May 02, 2024
Main

Main (651)

මහින්ද රාජපක්ෂ පාලන සමයේදී සුදුවෑන් සංස්කෘතියක් තිබූ බවට සාක්ෂි තමන් සතුව ද තිබෙන බව නව සමසමාජ පක්ෂයේ නායක ආචාර්ය වික්‍රමභාහු මහතා පවසයි.

සුදුවෑන් සංස්කෘතියක් නොව එය විකෘතියක් බව සමසමාජ නායකයා පෙන්වා දෙයි.

එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතාට හදිසි ස්ථාන මාරුවක් ලැබී කුරුණෑගලට යාමට සිදු ව‍ූයේ ද මහින්ද රාජපක්ෂලාගේ සුදුවෑන් භීෂණය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවත්වූ නිසා බව ද වික්‍රමභාහු කරුණාරත්න මහතා පෙන්වා දෙයි.

දෙමළ ජාතිකයෙකු පැහැරගෙන ගිය අවස්ථාවේදී ඔහු‍ගේ සහෝදරියක එම පැහැර ගැනීම සම්බන්ධයෙන් තමා දැනුවත් කිරීමෙන් පසුව එ් පිළිබඳව එවකට කොළඹ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ පූජිත් ජයසුන්දර මහතා දැනුවත් කළ බව කරුණාරත්න මහතා පෙන්වා දෙයි. එම දැනුවත් කිරීම මත පූජිත් ජයසුන්දර මහතා වහා මැදිහත් වී අදාල පැහැර ගැනීම සිදුකළ පුද්ගලයන් සොයා ගත් බවත්, එහිදී ආරක්ෂක හමුදා සාමාජිකයන් ඇතුළු පිිරිසක් අදාල පැහැර ගැනීම සිදුකර තිබූ බව අනාවරණය වූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි.

කෙසේ වෙතත් ඉහළින් පැමිණි නියෝගයක් මත අදාල හමුදා සාමාජිකයන් පිරිස නිදහස් කිරීමට පූජිත් ජයසුන්දර මහතාට සිදු වූ බව පෙන්වා දෙන කරුණාරත්න මහතා වැඩිදුරටත් පවසන්නේ ඊට පසුදිනම නියෝජ්‍ය පොලිස්පතිවරයා කුරුණෑගල ප්‍රදේශය වෙත මාරුකර යැවූ බවයි.

එජාප පාලන සමයේදී දකුණේ සිංහල තරුණයන් අතුරුදන් කිරීමට විරෝධය පළ කරමින් කතරගම දක්වා පාද යාත්‍රා ගිය මහින්ද රාජපක්ෂ මහතාට සිංහල නොවන දෙමළ හා මුස්ලිම් තරුණයන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ තැකීමක් නැති බවත්, නැවතත් සුදුවෑන් විකෘතිය ක්‍රියාත්මක වීමේ අවදානමක් මතුව ඇති බවත් සමසමාජ නායකයා පෙන්වා දෙයි.

ජනාධිපතිවරණ වේදිකාවේදී අසත්‍ය ප‍්‍රකාශ සිදුකිරීම පිළිබඳව රාජිත සේනාරත්න මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ නම්, ‘එම්.සී.සී ගිවිසුමෙන් රට බෙදනවා, රට ඇමෙරිකාවේ කොළනියක් කරනවා’ යනුවෙන් බොරු ප්‍රචාර ගෙනගිය උදය ගම්මන්පිල, විමල් වීරවංශ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ යන මහත්වරුන්ටත් නඩු පැවරීමේ හැකියාව ඇතැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවැසීය.
 
දේශපාලනඥයන් ප‍්‍රවෘත්ති සාකච්ඡාවල හෝ වේදිකාවල කියන කරුණු මත ඒ ඒ ප‍්‍රකාශයේ සත්‍ය අසත්‍යතාවය මත නඩු පවරන්නේ නම්  මේ රටේ සිටින  සියලු දේශපාලනඥයන්ට විරුද්ධව නඩු පැවරීමට සිදුවනු ඇතැයිද මන්ත‍්‍රීවරයා  සඳහන් කළේය.
 
සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
 
ප‍්‍රවෘත්ති සාකච්ඡාවකදී වැරදි කරුණක් ප‍්‍රකාශ කළා යනුවෙන් ඉතිහාසයේ කිසිදිනක අපරාධ නඩුවක් පවරා නොමැති  බව පැවසූ මන්ත‍්‍රීවරයා  එවැනි  නඩු පැවරීමට දණ්ඩ නීති සංග‍්‍රහයේ කිසිම ප‍්‍රතිපාදනයක් නොමැති බවත් සඳහන් කළේය.

නව පාර්ලිමේන්තු සභා වාරයේදී තමා පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගන්නා බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි. 

පාර්ලිමේන්තුව මේ වන විට වාර අවසාන කර ඇති අතර නව පාර්ලිමේන්තුව ලබන වසරේ ජනවාරි මස 3 වනදා පැවැත්වේ.

පසුගිය ජනාධිපතිවරණයේදී කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය නොදැක්වූ අතර ඔහු ස්වාධීනව කටයුතු කළේය. 

තමා  අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් ලබාදුන් වරෙන්තුව ආපසු කැඳවන ලෙස ඉල්ලා  හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට අද ( 26)  මෝසමක් ඉදිරිපත් කිරීමට පැමිණියද යළි එය ඉවත් කර ගැනීමට කටයුතු කර තිබේ.

හිටපු අමාත්‍යවරයාගේ නීතීඥවරු විසින්  එම මෝසම ඉදිරිපත් කිරීමට  සූදානම් වූවද යළි එය ඉවත් කරගැනීමට ඔවුන් කටයුතු කර තිබිණි.

සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නීති සංග්‍රහ පනත සහ ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර නෙලුම්දෙණිය මහතා විවෘත පසුගිය 24 වැනිදා  වරෙන්තු නිකුත් කර තිබිණි.

අධිකරණයෙන් නිකුත් වූ වරෙන්තුව අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ නිලධාරි කණ්ඩායමක් ඊයේ (25) දවස තුළ හිටපු අමාත්‍යවරයා සිටින බවට විශ්වාස කරනු ලැබූ ස්ථාන කිහිපයකටම ගොස් ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා සෝදිසි කර ඇති බවත්, ඒ කිසිදු ස්ථානයක ඔහු නොසිටි බවටත් එම නිලධාරීන් වාර්තා කර තිබේ.

රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් පාඨලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කිරිමට රජයෙ මගින් සිදු කරන නාටකයක් බවට සැකයක් පවතින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

චමීර පෙරේරා මහතා මේ බව පැවසුවේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලේ පැවති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබදව මේ වන විට කථිකාවක් ගොඩ නැගි ඇති බවයි.

එම කතිකාව වෙනතකට යොමු කිරිම සඳහා මෙවැනි නාටකයක් රජය විසින් නිර්මාණය කරනවාද යන්න පිලිබදව එක්සත් ජාතික පාක්ෂිකයන් තුල සැකයක් පවතින බවද කියා සිටියේය.

ජිවන වියදම අහස උසට නැග තිබියදි ඒ පිලිබදව සාකච්ඡා නොකර එලවළු සහල් ඉල්ලපු ජනතාවට ගල් වැලි ගොඩ දාන්න අවසරය රජය විසින් ලබා දි ඇති බවත්,  ජනාධිපතිවරණයේදි එම්.සී.සී ගිවිසුම රට දෙකඩ කරන අධිරාජ්‍යයවාදින්ට පවාදෙන ගිවිසුමක් බව පෙන්වා දුන් වත්මන් රජයට මේ වන විට එම්.සි.සි ගිවිසුම 70% හොඳ වි ඇති බවත් ඔහු පවසයි.

