May 03, 2024

"ජීවිතේ පිටිපස්ස හැරිලා බැලුවොත් මට වැරදුණා" - පියුමි හංසමාලි සංවේදී වෙමින් කියූ කතාව (VIDEO)

December 21, 2021

පියුමි හංසමාලි කියලා කියන්නේ අපේ රටේ නිතරම කතා බහට ලක්වෙන නිතරම ගොසිප් මවන නිරූපණ ශිල්පිනියක්. ඉතින් ඒ වගේම පියුමි හංසමාලි කියලා කියන්නේ වෘත්තියෙන් නිරූපණ ශිල්පිනියක් මෙන්ම දක්ෂ රංගන ශිල්පිනියක් වුනත් මේ වනවිට ආදරණීය මවක්ද වනවා. කොහොම නමුත් ඇය දැන් මේ කලා ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දහයක් පමණ වනවා.

ඉතින් ඒ වගේම සරාගී නිරූපණ ශිල්පිනියක් විදිහටත් කා අතරත් අතිශයින්ම කතා බහට ලක්වෙන චරිතයක් තමයි පියුමි හංසමාලී කියලා කියන්නේ. කොහොම නමුත් ඇයගේ කාලෙන් කාලෙට එන ඡායාරූපයන් නිසාම සමාජ මාධ්‍ය තුළ  ඇය ප්‍රචලිත චරිතයක් කිවුවොත් හරියටම හරි. 

ඉතාමත් විවෘතව තමන්ට අවශ්‍ය දේ පවසන ඇය සමාජයෙන් එන නොයෙකුත් කකතන්දර ඉවසා ගෙන සිටින බොහොම ශක්තිවන්ත කාන්තාවක් කියලා කිව්වොත් නිවැරදියි. හැමෝම දන්න විදිහට පියුමි කියන්නේ හොඳ ආදරණීයම මවක්. සිය දරුවාගේ වගකීම් නොපිරිහෙලා ඉටු කරමින් ඉතාමත් ආදර්ශමත් මවක් විදිහට පියුමි කටයුතු කරනවා.

සමාජ මාධ්‍ය තුළ විටින් විට ඇය ගැන විවේචන එල්ල වුණත් බහුතරයක් සිටින්නේ පියුමි ඉතාමත් සාධාරණයක් කාන්තාවක් කියන තැන.ඉතින් පහුගිය දිනක ඇය යූටියුබ් සමාජ මාධ්‍ය නාලිකාවක් සමගින් සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් බොහොම අපූරු අදහස් ටිකක් හුවමාරුව කරගෙන තිබුණා

එම වීඩියෝව පහතින්,

 

Rate this item
(0 votes)

Related items