May 03, 2024

දියණියකගේ සුරතල් බලාපොරොත්තුවෙන පියුමි හංසමාලි

November 29, 2021

මම වෙනස් විදිහේ මවක් කියලා මට හිතෙනවා. හැම අම්මා කෙනෙක්ම තමන්ගේ දරුවන්ට ආදරෙයි. මමත් ඒ විදිහටම මගේ දරුවාට ආදරෙයි.

මම කොයි මොහොතකවත් විශ්වාස කරන්නේ නැහැ කිසිම කාන්තාවක් දරුවා වෙනුවෙන් සැමියාගෙන් ගුටි කාගෙන ඉන්න ඕන කියල. නමුත් එහෙම ඉන්න ඕන අයට ඉන්න පුළුවන් ඒක තමන්ගෙ කැමැත්ත හැබැයි මම නම් එහෙම ඉන්නේ නැහැ. එහෙම එක්ස්පීරියන්ස් එකක් මමත් ලබලා තියෙනවා.

මේ විදියට කියන්නේ අපි හැමෝම ආදරය කරන ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි. පසුගිය දිනක ගුවන් විදුලි නාලිකාවක්  මෙහෙයවන වැඩසටහනකට එක්වෙමින් මේ අදහස් පළ කර තිබුණා.

රටේ චෝදනාවට ලක් වූ කාන්තාවක් හැටියට වගේම බොහෝ දෙනෙක් විවේචනය කරද්දී තවත් පිරිසක් ඇයව අනුකරණය කිරීම ගැන වගේම සමහර පිරිස් සංස්කෘතිය ගැන කතා කරද්දී ඒ ගැන ඇයට හිතන විදිය ගැන ඇහුවම පියුමි දීලා තිබුනේ මෙන්න මේ වගේ පිළිතුරක්.

“මම සංස්කෘතිය විනාශ කරල නැහැ මම කරන්නෙ ෆැෂ්න් ඒක මුළු ලෝකෙම කරන දෙයක්. මේකේ මම විතරක් කරනවා නම් මම හිතන්නේ මම වැරදියි. ලස්සනට ඉන්න කැමති හැම කාන්තාවක්ම ෆැශන්  කරනවා. එක බලාගෙන ඉන්න බැරි අය තමයි මේ විදිහට මඩ ගහන්නේ.

ඒ වගේම ආදරය ගැන ඇය මෙන්න මේ විදිහටයි කිව්වේ ..

“ආදරේ කියන දේ මම හොඳටම වින්දා.. හැබැයි දැන් මම ආදරේ කියන දේ මගේ ජීවිතෙන් අයින් කරලා තියෙන්නේ. එක ගැන මම කතා කරන්න කැමති නෑ මොකද ආදරෙ ගැන මට ලොකු කළකිරීමක් තියෙන්නෙ මගේ ජීවිතේදී. ආදරය කියන්නේ බොරුවක්.

මම ආසයි දවසක ආයෙත් මැරි කරලා දුවෙක් හදන්න. එතකොට මගේ පුතාට නංගි කෙනෙක් ඉන්නවා එයා තනි වෙන්නේ නැහැ. මැරි කරත් ලංකාවේ කෙනෙක් වන මැරි කරන්නේ නැහැ.

Rate this item
(1 Vote)