යුක්තිය ඉටු විය යුතු කාලයක රජය රථ වාහන නඩුවක් මුල් කර ගනිමින් කටයුතු කරන බවත්, රජය බලයට පත්විමට මතුර මතුර කියු බැදුම්කර වංචාව ගැන මේ වන විට ගැලවෙන පිලිතුර වත්මන් රජයේ අමාත්‍යයවරුන් විසින් ලබා දෙන බව චමීර පෙරේරා මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේය.  

යාපනය බන්ධනාගාරය ඉදිරිපිට තාප්පයක සිරකරුවන් විසින් නිර්මාණය කර තිබූ චිත්‍රයකට අදාළව ප්‍රතිමා තුනක් එම ස්ථානයේ ස්ථාපිත කිරීමට යාමේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් මහතා ද්‍රවිඩ ජාතික මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එයට විරෝධය පෑම නිසා ඒවා එම ස්ථානයෙන් ඉවත් කළ බව පොලිස් ආරංචිමාර්ග කියයි.

පෙරේදා (21) මෙම සිද්ධිය සිදුවී තිබිණි.

තාප්පයේ ඇඳ තිබූ චිත්‍රයට අදාළව සංඝමිත්තා තෙරණිය, මිහිඳු හිමියන් හා කාවන්තිස්ස රජුගේ ප්‍රතිමා තුනක් මෙහි නිර්මාණය කර තිබිණි.

සිංහල බෞද්ධ ඉතිහාස කතා දැක්වෙන ප්‍රතිමා උතුරට අවශ්‍ය නොවන බවත්, වහාම මේ ප්‍රතිමා නිරාවරණය කිරීමෙන් වළකින ලෙසද කියමින් මන්ත්‍රීවරයා ඇතුලු පිරිස එම ස්ථානයේ නොසන්සුන්කාරී ලෙස හැසිරීම නිසා බන්ධනාගාර නිලධාරීන් එම ප්‍රතිමා ඉවත් කිරීමට පියවර ගත් බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

යාපනය බන්ධනාගාරයේ හින්දු සිරකරුවන් පිරිසක් ඉකුත් වසරේ බන්ධනාගාරයේ පැවැති තරගයක් වෙනුවෙන් සංඝමිත්තා තෙරණිය, දඹකොළ පටුන හරහා ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවීම චිත්‍රයට නගා තිබූ අතර, සංඝමිත්තා තෙරණිය, මිහිදු හිමියන් හා කාවන්තිස්ස රජතුමාගේ ප්‍රතිමා තුනක් ද එහි ඉදිකර තිබූ බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

තරගයෙන් පසුව එම චිත්‍ර හා ප්‍රතිමා ආවරණය කර තිබූ අතර මේ දිනවල රට පුරා තාප්පවල චිත්‍ර ඇඳීමේ කලාවක් පවතින හෙයින් බන්ධනාගාර සිරකරුවන්ද එම අවස්ථාවට එක්වෙමින් මෙම චිත්‍ර හා මූර්ති නිරාවරණය කර ඇත.

සිද්ධිය සැලවීමත් සමග සිවාජිලිංගම් ඇතුලු උතුරේ දේශපාලකයන් පිරිසක් පෙරේදා එම ස්ථානයට පැමිණ චිත්‍ර ඇඳීමේ නිරත පිරිසට සිය විරෝධය දක්වා ඇති අතර, එහිදී ඔවුන් සමග වචන හුවමාරුවක් ද සිදුවී ඇතැයි කියති.

