April 27, 2024

“පුළුවන් නම් ඔප්පු කරන්න” - චන්දිමාල්ගේ උපන්දින පාටිය ගැන පුෂ්පිකා කතා කරයි

කොළඹ තරු 05 හෝටලයක පසුගිය මැයි මස 30 වැනිදා පැවැත්වූ උපන්දින සාදයක් සම්බන්ධයෙන් මේ වන විට සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ.

මෙම උපන්දින සාදය සම්බන්ධව එය සංවිධානය කළ ප්‍රවීන රූපලාවන්‍ය ශිල්පියෙකු වන චන්දිමාල් ජයසිංහ සහ නිරූපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලි යන අයව ඊයේ (31) දිනයේ දී නිරෝධායන නීතිය යටතේ අත්අඩංගුවට ගත් අතර ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කෙරුණි.

මෙම උපන්දින සාදයට සම්බන්ධ තවත් 25 දෙනෙකුව සිසිටීවී දර්ශන හරහා හඳුනා ගැනීමට පරික්ෂණ පවත්වන කොටුව පොලීසිය කටයුතු කරමින් සිටින අතර ඉන් 12 දෙනෙකු මේ වන විටත් හඳුනාගෙන ඇතැයි වාර්තා වෙයි.

මෙලෙස සහභාගී වූ පිරිස අතර පසුගිය කාලයේ දැඩි ආන්දෝලනාත්මක සිදුවීමකට සම්බන්ධ වූ ශ්‍රී ලංකා විවාහක රූ රැජින පුෂ්පිකා ද සිල්වා සිටින බවටද පිරිසක් විසින් චෝදනා කරමින් සිටියි. ඒ ඇය විසින් ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය තුළ පළ කර තිබූ ඡායාරූපයක් ද පෙන්වමිනි.

එමෙන්ම ඇයත් සමඟ මෙම සාදයට කොළඹ පුරපතිනිය වන රෝසි සේනානායක මහත්මියද සහභාගි වී ඇති බවට චෝදනා එල්ල වී තිබේ.

මෙම සියලු චෝදනා පිරිසක් විසින් මඩ ගැසීමේ අරමුණ ඇතිව කරන ප්‍රකාශයන් බවට පෙන්වා දෙන පුෂ්පිකා ද සිල්වා මහත්මිය පවසා සිටියේ තමන් එම උපන්දින සාදයට සහභාගී වු බවට එම මඩ ගැසීමේ ක්‍රියාවලියට සම්බන්ධ අයට හැකි නම් ඔප්පු කරන ලෙසයි.

ඇය මේ බව පවසා තිබුණේ ෆේස්බුක් සටහනක් තබමිනි. එම ෆේස්බුක් සටහන පහතින්,

Rate this item
(2 votes)