April 27, 2024

රූ කිරුළේ තවත් අවුලක්! හොර රහසේ ලංකාවට අහිමි වූ දේ

විවාහක රූ කිරුළ සම්බන්ධයෙන් පසුගිය කාලය පුරාවට විවිධ ආන්දෝලනාත්මක පුවත් බොහෝමයක් වාර්තා වුණා.

පසුගිය අප්‍රේල් මාසයේ 04 වැනිදා නෙළුම් පොකුණ රඟහලේ පැවැති මෙම විවාහ රූ රැජින කිරුළෙන් ජය ගැනීමට පුෂ්පිකා ද සිල්වා මහත්මිය සමත් වුණා.

ඒ අනුව ඇය ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සඳහා ද ශ්‍රී ලංකාව නියෝජනය කිරීම සඳහා අවස්ථාව උදා කරගත්තා.

මෙම ලෝක විවාහක රූ රැජින තරඟාවලිය මෙවර පැවැත්වීමට තිබුණේ ශ්‍රී ලංකාව තුළයි. කෙසේ වෙතත් එම අවස්ථාව ශ්‍රී ලංකාවෙන් ගිලිහි ගොස් ඇති තිබෙන බවට වාර්තා වෙනවා.

ඒ අනුව පසුගිය ජූලි මස 26 වැනිදා ලෝක විවාහක රූ රැජින තරඟාවලිය පවත්වනු ලබන ආයතනය විසින් නිකුත් කළ ලිපියක දැක්වෙන්නේ මෙරට පවතින කොරෝනා වසංගත අර්බුදය හමුවේ අදාල තරඟාවලිය ශ්‍රී ලංකාව තුළ නොපවත්වන බවයි.

ඒ වෙනුවට නව ලෝක විවාහ රූ රැජින තරඟාවලිය පැවැත්වීමට අමෙරිකාවේ ලාස් වේගස් නගරය තෝරාගෙන තිබෙනවා.

තරඟාවලිය මෙරටදී පැවැත්වීමට නොහැකි වීම සම්බන්ධයෙන්ද එම ආයතනය විසින් සිය කණගාටුව ප්‍රකාශ කර තිබුණා.

අදාළ මාධ්‍ය නිවේදනය පහතින්,

Rate this item
(1 Vote)
Last modified on Monday, 02 August 2021 20:31

Related items