May 20, 2024

චන්දිමාල් සහ පියුමිට ඇප දෙයි (VIDEO)

නිරෝධායන නීති කඩකරමින් තරුපහේ හෝටලයකදී ඊයේ (30) රාත්‍රියේ උපන්දින සාදයක් පැවැත්වූ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක මෙන්ම රංගන පියුමි හංසමාලි අද (31) දිනයේ අත්අඩංගුවට ගනු ලැබීය.

සිදුවීමට අදාළ නඩු විභාගය අතිරේක මහේස්ත්‍රාත් සී.එච්.යූ ලියනගේ මහතා විසින් විභාග කරන ලද අධිකරණය විසින් එක් අයෙකුට රුපියල් ලක්ෂ 10ක් වූ පුද්ගලික ඇප මත නිදහස් කර තිබේ.

සාදය සඳහා පුද්ගලයින් 25 දෙනෙකු පමණ සහභාගී වී ඇති අතර ඉන් 12 දෙනෙකු සිසිටීවි දර්ශන හරහා හඳුනාගෙන තිබේ.

මෙම සිදුවීමට අදාළ නඩු විභාගය අගෝස්තු මස 21 වැනිදා යළි කැඳවීමට නියමිත බව වාර්තා වෙයි.

අධිකරණයේ වීඩියෝ දර්ශන පහතින්,

Rate this item
(0 votes)
Last modified on Monday, 31 May 2021 14:40