සිංහල බෞද්ධ ඉතිහාස කතා යාපනය නගරයේ නිරූපණය කිරීමට ඉඩ දිය නොහැකි බවට පැවසීමෙන් පසු බන්ධනාගාර නිලධාරීන් විසින් එම ප්‍රතිමා එම ස්ථානයෙන් ඉවත්කිරීමට පියවර ගත් බවද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

තමා පැහැරගැනීමට ලක්වූයේ යැයි ස්විස් තානාපති නිලධාරිනි ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් යන අය කළ කතාන්දරය බොරුවක් යැයි කොළඹ ස්විස් තානාපතිවරයාට දැනුම්දුන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.  එම මුසාබස් පැවසීම ගැන සාක්ෂිද ලබාදීමට තානාපතිවරයා පවා සූදානම් යැයිද ජනාධිපතිවරයා පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ සිටින විදේශීය මාධ්‍ය ආයතන නියෝජිතවරුන් හමුවේ අදහස් දක්වමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ලේකම් කාර්යාලයේදී මේ බව පැවසුවේය.  ස්විස් තානාපති නිලධාරිනිය මුසාවක් පැවසූ බව සැකයකින් තොරව සනාථ වී ඇති  බවද, මෙම නිලධාරිනිය සමඟ ගනුදෙනු දුරස්ථව පවත්වාගෙන යන්නැයි තානාපතිවරයාට පැවසූ බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ඇය මුසාවක් පැවසූ නමුත් තානාපතිවරයාගේ ඉල්ලීම මත විශේෂ වරප්‍රසාද අපේක්ෂා කර සිටි බවත්, ඇයගේ අරමුණ කුමක්ද යන්න සොයාගන්නා තුරු විමර්ශන දිගින් දිගටම කෙරීගෙන යන බවත් ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.

" පසුගිය රජය යටතේ මාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කිහිප වතාවක් කැඳවා එහි යාමට සිදුවූ අවස්ථාවලදීත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රශ්න කළ අවස්ථාවේදීත්, එම නිලධාරීන්  වෙනත් කිසිවෙකුටත් අප සමඟ ඒමට ඉඩදුන්නේ නැහැ. එය සාමාන්‍ය ක්‍රමවේදයයි.“

“ නමුත් මේ සිදුවීමේදී, නිලධාරිනියගේ නීතිඥවරයාට ඇය සමඟ සිටීමට අවසර දී තිබෙනවා. තානාපතිවරයාගේ ඉල්ලීම අනුව එය ඇයට දුන් විශේෂ වරප්‍රසාදයක්. ඒ අනුව ඇයට අවශ්‍ය පහසුකම් සපයා දී තිබෙවා” යැයිද ජනාධිපතිවරයා පැවසීය.

(ඩේලි මිරර් ඇසුරිනි)

තමාට මඩ ගැසීමේ ව්‍යාපාරය අද වන විට ආරම්භ වී ඇති බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පසුගිය ජනාධිපතිවරණයේදී තමාට සහාය පළ කළ පාක්ෂිකයින්ට ස්තුතිය පළ කිරීම සඳහා පැවති ජන හමුවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුර අදහස් දක්වමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“පසුගිය මැතිවරණ ව්‍යාපාරය තුළ එක් දිනවල එක් එක් ගිනි කඳු නිර්මානය වුණා. එක වෙලාවක අර ගිවිසුම අත්සන් කරනවා කිව්වා. තවත් විවිධ ප්‍රකාශන නිකුත් වුණා. ඒ හැම දේයකින්ම ජනතාවට හිතගන්න පුළුවන් අත්දෙක විතරක් නෙමෙයි කකුල් දෙකක් බැඳලා තමයි සජිත් ප්‍රේමදාසට ජනාධිපතිවරණයේ අපේක්ෂකත්වය ලැබුණේ. මට බයක් තියෙනවා මට සිදු වුණ අසාධාරණය අපේ මන්ත්‍රීවරුන්ටක් සිදුවෙයි කියලා. කට ළඟටම ඇවිත් කියයි අරක දෙන්නම් මේක දෙන්නම් කියලා. දැන් කරන්න කියලා. හැබැයි මම එකක් කියන්න කැමතී ඒ කරන්න කියන ඒ වගකීම් සියල්ල දැම්ම බාර දුන්නොත් මම බාර ගන්නවා.  එහෙම නැතුව මම බාර ගන්නට යන්නේ නෑ. ඒ මට සිදුවුණ අකරතැබ්බය මම අපේ මන්ත්‍රීවරුන්ට වෙන්න දෙන්නේ නෑ. ඒ නිසා අද අළුත්ම ව්‍යාපාරයක් ආම්භ වෙලා තියනවා සජිත් ප්‍රේමදාසට මඩ ගැසීමේ ව්‍යාපාරය.“

