May 03, 2024

"කිරිගරුඩ රූපෙට කෙල හැලුව මේ නරි රැල" - පියුමි මුහුණු පොතේ පළකළ අමුතු සටහන

November 13, 2021

පියුමි හංසමාලි කියලා කියන්නේ වර්තමානය වන විට සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ දෙනෙක්ගේ මාතෘකාවක් බවට පත් වූ කෙනෙක්. ඇය නිරූපණ ක්ෂේත්‍රයෙන් නිරූපිකාවක් විදියට තමයි ප්‍රසිද්ධ වෙන්නේ. ආදරණීය පුතෙකුගෙන් දයාබර මවක් වන පියුමි තනියෙන් ජීවිතය නැගිටින්න හදන කාන්තාවක් විදිහට තමයි බොහෝ දෙනෙක් හඳුන්වන්නේ.

පසුගිය දවස්වල පියුමි පිළිබඳව සමාජ මාධ් තුළ වැඩි වශයෙන් කතා බහ කරන්නට පටන් ගත්තේ ඇගේ හොඳම මිතුරා වන චන්දිමාල් ජයසිංහගේ උපන්දින සාදයට සහභාගි වීම සහ පසුගිය දිනක ඔවුන් විසින් පවත්වපු නිල් සාදය නිසයි. කෙසේ නමුත් විනෝදයට බර පියුමි හොඳට ඇදලා කරලා නටලා ඉන්න තමයි කවදත් ආස කලේ.

ජීවිතේ එක්තරා අවස්ථාවක නොසිතූ විදිහට ජීවිතය පරාද වුනත්  එතැනින් නැගිට තමන්ගේ දරුවාව තැනින් තැන යවන්නේ නැතුව ආදරයෙන් බලා ගන්නා ඇය මේ වන විට විවිධ සමාජ සේවා කටයුතු වලත් වල නිරත වෙලා ඉන්නවා. දුප්පත් ළමයින් පාරේ ඉන්නවනම් ඔවුන් ආස කරන කන්න කැමති දේවල් අරන් දෙන්න පියුමි දෙපාරක් හිතන්නේ නැහැ. ඉතින් එවැනි ආකාරයේ ඡායාරූප කීපයක් ම පසුගිය දවස් වල මුහුණ පොත හරහා සැරිසැරුවා.

ගොඩක් දෙනෙක් පියුමි හන්සමාලිට විවිධ චෝදනා එල්ල කරන්නේ හරියට ඇඳුමක්වත් අඳින්න දන්නෙ නැහැනෙ කියන දේ මූලික කරගෙන. නමුත් පියුමි නං කියන්නේ හොඳට ඇදලා කරලා ඉන්න ඕනි කාලේ ලස්සනට ජීවත් වෙන්න ඕනේ කියලයි. ඒ වගේම ශ්‍රී ලංකා වගේ රටක බොහෝ දෙනෙක් ඇඳුම් වලට විවේචනය කරනවා කියලත් ඒ වගේම තව කෙනෙකු ප්‍රසංසා කරන්න කැමති නැහැ කියලත් ඇය කීප අවස්ථාවකදිම සඳහන් කරලා තිබුනා.

පසුගිය දිනක සමාජ මාධ්‍ය වලත් හැමතැනම මාතෘකාවක් බවට පත් වුණු පියුමි පිළිබඳව නොයෙක් දේවල්  නිර්මාණය වුණා. ඉතින් ඒ සියල්ලටම තනි පිළිතුරක් වශයෙන් හරි අපූරු නිසදෙසක් පියුමි විසින් මුහුණු පොතට එකතු කරනවා. එහි ප්‍රධාන පද පේලි කීපයක් පහතින් දක්වා ඇත.

කිරිගරුඩ රූපෙට කෙළ හැලුව මේ නරි රැල  – කියද්දී තළු මර මරා  

වින්ද හැටි නුඹ ගාව කම්සැප  –  අනේ මුන් පිරිමි ද ඇත්තටම

ඇය මේ ආකාරයේ නිසදෙසක් තමන්ගේ මුහුණු පොතේ උපුටා දක්වන්නේ ඒ තුළින් ඇගේ ජීවිත කතාව ද හෙළි වන නිසා විය හැකිය. කෙසේ නමුත් තනියම ජීවිතය දිනන්නට සැනසෙන මේ සොඳුරු කලාකාරිනියගේ ජීවිතය සාර්ථක වේවායි අපි හදවතින්ම සුබ පැතුම් එක් කරන්නෙමු.

Rate this item
(0 votes)