May 03, 2024

"තම්බපු ඉස්සෝ වගේ සුදු වෙලා පට්ටපල් බොරු කියනවා" - පියුමි, නතාෂා එක්ක පැටලෙයි

December 24, 2021

නතාෂා පෙරේරා කියන්නේ කුඩා කාලයේ ඉඳන්ම බොහෝ දෙනාගේ ආදරය දිනාගත්ත ඉතාමත් ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම ගායන ශිල්පිනියක්. “සුළඟක් වී මං යනවා“ ගීතයෙන් බොහෝ දෙනා අතර ජනප්‍රියත්වයට පත් වූ ඇය මේ වෙද්දි නීතිඥවරියක් ද වනවා.

පසුගිය දිනක ඇය යූටියුබ් සමාජ මාධ්‍ය වැඩසටහනකට එක් වී තිබුණා. එහිදී බොහෝ දෙනාගේ අවධානය දිනා ගත්තේ ඇයගේ ලස්සන වීමේ රහසයි.

එහිදී ඇය පවසා තිබුනේ කෘතිම කිසිවක් ඒ සඳහා භාවිතා නොකරන බවත් කහ සහ සුදු හඳුන් පමණක් සිය සුන්දරත්වය පවත්වාගෙන යාම සඳහා භාවිතා කරන බවයි.

කොහොම නමුත් මේ ප්‍රකාශය සම්බන්ධයෙන් ජනප්‍රිය නිරූපණ ශිල්පිනී පියුමි හංසමාලි අදහස් දක්වා තිබුණා.

ඒ සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබමින්.

එහි සඳහන් වූයේ මෙවැන්නක්.

”කාවද මෙ රවට්ටන්නේ ඇය කෙතරම් ලස්සනද? එත් බලන්නකො කියන පට්ට පල් බොරු.. ලැජ්ජා නැද්ද මෙහෙම බොරු කියන්න ඔය කියන දෙවල් වලට ඔහොම සුදු වෙනවා නම් මොනා කරන්න බැරිද. Australia වල එහෙම තියනවා whiting Injections එවා use කරාම නම් තම්බපු ඉස්සො වගෙ සුදු වෙනවා whiting Cream use කරාම නම් මෙ මගෙ වගෙ Color එකක් එනවා . ඒකයි ඇත්ත තමන්ට ආදර කරන fans ලා ඉන්නවා නම් එ ආදරනිය fans ලාට බොරු කියන්න එපා මොකද සැම කාන්තාවක්ම ආසයි ලස්සන වෙන්න ලස්සනට ඉන්න එක හැම කෙනෙක් ගෙම dream එකක් නොමැරෙන මිනිසුන් ලෙස ජිවත් වන්නට එපා. ජිවත්ව ඉන්න කාලයේ සත්‍යය පමණක් පවසන්න. පුලුවන් සැම මොහොතකම වචනයකින් හො තව කෙනෙකුට පිහිටක් වන්න පට්ට පල් බොරු නොකියා 

sorry darling මොකද මට බොරුව පෙන්න බැ..”

එම වීඩියෝව පහතින්..

Rate this item
(0 votes)
Last modified on Thursday, 23 December 2021 20:59