May 09, 2024

චන්දිමාල්ගේ මව ඇතුළු පවුලේ කිහිපදෙනෙකු අත්අඩංගුවට

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් කොළඹ ෂැංග්‍රිලා හෝටලයකදී පැවැත්වූ සාදයට සහභාගි වූයේ යැයි කියන එහි ප්‍රධාන සංවිධායක ප්‍රසිද්ධ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ මහතාගේ මව, නැගණිය සහ රියදුරා ඇතුළු පුද්ගලයන් හය දෙනකු අත් අඩංගුවට ගත් බව මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ෂණ ඒකකය කියයි.

මෙම පිරිසට ප්‍රසිද්ධ කලා පවුලක සාමාජිකාවක සහ ඇයගේ සැමියා සහ තවත් පුද්ගලයකු ඇතුළත් බවත් එම පිරිස කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය කියයි.

මෙම පුද්ගලයන් හයදෙනා අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

Rate this item
(0 votes)
Last modified on Friday, 04 June 2021 12:50

Related items