May 05, 2024

චන්දිමාල්ගෙන් සුපිරි කතාවක්

චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදි. 

මේ දිනවල වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වාගේ කිරුළු හුටපටේ වගේම හඬපට හුටපටේ.

පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ “සිව්වැනි ස්ථානයට” පත් වූ බව පැවසුවා. නමුත් එම තරගාවලියේ කමිටු මණ්ඩල සාමාජීකාවක වන ලිබ්බි එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඇය පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තේ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව පමණක් බවයි.

ඒ අස්සේ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබා දෙන හඬපටයක් සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා. ඒ සමඟම පුෂ්පිකා සටහන් කිහිපයක්ම මුහුණුපොතට එකතු කළා.

ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මෑතකදී සිය මුහුනුපොතේ සටහනක් තබා තිබෙනවා.

එම සටහන පහතින්,

හැම වෙලේම ප්‍රේක්ෂකාගාරය සතුටු කරන්න මහන්සි වෙන්න එපා. මොකද , මිනිස්සු අපේ ජීවිතේ සමහර සංසිද්ධි වලට කොහොම නිර්වචන දුන්නත් ඇත්තටම එතන සිද්ධ වෙන්නෙ මොනවද කියලා දන්නේ තමන් විතරයි. ඒක නිසා තමන්ගෙ සතුට වෙනුවෙන් සමහර දේවල් කැප කරන්න පුරුදු වෙන්න.සමහර විට සමාජයට , කැපකිරීමට ලක් වන පාර්ශවකරුවන්ට ඔබව අසාධාරණ , ආත්මාර්ථකාමී ආත්මයක් විදියට පෙන්න පටන්ගනීවී. හැබැයි එතකොට ඔයාට තේරුම් යාවි, ප්‍රේක්ෂකාගාරයේ අත් පොළසන් වලට වඩා ආත්ම තෘප්තියෙන් පිරුණු හදවතේ ගැස්මෙ තියෙන උණුසුම ඔයාට ගොඩක් කිට්ටුයි කියලා.

Rate this item
(1 Vote)
Last modified on Friday, 04 March 2022 22:34