April 27, 2024

පුෂ්පිකාගේ ඔටුන්න ගැලවූ චූලා අද CID යට : එලියට ඇවිත් කියපු විහිලුවේ කතාව

මතභේදයට තුඩුදුන් විවාහක රූ රැජන පුෂ්පිකා ද සිල්වාගේ ඔටුන්න ගැලවූ චූලා පත්මේන්ද්‍ර අද (2) අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට කැඳවා තිබුණා.

චූලා පත්මේන්ද්‍ර වෘත්තියෙන් මෝස්තර නිරූපණ ශිල්පිනියක්.

මාධ්‍යවේදියා ගැන ප්‍රශ්න කිරීම

ඇයට කැඳවීම කර තිබුණේ උදෑසන 9:30ට පැමිණෙන ලෙසටයි.

ඒ අනුව අපරාධ විමර්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගිය ඇය ඉන් පිටතට පැමිණ මාධ්‍ය අමතා කැඳවීමට හේතුව හෙළිදරව් කළා.

තමන්ව එහි කැඳවූයේ කීර්ති රත්නායක නම් මාධ්‍යවේදියාව හඳුනන්නේ කෙසේදැයි ප්‍රශ්න කිරීමට බවයි ඇය සඳහන් කරන්නේ.

අපරාධ විමර්ශන දෙපාර්තමේන්තු නිලධාරීන් දිගින් දිගටම ප්‍රශ්න කළේ එය බව සඳහන් කරන චුලා මනමේන්ද්‍ර විවාහක රූ රැජින සිද්ධිය සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා කීර්ති රත්නායක තමාට දුරකථනයෙන් කතා කළ බවද හෙළිදරව් කළා.

විදෙස්ගත මාධ්‍යවේදීන්

ඒ කලින් දැන ගැනීමක් මත නොව පොදුවේ අන් මාධ්‍යවේදීන් මෙන්ම ඔහුද කතා කළ බව සඳහන් කරන චුලා මනමේන්ද්‍ර තමන් ඔහුවත් දැකවත් නැති බවත් පෙන්වා දෙනවා.

කීර්ති රත්නායක පමණක් නොව විදෙස්ගත මාධ්‍යවේදීන්ද මේ සිද්ධිය සම්බන්ධයෙන් තමන්ට කතා කළ බවයි ඇය අනාවරණය කරන්නේ.

විමර්ශන දෙපාර්තමේන්තුව ප්‍රශ්න කළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීමෙන් අනතුරුව ඇය තවත් කතාවකුත් කිව්වා.

ඒ පසුගිය ජනාධිපතිවරණය සම්බන්ධයෙන්.

ජනපතිවරණය ගැන කතාව

දුරකථන ඇමතුමක් සම්බන්ධයෙන් මෙසේ ප්‍රශ්න කිරීමට කැඳවීම විහිලුවක් බව පෙන්වා දෙන ඇය ගෝඨාභය රාජපක්ෂ මහතා ජනපති කිරීමට තමන්ද ගොඩක් මහන්සි වූ බවයි සඳහන් කරන්නේ.

කීර්ති රත්නායක මේ වන විට එක්තරා වෙබ් අඩවියක පළ කළ ලිපියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව අත් අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත තබාගෙන සිටිනවා.

ඔහු එම ලිපිය පළ කර තිබුණේ ත්‍රස්ත ප්‍රහාරයක් සම්බන්ධයෙන්.

Rate this item
(0 votes)
Last modified on Saturday, 02 October 2021 15:30

Related items