May 09, 2024

පියුමි හංසමාලි නිරෝධාන මධ්‍යස්ථානයේ ඉඳන් යළිත් චමුදිතට දෙහි කපයි (VIDEO)

පියුමි හංසමාලි ඇතුලු කණ්ඩායම නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කිරීම හේතුවෙන් පසුගියදා පියුමි හංසමාලි තම සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රසිද්ධ කරනු ලැබූ වීඩියෝව බොහෝදෙනාගේ කතා බහට ලක්වුණා. එහිදී ඇය වැඩි වශයෙන් චෝදනා කර සිටියේ මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමටය.

ඒ කාරණාව හේතුවෙන් පියුමි හංසමාලි සහ ජනමාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම පිළිබඳව මේ දිනවල සමාජ මාධ්‍ය තුළ විශාල කතාබහක් ඇතිව තිබෙනවා.

පියුමි ඇතුළු පිරිසක් පසුගියදා බණ්ඩාරවෙල නිරෝධායන මධ්‍යස්ථානයකට රැගෙන යන අවස්ථාවේදී පියුමි ලයිව් වීඩීයෝවක් මගින් චමුදිතට බැණ වැදුනා. කෙසේනමුත් අද උදෑසන රූපවාහිනී වැඩසටහනකදී චමුදිත එම ප්‍රකාශන්ට පිළිතුරු ලබා දුන්නා. නැවතත් පියුමි ෆේස්බුක් ලයිව් මගින් චමුදිතට තවත් චෝදනා රැසක් ඉදිරිපත් කර තිබෙනවා.

නමුත් එදා තිබූ ආවේගය මෙම වීඩියෝව තුළ දක්න්ට ලැබුණේ නැහැ. පියුමි පවසන්නේ නිරෝධායන මධ්‍යස්ථානයේ සිටින හමුදා නිලධාරීන් ඇතුළු පිරිස තමා ඇතුළු සියළු දෙනාව හොඳින් බලාගන්නා බවත් එම නිසා එදා තිබූ ආවේගය සැනෙකින් පහව ගිය බවයි. එහිදී ඇය තවත් බොහෝ කරණා එළිකරනු ලබනවා.

Rate this item
(1 Vote)

Related items