April 26, 2024

“ඉන්න තැනක් නෑ.කෑම බීම නෑ..ලංකාවට එන්න අවස්ථාව දෙන්න“ - මාලදිවයිනේ සිරවූ ලාංකිකයින්ගෙන් රජයට ඉල්ලීමක් Featured

කොරෝනා වෛරසය හේතුවෙන් ශ්‍රී ලංකාව වෙත පැමිණීමට නොහැකිව මාලදිවයිනේ රැදී සිටින ලාංකික ශ්‍රමිකයින්  හට මෙරටට පැමිණීම සඳහා අවස්ථාවක් ලබා දෙන ලෙස රජයෙන් ඔවුන් ඉල්ලා සිටියි.

එලෙස පැමිණීමට හැකිවුවහොත් මෙරට සිදු කරන සෞඛ්‍ය අංශවල ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කරන බවට ඔවුන් පොරෙන්දු වී ඇති බව මාලදිවයිනේ සිටින ශ්‍රී ලාංකිකයෙක් වන මහේන්ද්‍ර රණසිංහ මහතා පැවසීය.

මේ වන මාලදිවයිනේ ඇති සංචාරක හෝටල් 145කින් 100කට අධික සංඛ්‍යාවක් වසා දමා ඇති බව වාර්තා වේ.

එලෙස සංචාරක හෝටල් වසා දැමීම හේතුවෙන් දහස් ගණනක් ශ්‍රී ලාංකික සේවයින්ගේ වැවටුප් කප්පාදුවීම්, රැකියා අහිමිවීම් සහ වැටුප් රහිත නිවාඩු ලැබීම්වලට ලක්වෙමින් පවතින බව ද ඒ මහතා පෙන්වා දෙයි.

ඇතැම් ශ්‍රී ලාංකියන් හට නවාතැන් පහසුකම් හා කෑම් බීම් ලබා ගැනීමට ද පවා  නොහැකි තත්ත්වයක් උදා වී ඇති බවත් මෙම පිරිසගේ එකම බලාපොරොත්තුව වූයේ යළි දිවයින්ට වෙත යාම වුවත් මේ වන විට ශ්‍රී ලංකා රජය විසින් ලංකාවේ ගුවන් තොටුපළ වසා දැමීම හේතුවෙන් ඔවුන්ගේ බලාපොරොත්තු  සුන්වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

Last modified on Friday, 10 April 2020 13:52