May 02, 2024
Main

Main (651)

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්  හට මෙරටට පැමිණීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඔවුන් ඉල්ලා සිටියි.

එලෙස පැමිණීමට හැකිවුවහොත් මෙරට සිදු කරන සෞඛ්‍ය අංශවල ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන බවට ඔවුන් පොරෙන්දු වී ඇති බව මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන මහේන්ද්‍ර රණසිංහ මහතා පැවසීය.

මේ වන මාලදිවයිනේ ඇති සංචාරක හෝටල් 145කින් 100කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව වාර්තා වේ.

එලෙස සංචාරක හෝටල් වසා දැමීම හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකික සේවයින්ගේ වැවටුප් කප්පාදුවීම්, රැකියා අහිමිවීම් සහ වැටුප් රහිත නිවාඩු ලැබීම්වලට ලක්වෙමින් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඇතැම් ශ්‍රී ලාංකියන් හට නවාතැන් පහසුකම් හා කෑම් බීම් ලබා ගැනීමට ද පවා  නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මෙම පිරිසගේ එකම බලාපොරොත්තුව වූයේ යළි දිවයින්ට වෙත යාම වුවත් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලංකාවේ ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු  සුන්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසිපාල සිරිසේන මහතා පවතින කොරෝනා වසංගත තත්ත්වය සම්බන්ධයෙන් පක්ෂනායක රැස්වීම්වලදී නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම ගැටලු සහගත හා ප්‍රශ්නකාරී තත්ත්වයක් බව එම රැස්වීම් වලට සහභාගි වූ ඇතැම් පිරිසකගේ මතය වී තිබේ.

කොරෝනා වසංගතයේ පිළිබඳ සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් හා ආරාධනයෙන් පැවති පක්ෂ නායක රැස්වීම් දෙකටම සිරිසේන මහතා සහභාගී වූ අතර එහිදී ඔහු අග්‍රාමාත්‍යවරයා ආසන්නයේම අසුන්ගෙන ඇති මුත් කිසිදු අදහසක් ඉදිරිපත් කොට නොමැත.

ඔහු ජනාධිපතිවරයා වීමට පෙර හිටපු සෞඛ්‍ය අමාත්‍යවරයා වූ අතර ඒ නිසාම පවතින අර්බුදය සම්බන්ධයෙන් යම් දායකත්වයක් දැක් විය හැකි බවද එහෙත් එවැන්නක් ඔහු තුළින් පිළිබිඹු නොවීම කණගාටුවට කරුණක් බව පක්ෂ නායකයකු ඒෂියන් මිරර් වෙත අදහස් දක්වමින් සඳහන් කළේ ය.

කටුනායක ගුවන්තොටුපළේ පවිත්‍රතා කටයුතු සිදුකරන පුද්ගලික ආයතනයක 43 හැවිරිදි සේවිකාවක්ද කොවිඩ් ආසාදිතයකු ලෙස හඳුනාගෙන තිබේ.

මීට සතියකට පමණ පෙර ඇතිවූ රෝගී තත්වයක් මත ඇය ගුවන්තොටුපළ පරිශ්‍රයේ ඇති වෛද්‍ය මධ්‍යස්ථානයෙන් ප්‍රතිකාර ලබාගෙන තිබුණි.

කටුනායක ඇවරිවත්ත ප්‍රදේශයේ පිහිටි නේවාසික නවාතැන්පලේ රැදී සිටි ඇය දින කිහිපයකට පෙර ඇවරිවත්ත,ශෛලබිම්බාරාම විහාරස්ථානයට ගොස් බෝධි පූජා පැවැත්වූ බව සඳහන්ය.

පසුව ඉකුත් දින කිහිපය පුරා රැකියාවටද ගොස‍් ඇති ඇයට යළිත් රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා නේවාසිකාගාරයේ රැදී සිටි අයෙක් ඒ පිළිබදව පොලිසියට දැනුම් දී තිබුණි.

ඒ අනුව එහි පැමිණි මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇයව ඊයේ උදෑසන මීගමුව මහ රෝහල වෙත ඇතුලත් කිරීමට පියවර ගත් අතර පසුව සිදුකළ වෛද්‍ය පරික්ෂණ වලින් ඇය කොවිඩ් 19 වෛරස ආසාදිතයෙක් බව තහවුරු වී තිබේ.

මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරීන් අද පෙරවරුවේ ඇයගේ නවාතැන්පලට පැමිණ එය විෂබීජහරණයට ලක් කිරීමෙන් පසු නිරෝධායනට ලක්වන නිවසක් ලෙසට නම් කරනු ලැබුවේය.

වෛරස් ආසාදිත කාන්තාව භාණ්ඩ මිලදී ගැනීමට පැමිණි වෙළදසැළ පිහිටි නිවසේ පිරිසට සහ  ඇය බෝධි පූජා තැබීමට පැමිණි ඇවරිවත්ත,ශෛලබිම්බාරාම විහාරස්ථානයේ වැඩවසන භික්ෂූන් වහන්සේ ඇතුලු සෙසු පිරිසටද  දින 14ක කාලයක් ස්වයං නිරෝධානයට යොමු වන්නැයි නිර්දේශ  කර තිබේ.

වෛරසය ආසාදනය වීම සීමා කර ගැනීම සඳහා ඖෂධීය ශාක පත්‍ර යොදාගෙන දුම් ඇල්ලීම පිළිබඳව කොවිඩ් 19 සඳහා වන පර්යේෂණ කණ්ඩායම ඒකමතිකව තීරණයක් ගෙන ඇති බව එහි ප්‍රධානී විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මෙසේ ද පැවසීය.

"වෙනිවැල් ගැට හා කොත්තමල්ලි ගැන විද්‍යා තාක්ෂණ අමාත්‍යාංශය කරන ලද පරීක්ෂණ දැන ගන්න ලැබුණා. බැක්ටීරියා ආසාදනය සඳහා කොත්තමල්ලිවල ඇති වටිනාකමත් වෛරස් ආසාදනයන් සඳහා වෙනිවැල්ගැටවල තියෙන ප්‍රයෝජනයත් පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. කොවිඩ් 19 සඳහා පර්යේෂණ කණ්ඩායමක් පත් කරලා තියෙනවා..එහි ප්‍රධානත්වය දරන්නේ මම. එම කමිටුව ඒකමතිකව තීරණය කළා දුම් ඇල්ලීමේ ඇති වැදගත්කම පිළිබඳ.“

“චීනේ අය උණුවතුර බීමත් දුම් ඇල්ලීමත් විවිධ ක්‍රමවලට පාවිච්චි කරනවා අපි දකිනවා. ඒ නිසා එහි වටිනාකම තහවුරු කරන්න අපි දැනට පර්යේෂණ ගණනාවක් ආරම්භ කරලා තියෙනවා. එතෙක් පර්යේෂණ කණ්ඩායමක් ලෙස ඒකමිතිකව තීරණය කළා ඖෂධීය කොළ වර්ග යොදා නිවසේ සිට සිදු කරන දුම් ඇල්ලීම. එහිදී ඇස් ආරක්ෂා කරගෙන ඉරියව්ව පවත්වා ගැනීම ඉතාම වැදගත්." යැයි වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා වැඩිදුරටත් පැවසී ය.

කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතික්‍රියා කළ හැකි එන්නතක් නිපදවීමේ හැකියාවක් ඇති බව ඇමරිකාවේ පිට්ස්බර්ග් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාලයේ පර්යේෂණ කණ්ඩායමක් ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මීයන් යොදා ගනිමින් සිදුකළ මූලික පරීක්ෂණවලින් ඒ පිළිබද තහවුරු වී ඇති බව ඔවුන් පවසා ඇත.

පිට්කොවැක් ලෙස පර්යේෂකයන් මෙම මූලික ආකෘති එන්නත නම් කර ඇති අතර, සති දෙකක් තුළ නව කොරෝනා වෛරසයට එරෙහිව ප්‍රතිදේහ නිපදවීමේ හැකියාවක් එම එන්නතට පවතින බව එම පර්යේෂකයන් පෙන්වා දී තිබේ.

මේ අතර, කොරෝනා වෛරසයට එරෙහිව ස්ට්‍රොමෙක්ටෝල් හෙවත්, අයිවමෙක්ටින් නමැති ඖෂධය භාවිතයට ගත හැකි බව  ඕස්ට්‍රේලියානු මොනෑෂ් විශ්වවිද්‍යාලයේ සිදුකළ පරීක්ෂණයකින් අනාවරණ විය.

එය මීට පෙර මිනිස් හිස මත වෙසෙන පරපෝෂිතයන්ට එරෙහිව භාවිත කර ඇත.

