දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා හදිසියේම යළිත් අසනීප වීම නිසා මේ සතියේදී එම පක්ෂය විසින් ගැනීමට නියමිතව තිබූ තීරණ ගැනීම නවතා දමා තිබේ.
වෛද්‍ය උපදෙස් මත දෙමළ ජාතික සන්ධානයේ නායකයාට දින කීපයක් විවේකීව ප‍්‍රතිකාර ගැනීමට සිදුව ඇති නිසා පක්ෂයේ කටයුතු මෙහෙයවීම මාවෙයි සේනාධිරාජා මන්ත‍්‍රීවරයා වෙත භාර දී තිබේ.
දෙමළ ජාතික සන්ධානය විසින් පසුගිය මස අග කොළඹදී පවත්වන ලද විශේෂ සාකච්ඡාවේදී ගන්නා ලද තීරණ ක‍්‍රියාත්මක කිරීම මේ සතියට නියමිතව තිබුණි.
ඒ අතර ප‍්‍රධාන තැනක් ගෙන තිබුණේ දෙමළ ජාතික සන්ධානය සඳහා ප‍්‍රකාශකවරයකු පත් කිරීම හා ජාතික සංවිධායකවරයකු පත් කර ගැනීමයි.
ඒ සඳහා පසුගිය 22 දා තවත් සාකච්ඡුාවක් කොළඹදී පැවැත්වීමට නියමිතව තිබූ නමුත් සම්බන්ධන් මන්ත‍්‍රීවරයා හදිසියේම අසනීප වීම නිසා එම සාකච්ඡුාව එදින අත්හිටුවා මේ සතියේදී පැවැත්වීමට තීරණය කොට තිබුණි.
සම්බන්ධන් මන්ත‍්‍රීවරයාගේ අසනීප තත්ත්වය වැඩි වීම නිසා මේ සතියේ දෙමළ ජාතික සන්ධානයේ තීන්දු තීරණ ගන්නා සාකච්ඡා දින නියමයක් නොමැතිව කල් දමා තිබේ.