May 20, 2024

චන්දිමාල්ගේ උපන්දින පාටියේ සිටි තවත් 06 දෙනෙකු අල්ලයි

පසුගිය 30 වැනිදා කොළඹ තරු 5හේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් 6 දෙනෙක් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පිරිස අතර පිරිමි අය 05 දෙනෙකු හා 1ක් කාන්තාවක් සිටින බව සඳහන්.

සාදය පැවැත්වූ තරු 5හේ හෝටලයේ සිසිටීවි දර්ශන මඟින් මෙම පිරිස හඳුනාගෙන තිබෙන අතර එම සාදයට තවත් 25 දෙනෙකු පමණ සහභාගී වී තිබුණි. ඉතිරි පිරිසත් සොයා පොලිස් පරික්ෂණ ක්‍රියාත්මක බවත් සඳහන්.

ඊයේ (31) දිනයේ දී මෙරට තුළ බලාත්මක කර ඇති නිරෝධායන නීතිය සහ සංචරණ සීමා උල්ලංඝනය කරමින් උපන්දින සාදයක් පැවැත්වූ බවට චෝදනා කරමින් එම සාදය සංවිධානය කළ ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී චන්දිමාල් ජයසිංහ සහ රංගන ශිල්පිනියක වන පියුමි හංසමාලි යන අයව අත්අඩංගුවට ගන්නා ලදී.

ඔවුන්ව කොළඹ, අලුත්කඩේ උසාවියට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප මත නිදහස් කළේය.

Rate this item
(0 votes)