May 19, 2024

අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට කටයුතු නොකළහොත් මේ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරනවා

අඩුපාඩු හදාගෙන ඉදිරියට යාමට කටයුතු නොකළහොත් මේ ආණ්ඩුව පලවා හැරීමට කටයුතු කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියෝ සඳහන් කරති.

මේ ආන්ඩුව බලයට ගෙන ඒමට පැවිදි හඩ සංවිධානය කටයුතු කළේ කිසිදු වරදානයක් හෝ තනතුරක් බලාපොරොත්තුවෙන් නොවන බව ද එකම බලාපොරොත්තුව වූයේ රට ජාතියට හිතකර ආණ්ඩුවක් පත් කර ගැනීම බවද උන්වහන්සේ පැවසූහ.

ආණ්ඩුව බිහි කිරීමට මුල් වූ අය වෙනුවට වෙනත් අයගේ උපදෙස් අනුව අද ආණ්ඩුව කටයුතු කරන බව පෙනෙන්නට ඇතැයි ද උන්වහන්සේ පැවසූහ.

නාරාහේන්පිට අභයාරාමයේදී පැවැති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ මේ බව කියා සිටියහ.

Rate this item
(0 votes)

Related items