May 09, 2024

චන්දිමාල්ගේ පාටියට ගිය පියුමි හංසමාලි ඇතුළු පිරිසක් නිරෝධායනයට රැගෙන යයි

පසුගිය මැයි මාසයේ 30 වැනිදා නිරෝධායන නීතිය සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් කොළඹ තරු 5හේ හෝටලයක පැවැති උපන් දින සාදයට සහභාගී වූ පියුමි හංසමාලි ඇතුළු පිරිසක් වහාම නිරෝධායනය සඳහා යොමුකර තිබේ.

පසුගිය 31 වැනිදා නිරූපන ශිල්පිනියක් සහ රංගන ශිල්පිනියක් වන පියුමි හංසමාලි යන අයව නිරෝධායන නීති උල්ලංඝනය කිරීමේ වරදට අත්අඩංගුවට ගෙන අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත නිදහස් කර තිබුණි.

මෙම සාදය පැවැත්වූ සුපිරි හෝටලයේ තිබූ සිසිටීවී දර්ශන හරහා මෙම සාදයට සහභාගී වූ තවත් 25 දෙනෙකු තොරතුරු අනාවරණය කරගැනීම කොටුව පොලිස් ස්ථානයට හැකි වූ අතර එම පිරිසගෙන් 13 දෙනෙකු මේ වන විට හඳුනාගෙන අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම අත්අඩංගුවට ගත් පිරිස සහ පියුමි හංසමාලි යන අයව දියතලාවේ පිහිටි නිරෝධායන කඳවුර වෙත අද (02) දිනයේ දී රැගෙන ගොස් තිබේ.

සිදුවීමට ඉතිරි පිරිස සොයා පොලිස් පරික්ෂණ තවදුරටත් ක්‍රියාත්මකව පවති.

Rate this item
(0 votes)
Last modified on Wednesday, 02 June 2021 19:44