May 20, 2024

මාධවී ඇන්තනී යළි කරළියට

February 18, 2022

ඇන්තනී පවුලේ වැඩිමහල්ම දරුවා තමයි මාධවී ඇන්තනී කියන්නේ.

මේ දවස් වල වැඩි වශයෙන් විවිධ ආකාරයේ නිර්මාණ සමඟ රංගන දායකත්වය ගැන මාධවී පිළිබඳව බොහෝ දෙනෙක් කතා කරන්න පටන් අරන්.

ජැක්සන් ඇන්තනි සහ කුමාරී මුණසිංහ කියන ආදරණීය රංගන ශිල්පීන් දෙදෙනාගේ ආදරණීය දියණියක් වෙන්න ලැබීමත් ඇයට වාසනාවක්.

මාධවී ඇන්තනී පමණක් නෙවෙයි මේ පවුලේ අනිකුත් දරුවන් දෙදෙනා ඒ කියන්නේ සජිත ඇන්තනි සහ අකිල ධනුද්දරත් ගායකයන් සහ රංගධරයන් වශයෙන් ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිනමාවෙත් කැපී පෙනෙන දක්ෂතා පෙන්වුවා.

මේ අතර මාධවී රංගනයට අමතරව ගායනයටත් උපන් හපන්කම් දක්වනවා.

ඒ වගේම ඇය විසින් මෑතකදී නිකුත් කරපු ‘ ආදරය ඕනෑ කෙරේ’ ගීතයට විශාල ප්‍රේක්ෂකයන් පිරිසක් ආකර්ෂණය කර ගැනීමට හැකියාව ලැබුණා.

නැවතත් ඇය කරලියට එන්නේ ඇගේ නවතම ගීතයත් සමගයි.

'අපි තමයි අපිව දන්නේ' නම් එම ගීතය පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේ එළිදැක්වූවා.

මේ වන විට බොහෝ නැරඹුම් වාර සමගින් රසික රසිකාවියන්ගේ ඉහල ප්‍රතිචාර මෙම ගීතය ලැබෙන බව නම් නොරහසක්.

Rate this item
(0 votes)
Last modified on Friday, 18 February 2022 15:25