May 09, 2024

ජැක්සන්ගේ දියණිය අත්අඩංගුවට

රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගී වූ බවට චෝදනා ලද තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හය දෙනෙකුගෙන් යුතු කණ්ඩායමක් මෙලෙස අත්අඩංගුවට ගත් බව සඳහන්.

මෙම පිරිස අතර ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ දියණියවන මාධවී වත්සලා ඇන්තනී ද සිටින බවයි වාර්තා වන්නේ.

මාධවී ඇන්තනී මෙම සාදයට සහභාගී වූ නමුත් ඇයට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන්නේ මන්දැයි සමාජ ජාල සහ වෙනත් ආකාරයෙන් ජනතාව දැඩිව ප්‍රශ්ණ කොට සිටියා.

අත්අඩංගුවට ගත් පිරිස අද දින අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති පිරිස 21ක්.

සිද්ධිය සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපන ශිල්පිනී පියුමි හංසමාලී ඇතුළු 15 දෙනෙකු මීට පෙර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අතර මේවන විට ඔවුන් නිරෝදායන මධ්‍යස්ථානයක් වෙත යොමු කොට තිබෙනවා.

Rate this item
(4 votes)
Last modified on Friday, 04 June 2021 12:57

Related items