May 09, 2024

නිරෝධායනයට යන අතර මඟත් පියුමි හංසමාලි නිරෝධායන නීති කඩයි

පසුගිය මැයි මස 30 වැනිදා නිරෝධායන නීතිය සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ තරු 5හේ හෝටලයක පැවැත්වූ උපන්දින සාදයට සහභාගී වූ අයගෙන් පිරිසක් අද (02) දිනයේ දී දියතලාවේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානය වෙත ගෙන යන ලදී.

මෙම පිරිස අතර නිරූපන ශිල්පිනියක සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි ද සිටි අතර ඇය විසින් මෙම නිරෝධායනය වෙත රැගෙන යන අවස්ථාවේ ෆේස්බුක් සමාජ මාධ්‍ය වෙත සජීවි විකාශයක් ලබාදෙමින් මාධ්‍ය ආයතනයක් වෙත සහ මාධ්‍යවේදියෙකු වෙත දැඩි ලෙස දෝෂාරෝපණයක් ද සිදු කළාය.

නිරෝධායනයට යන අතර මඟද ඇය ඇතුළු පිරිස විසින් නිරෝධායන නීති උල්ලංඝනය කරමින් හැසිරෙන ආකාරය දැකගත හැකි වූ අතර පිරිස විසින් මුහුණු ආවරණ ගලවමින් කතා කරන ආකාරයද දැකගත හැකිවිය.

ඇය පසුගිය මැයි මස 31 වැනිදා නිරෝධායන නීතිය සහ සංචරණ සීමා උල්ලංඝනය කිරීම වරද යටතේ අත්අඩංගුවටද ගැනුණි. පසුව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇයව රුපියල් ලක්ෂ 10ක් වූ ශරීර ඇප මත නිදහස් කර තිබුණි.

මෙම සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් පිරිසක් සොයා මේ වන විට සිසිටීවී දර්ශන ඔස්සේ පරික්ෂණ ආරම්භ කර ඇති අතර සහභාගී වූ පිරිසෙන් 13 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබේ.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 20:08