May 08, 2024

"අභියෝග ජය ගන්න බැරි වුණාම ලෝකයාට ඇඟිලි දික් කරන්නේ දුර්වල මිනිස්සු" - චන්දිමාල්ගෙන් අමුතු කතාවක්

චන්දිමාල් කියලා කිව්වහම මේ වෙද්දි නොදන්න කෙනෙක් නෑ. ඔහු එතරම්ම බොහෝ දෙනෙක් අතර ප්‍රසිද්ධ වෙන්නේ වසරක් පාසා ඔහුගේ ජන්ම දිනය වෙනුවෙන් පැවැත්වෙන රාජකීය උපන්දින සාදය නිසයි.

වෘත්තියෙන් රූපලාවණ්‍ය ශිල්පියෙක් වන චන්දිමාල් මේ වෙද්දි සල්ලි යහමින් තියෙන පුද්ගලයෙක් කිව්වත් නිවැරදි. 

මේ දිනවල වැඩිපුරම සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු වෙන මාතෘකාවක් තියෙනවා. ඒ තමයි ශ්‍රී ලංකා විවාහක රූ රැජින වන පුෂ්පිකා ද සිල්වාගේ කිරුළු හුටපටේ වගේම හඬපට හුටපටේ.

පුෂ්පිකා ද සිල්වා ලෝක විවාහක රූ රැජිණ තරගාවලියේ “සිව්වැනි ස්ථානයට” පත් වූ බව පැවසුවා. නමුත් එම තරගාවලියේ කමිටු මණ්ඩල සාමාජීකාවක වන ලිබ්බි එයට ප්‍රතිචාර දක්වා තිබුණා.

ඇය පවසා තිබුණේ, මෙම තරගාවලිය තුළ තෙවන, සිව්වැන හෝ වෙන යම් ස්ථාන නොමැති බවත්, ඇත්තේ ජයග්‍රාහිකාවක සහ අනුශූරතාව පමණක් බවයි.

ඒ අස්සේ කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක උපදෙස් ලබා දෙන හඬපටයක් සමාජ මාධ්‍යයට මුදා හැරෙනවා. ඒ සමඟම පුෂ්පිකා සටහන් කිහිපයක්ම මුහුණුපොතට එකතු කළා.

ලෝක විවාහක රූ රැජින තරඟාවලියේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහත් හරි අපූරු කතාවක් සිය මුහුණුපොතට එක් කර තිබුණා.

එම සටහන පහතින්,

තමන්ට දෙයක් කරගන්න බැරි උනාම , අභියෝග ජයගන්න , ප්‍රශ්න වලට මූන දෙන්න බැරි වුණාම, සමාජයට ලෝකයට පුද්ගලයන්ට ඇගිල්ල දික් කරන්නේ දුර්වල මිනිස්සු . උඩ ඉන්න දෙවියෝ හෝ අදහන ආගමට අනුව ජීවත් වෙනවා ඇරෙන්න අපේ ප්‍රශ්න විසඳන්න දෙවියන්ට පුලුවන්ද ?

මගේ ජීවිතේ අද වෙන්කන් ආව හැම දේකටම , මම මුහුණ දුන්න හැම දේකටම කිසිම කෙනෙකුට ඇඟිල්ල දික් කරලා නෑ. මට වැරදි කරපු මිනිස්සුන්ට නිහඬවම සමාව දුන්නා ඇරෙන්න මගෙ ජීවිතේ තීරණය කරන්නේ මම ගන්න තීරණ සහ මම ජීවත් වෙන ආකාරය මිසක් උඩ ඉන්න දෙවිවරු නෙමේ කියලා මම විශ්වාස කරනවා.

ඊයේ දවස ඔලුවේ තියන් හෙට දවසේ ජීවත් වෙන කිසිම කෙනෙක්ට ජීවතේ වත් ලෝකෙවත් දිනන්න බෑ. අනුන්ට දික් කරන ඇඟිල්ලත් තමන්ගේ කියලා මතක තියාගන්න.

Rate this item
(1 Vote)