මේ අතර, පැය 24ක් තුළ ඇමරිකාවෙන් කොරෝනා වැලදී ජීවිතක්ෂයට පත්වූවන් 1480 දෙනෙකු අද වාර්තා වීම ද විශේෂත්වයකි.

ගුගල් (Google) ආයතනය විසින් රටවල් 131ක ජනතාව Covid 19  වෛරසය ව්‍යාප්ත වීමත් සමඟ සිය හැසීම් සහ ගමනාගමන කටයුතු සිදු කර ආකාර සම්බන්ධයෙන් සමීක්ෂණයක් සිදු කර ඉදිරිපත් කර ඇත.

එය නම් කර ඇත්තේ (Covid 19 -Community Mobility Report ) ලෙසයි.

ස්මාර්ට් ජංගම දුරකතන හරහා "Google map App" යෙදුම භාවිතා කරන පිරිසකගේ දත්ත විශ්ලේෂණය කරමින් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

නමුත් ඔවුන් පවසන්නේ මෙය රටක සමස්ථ ජනයාගේ ක්‍රියා කාලාපය පෙන්නුම් නොකරණ බවයි.

ස්මාර්ට් ජංගම දුරකතනයේ "Google map App" යෙදුම තිබුණද ඔවුන් අත්තර්ජාලය භාවිතා කරන ආකාරය සහ එම යෙදුම හරහා දත්ත ලබා ගත හැකි ආකාරය අනුව (Location history) මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.

මේ අනුව පසුගිය පෙබරවාරි 16වදා සිට මාර්තු මස 29වනදා දක්වා කාලය තුල දත්ත මෙම වාර්තාවට ඇතුලත් වේ.

මෙම වර්තාව සකස්ස කිරීමමේදි කිසිඳු පුද්ගලයෙකුගේ පෞද්ගලික තොරතුරු ලබා ගැනීමක් සිදු නොකල බවත් මෙම වාර්තාව සකස් කිරීමේදි සෑම විටම පෞද්ගලිකත්වය ආරක්ෂා කළ බවත් එම ආයතනය දන්වා ඇත.

ඔවුන් මෙම වාර්තාව සකසා ඇත්තේ ජනතාව ගමන් කරන සහ රැදී සිටින ස්ථාන කෙටස් 6කට වෙන් කිරීමක් සිදු කරමින්ය.

ඒනම් ,

1, විනෝදාස්වාදය සඳහා සහ කෟතුකාගාර

2, සිල්ලර වෙළෛඳසැල් සහ ඖෂධහල්

3, උද්‍යාන

4, පොදු ප්‍රවාහ ස්ථාන

5, රැකියා ස්ථාන

6, නිවාස , ලෙසයි.

මේ අනුව.

විනෝදාස්වාදය ලබන ස්ථාන සහ කෟතුකාගාර කොටස යටතේ ශ්‍රී ලංකාවේ ජනතාව Covid 19 ව්‍යාප්තියට ප්‍රථම ගැවසුන ආකාරය අනුව 86%ක ප්‍රතිශතයින් අඩු වීමක් දක්වනු ඇත.

සිල්ලර වෙළෛඳසැල් සහ ඖෂධහල් ආශ්‍රිතව ගැවසීව 87%කින් අඩු වී ඇති බව වාර්තා වේ සටහන් වේ.

උද්‍යාන (වෙරළ, සත්ව උද්‍යාන, උද්භිත උද්‍යාන) ආශ්‍රිතව 57%ක අඩුවීමක් පෙන්නුම් කරයි.

පොදු ප්‍රවාහ ස්ථාන වල ගැවසීම 78%කින් පහළ බැස ඇත.

රැකියා ස්ථාන වල 50%කින් අඩු වී තිබේ.

නිවාසවල රැදි සිටිම වෙනදාට වඩා 32%කින් ඉහළ ගොස් ඇති බවද පෙන්නුම් කරයි.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී ඊයේ(02) සර්ව පාක්ෂික හමුවක් පැවැත්විණි.

මෙම සර්ව පාක්ෂික සමුළුවට පෙර මුස්ලිම් කොන්ග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතා ඇතුළු මුස්ලිම් දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් අගමැතිවරයා හමුවී තිබේ. 

