May 19, 2024

මුරුත්තෙට්ටුවේ හිමිට මරණ තර්ජනයක් (VIDEO)

මරණ තර්ජන එල්ල කරමින් තමන්වහන්සේ හට ලිපියක් ලැබී ඇති බව නාරාහෙන්පිට අභයාරාමාධිපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසනවා.

වැඩිය කෑගැහුවොත් ජීවිතයට අනතුරක් සිදුකරන බවට තර්ජනය කරමින් මෙම ලිපිය ලියා ඇති බවට යි උන්වහන්සේ අනාවරණය කළේ.

අභයාරාමයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ජාවකට එක්වෙමින් උන්වහන්සේ ‌මේ බව ප්‍රකාශ කළා.

තමන්වහන්සේ එම තර්ජන වලට බය ඇති පුද්ගලයෙකු නොවන බවයි උන්වහන්සේ අවධාරණය කළේ.

කොළඹ ආශ්‍රිතව ඇති ඉඩම් පවරා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ආනන්ද හිමියන් මේ බව සඳහන් කර සිටියා.

Rate this item
(1 Vote)
Last modified on Wednesday, 02 June 2021 11:12

Related items