May 20, 2024

චන්දිමාල්ගේ උපන්දින පාටියේ සිටි තවත් 07 දෙනෙක් කොටුවෙයි

පසුගිය මැයි මස 30 වැනිදා කොළඹ තරු 05හේ හෝටලයක නිරෝධායන නීති සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් පැවැති උපන්දින සාදයට සහභගී වූ තවත් පුද්ගලයින් 07 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ (01) දිනයේ ද මෙම සාදයට සහභාගී වූ පුද්ගලයින් 06 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කර තිබුණි. ඒ අනුව මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති පිරිස 13 දෙනෙකු සිටින අතර ඒ අතර පිරිමි පුද්ගලයින් 11 දෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු වෙයි.

සාදය පැවැත්වූ හෝටලේ තිබූ සිසිටීවී කැමරා පද්ධතියෙන් ලබාගත් තොරතුරු මත මෙම පුද්ගලයින් හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

සාදය සඳහා පුද්ගලයින් 25 දෙනෙකු පමණ සම්බන්ධ වූ බවට තොරතුරු අනාවරණය වූ අතර ඉතිරි පිරිස සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක වෙයි.

පසුගිය 31 වැනිදා කොටුව පොලීසිය විසින් මෙම උපන්දින සාදය සංවිධානය කළ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පිනි පියුමි හංසමාලි යන අයව අත්අඩංගුවට ගත් අතර එදිනම අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ශරීර ඇප මත නිදහස් කෙරුණි.

Rate this item
(0 votes)