එලෙස ඔවුන් අගමැතිවරයා හමුවී ඇත්තේ කොරෝනා වෛරසයෙන් ආසාදනය වී මියයන ඉස්ලාම් බැතිමතුන්ගේ දේහ සම්බන්ධයෙන් අවසන් කටයුතු සිදුකරන ආකාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහාය.

එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අදාළ කරුණ සම්බන්ධයෙන් සර්ව පාක්ෂික හමුවේදී ද සාකච්ඡා කිරීමට තීරණය කර ඇති බැවින් එහිදී ඒ පිළිබඳව කරුණු ඉදිරිපත් කළ හැකි බවයි.

කෙසේ වෙතත්, සර්ව පාක්ෂික හමුව කැඳවූ අවස්ථාවේදී ඒ පිිළිබඳව අදහස් දැක්වීමට ඔවුන්ට අවස්ථාව ලබා දුන්න ද එහිදී ඔවුන් ඒ පිළිබඳව කරුණු දැක්වීමට මැලි වී ඇතැයි වාර්තා වේ.

දේහ පිලිබඳව අවසන් කටයුතු සිදුකරන ආකාරය තම ආගමට පටහැනි බව රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා සඳහන් කර ඇත.

එම අවස්ථාවේදී පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා කියා සිටියේ මෙම අවස්ථාවේදී රටේ හටගෙන ඇති තත්ත්වයන් සම්බන්ධයෙන් සලකා බලා සෞඛ්‍ය අංශ ගන්නා ලද තීන්දුවලට අවස්ථාව ලබා දිය යුතු බවයි.

කොරෝනා ආසාදනයෙන් මියගිය පළමු පුද්ගලයාගේ දේහය අවසන් කටයුතු සිදුකරන අවස්ථාවේදී ඔවුන්ගේ ඥාතීන් ඊට අදාළ ආගමික වතාවත් ඉටු කළ යුතු බවට ඉල්ලීමක් කළත් එය ඉටු නොකළ බව සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නි ආරච්චි මහත්මිය පැවසුවාය. 

එහිදී රවුෆ් හකීම් හිටපු මන්ත්‍රීවරයා මේ පිළිබඳව සලකා බැලීමට කමිටුවක් පත් කළ යුතු බවට ද ඉල්ලීමක් කර තිබේ.

කෙසේ වෙතත් එම අවස්ථාවේ අගමැතිවරයා ප්‍රකාශ කළේ රටේ හටගෙන ඇති වත්මත් තත්ත්වය සලකා බලා මුල් තැන ලබා දිය යුතු වන්නේ සෞඛ්‍ය අංශ ලබාදෙන උපදෙස් වලට මිස වෙනත් දේශපාලනික කරුණු සම්බන්ධයෙන් නොවන බවයි.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල් වීරවංශ, මහජන එක්සත් පෙරමුණේ නායක අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල, දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්, මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් ඇතුළු තවත් පක්ෂ නායකයින් රැසක් එම සර්ව පාක්ෂික හමුවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකාව මේ වන විට කොවිඩ් 19  ව්‍යාප්තියේ 3A අවදියේ සිටින බව වෛද්‍යවරුන් පෙන්වා දෙයි.

ඒ එකම නිවසකින් රෝගීන් කිහිපදෙනකු වාර්තා වීමත් සමඟය. ගම්මානයකින් රෝගීන් කිහිපදෙනකු වාර්තාවීම 3 බී ලෙස හැඳින් වෙයි.

නිවාසිතව ආසාදිතයින් පොකුරු වශයෙන් මෙම අවදිය දැකිය හැකි බවත් මෙයට ප්‍රතිචාර නොදැක්වුවහොත් ඉදිරිය කණගාටුදායක විය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍ය හරිත අලුත්ගේ මහතා පැවසී ය. 

සිව්වැනි අදියර ඉතාමත්ම භයානක තත්ත්වයක් බවත් මේ යන ආකාරයෙන් නිවැරදි ක්‍රියාමාර්ග නොගන්නේ නම් අප්‍රේල් මස 4 වන සතිය වන විට උපරිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වන බවක් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේය.

එහිදී ආසාදිතයින් සමඟ ගැටුණු සියලු දෙනා නිරෝධායනයට ලක් කළ යුතු බවත්, රෝගීන් හැකිතාක් හඳුනා ගත යුතු බවත් වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම පරීක්ෂණ පහසුකම් පවා වැඩි කළ යුතුව ඇතැයි ද වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට ඊයේ (31) පස්වරුවේදී තහවුරු වූ පුද්ගලයින් 10 දෙනා පුත්තලම ප්‍රදේශයෙන් වාර්තා වූ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. 

