April 20, 2024

කැරොලයින් ජූරිගේ කිරුළත් වෙන කෙනෙකුට දමයි - නව ලෝක විවාහක රූ රැජින මෙන්න Featured

පසුගිය අප්‍රේල් මස 04 වැනිදා පැවැති ශ්‍රී ලංකා විවාහක රූ රැජින 2020 තරඟාවලිය අතර ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීමට සම්බන්ධ වීමෙන් පසුව 2019 ලෝක විවාහක රූ රැජින ලෙස පත්වූ කැරොලයින් ජූරි සිය කිරුළ ගලවා තමන් විවාහක ලෝක රූ රැජින කිරුළන් ඉවත් වෙන බව පැවසීය.

ඒ අනුව ඇයගේ ඉල්ලා අස්වීම ලෝක විවාහක රූ රැජින තරඟාවලිය සංවිධානය කරන ලබන ආයතන විසින් පිළිගෙන තිබේ.

එම ආයතනය ලිපියක් මඟින් පවසා ඇත්තේ කැරොලයින් සිය ස්ව කැමැත්තෙන් ඉල්ලා අස් වූ බවත් ඇයගේ ඉදිරි ජීවිතයට සුබ පැතුම් එක් කරන බවයි.

එමෙන්ම එම ආයතනය වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කැරොලයින් විවාක රූ රැජින කිරුළෙන් ඉවත් වූ පසුව 2019 ලෝක විවාහක රූ රැජින කිරුළ අයර්ලන්තයෙන් තේරී පත් වූ තරඟාවලියේ දෙවැනියා හට පිරිනමන බවයි.

ඒ අනුව 2019 නව ලෝක විවාහක රූ රැජින ලෙස අයර්ලන්ත ජාතික කේට් ගැලිගන් තේරීපත්ව තිබේ.

Miss World Inc වෙතින් නිකුත් කළ ලිපිය පහතින්,

නව විවාහක රූ රැජිනගේ ඡායාරූප පහතින්,

Rate this item
(0 votes)
Last modified on Wednesday, 21 April 2021 08:01

Related items