයි තත්ත්වෙ."ලෙසට උන්වහන්සේ ගුරු විදුහල්පති වර්ජකයන්ට අනතුරු අඟවනවා.

බහුතරයක් ගුරුවරුන්ගේ මතය

අති බහුතරයක් ගුරුවරුන් මෙන්ම විදුහල්පතිවරුන් සේවයට වාර්තා කරන බව තමන් වහන්සේට දැනුම් දුන් බව උන්වහන්සේ අනාවරණය කරනවා.

උන්වහන්සේ මෙම අදහස් පළ කළේ අග්‍රාමාත්‍යවරයා හා ගුරු සංගම් අතර පැවති සාකච්ඡා අසාර්ථක වීම පිළිබඳව කරුණු දැනුම් දීම සඳහා පැවැත්වූ මාධ්‍ය හමුවකදී.

Rate this item
(3 votes)
Last modified on Thursday, 14 October 2021 03:10

Related items