ඉන්දුනීසියාවේ සංචාරය කොට මෙරට පැමිණීමෙන් පසු මිට දින කිහිපයකට පෙර නව කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරුවූ පුද්ගලයා සමග ඇසුරු කරන ලද පුද්ගලයින් 60 කට අධික සංඛ්‍යාවක් පුත්තලම ප්‍රදේශයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායන ක්‍රියාවලියකට යොමු කිරීමට සෞඛ්‍ය බලධාරීන් සහ ආරක්ෂක අංශ මිට දින කිහිපයකට පෙර පියවර ගෙන තිබිණි.

එලෙස නිරෝධායන මධ්‍යස්ථානයේ සිටි පුද්ගලයින් 20 දෙනෙකු ගේ නියැදි ලබා ගනිමින් මාරවිල රෝහලේදී අද දිනයේදී සිදුකළ පරීක්ෂණයේදී මෙලෙස නව කොරෝනා වෛරසය ආසාධනය වූ පුද්ගලයින් 10 දෙනා හඳුනා ගැනීමට හැකිවූ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවසීය.

එම පුද්ගලයින් 20 දෙනා මිට පෙර කොරෝනා වෛරසය වැළදී ඇති බවට තහවුරු වූ පුද්ගලයා සමග සමීප ඇසුරක් පැවැත්වූ පුද්ගලයින් ලෙස හඳුනා ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම පුද්ගලයින් 10 දෙනා වෛද්‍ය පරීක්ෂණයේදී කොරෝනා ආසාධිතයින් බවට තහවුරු කර ගනු ලැබුවත්, මේ දක්වා ඔවුන්ට කොරෝනා වෛරසය හා සම්බන්ධ කිසිදු මුලික රෝග ලක්ෂණයක් පෙන්නුම් කර නොතිබීම විශේෂත්වයක් බව උපුල් රෝහණ මහතා වැඩිදුරටත් පැවසී ය.

මේ වන විට ලොවපුරා ඉතා වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය ඉබේම නතර නොවන බවත් මහජන සෞඛ්‍ය ආරක්ෂණ පියවර මගින් එහි ව්‍යාප්තිය නවතාලිය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ හදිසි සේවා අධ්‍යක්ෂක වෛද්‍ය මයික් රයන් ප්‍රකාශ කරයි.

"බොහෝ දෙනා කතා කරනවා ඉහළ යන වක්‍රය පැතිලි කරන ආකාරය ගැන. ගැටළුව නම් එය සිදුකරන්නේ කොහොමද කියන එකයි. මිනිසුන්ව නිවෙස් තුලට සීමා කිරිමෙන් පමණක් එය කළ හැකි වන්නේ නැහැ. සැබවින්ම සිදුකළ යුත්තේ වෛරසයට ගොදුරුවන පුද්ගලයින් සංඛ්‍යාත්මකව අඩු කිරීමයි. ඒ වගේම මහජන සෞඛ්‍ය ආරක්ෂණ ක්‍රියාවලිය දෙගුණයකින් වැඩි කළ යුතු වනවා. වෛරසයේ ව්‍යාප්තිය සොබාවිකව නතර වන්නේ නැහැ. අප එය නතර කිරිමට කටයුතු කළ යුතුයි.

වෛරසයේ ව්‍යාප්තිය අවම කිරිම සඳහා මිනිසුන් නිවෙස් වලට සීමා කිරිම සිදුකළ යුතුයි. එවිට වෛරසයට නිරාවරණය පිරිස අවම කර ගැනීමට හැකිවනවා. යම් අයෙක්ට ශරීරයේ වෛරසය රැඳී තිබුණත් එය ව්‍යාප්ත වීම සිමා වනවා. වසංගත තත්ත්වයක් පාලනය කිරීමේදී මෙය ඉතා වැදගත්" වෛද්‍ය මයික් රයන් සඳහන් කරයි.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ බෝවන වෛරස් සහ වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය Maria Van Kerkhove සඳහන් කර සිටියේ "අප මෙම තත්ත්වයෙන් මිදීමට දැන් කළ යුතු දේ ගැන අවධානය යොමු කළ යුතුව ඇති බවයි".