May 19, 2024

මුරුත්තෙට්ටුවේ හිමියන්ගෙන් හෙද සංගමයට අමතරව නව ගුරු සංගමයක්

හෙද වෘත්තීය සමිතියේ සභාපති ධූරය දරන පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් ගුරු සංගමයක් පිහිටුවීමටද තීරණය කොට තිබෙනවා.

ඒ ඇතැම් ගුරු සංගම් වගකීම් විරහිතව කටයුතු කරනවා යන චෝදනාවද නගමින්.

ගුරු විදුහල්පති වර්ජනය

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ මැදිහත්වීමෙන් අග්‍රාමාත්‍යවරයා හා ගුරු සංගම් අතර පැවති සාකච්ඡාවෙන් පසු ගුරු විදුහල්පති වර්ජනය දිගටම පවත්වාගෙන ගෙන යෑමට ලංකා ගුරු සංගමය තීරණය කර තිබෙනවා.

උන්වහන්සේ සඳහන් කරන්නේ එම ගුරු සංගමය අග්‍රාමාත්‍යවරයා ඉදිරියේ තුෂ්නිම්භූතවම කිසිදු විරෝධතාවයක් නොදක්වා සිට එළියට පැමිණ කරන ප්‍රකාශය සමස්ත ගුරු පරපුරටම කරන නිගාවක් ලෙසයි.

ගුරු සංගම් පමණක් නොව ඕනෑම සංගමයක් තුළ ප්‍රතිපත්තියක් , නම්‍යශීලී බවක් තිබිය යුතු බව වෘත්තීය සමිති නායකයෙකුද වන උන්වහන්සේ අවධාරණය කරනවා.

ගුරු සංගම් වල ඉලක්කය

ඇතැම් ගුරු සංගම් , ගුරු සංගම් කියා ගත්තාට ගුරු සංගම් නොවන බව උන් වහන්සේ සඳහන් කරන්නේ එම ගුරු සංගම් , ගුරු අයිතීන් නොව තමන්ගේ ගොඩ වැඩි කිරීමට කටයුතු කිරීම ඉලක්ක කර වැඩ කටයුතු කරන බව පෙන්වා දෙමින්.

තමන් වහන්සේ මෙම ප්‍රශ්නයට මැදිහත් වූයේ පාසල් දරු දැරියන් අද මුහුණ දී සිටින තත්ත්වය ගැන සිතා බලා බවයි උන්වහන්සේ අවධාරණය කරන්නේ.

දරුවන් අමාරුවේ දැමීම හෝ ගුරුවරුන් අමාරුවේ දැමීම වෘත්තීය සමිති වල වගකීම නොවන බවත් උන් වහන්සේ මතක් කර දෙනවා.

වෘත්තීය සමිති ව්‍යාපාරය

මේ ඇතැම් ගුරු සංගම් වල ක්‍රියාමාර්ගය වෘත්තී සමිති ව්‍යාපාර ඉදිරි ගමනටද හානියක් වන බැවිනි අධ්‍යාපන අමාත්‍යාංශයේ මැදිහත් වීමෙන් නව ගුරු සමිතියක් පිහිටුවීමට තමන් වහන්සේ මුල් වන බවයි උන්වහන්සේ මාධ්‍ය හමුවක් තබමින් සඳහන් කළේ.

එම ගුරු සංගමය හරහා ගුරුවරුන් ආරක්ෂා කරමින් ගුරුවරුන්ගේ අයිතිවාසිකම් ලබාදීමට මැදිහත් වන බවයි මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් අවධාරණය කරන්නේ.

උන්වහන්සේ මෙම මාධ්‍ය හමුව තැබූවේ අග්‍රාමාත්‍යවරයා සමඟ කළ සාකච්ඡාවෙන් පසු වෘත්තීය සමිති අරගලය ඉදිරියටත් පවත්වාගෙන යන බවට ලංකා ගුරු සංගමය කළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 13 October 2021 22:40

Related items