එක්සත් ජාතික පක්ෂයේ හිටපු පළාත් සභා මන්ත්‍රි බෙවන් පෙරේරා තමාව මරා දැමීමට අපරාධ කල්ලියකට කොන්ත්‍රාත්තුවක් ලබාදීම පිළිබඳව තමා විසින් පොලිසියට කරන ලද පැමිණිලි පසුගිය ආණ්ඩුව සමයේ යට ගසනු ලැබූ බව ලෝක ශූර මෝටර් රථ ධාවකයකු වන ඩිලන්ත මාලගමුව මහතා පවසයි.

ස්විස් තානාපති කාර්යාල සේවිකාවගේ ප්‍රශ්ණයේදී නම සඳහන් වුණේ බෙවන් පෙරේරාගේ පුත්‍රයාගේය.

කොළඹදී මාධ්‍ය හමුවක් කැඳවමින් ඔහු කියා සිටියේ තමා ඝාතනය කිරීම සඳහා ලබාදුන් ආයුධය භාවිතයෙන් මාතර ප්‍රදේශයේ ස්වර්ණාභරණ අලෙවිසලක් කොල්ලකා ඇති බවයි.

ඝාතන කොන්ත්‍රාත්තුව ලබා ගත් පුද්ගලයා එම සිදුවීමට අදාළව පරීක්ෂණ පැවැත්වෙන අතරතුර පොලිස් වෙඩිපහරට ලක්ව මියගොස් ඇතැයිද පැවැසූ මාලගමුව මහතා වැඩිදුරටත් කියා සිටියේ, එකී සැකකරු මිය යෑමට පෙර ඒ සම්බන්ධයෙන් විස්තර පවසා ඇති බව උසස් පොලිස් නිලධාරියකු තමා වෙත දැනුම් දුන් බවයි.

ජනතා වතු සංවර්ධන මණ්ඩලයට අයත් අක්කර 965ක වතුයායක් කල්බදු පදනම මත වසර 50ක් සඳහා තමා ලබාගෙන තිබූ බවත් එම වතුයාය නීති විරෝධීව බෙවන් පෙරේරා විසින් පවරා ගැනීමට සැලසුම් කළ සමයේ මෙලෙස ඝාතන කොන්ත්‍රාත්තුව ලබාදී ඇති බවයි.

“බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට කාලයක් කටයුතු කළා. ඒ කාලේ මට කතා කරලා කිව්වා මේ වත්ත ඔහු පවර ගන්නවා කියලා. මට ඔහුගේ ගෙදරට එන්න කියලා කීවාම මම එහි ගියා. එහිදී ඔහු මට තර්ජනය කළා. මගේ සපත්තු දෙක පවා හැංගුවා. ඒ කාලේ තමයි මේ ඝාතන කොන්ත්‍රාත්තුවක් ලබාදී තියෙන්නේ. මම මේ ගැන අගමැතිවරයා පවා හමුවී දන්වා සිටියා. අගමැතිවරයා පොලිස්පතිවරයාට මේ බව දැනුම් දුන්නත් වැඩක් වුණේ නැහැ. කොළඹ අපරාධ කොට්ඨාසයෙන් පරීක්ෂණ ආරම්භ කළත් සති දෙකක් ගිය තැන ඒ සියල්ල යට ගියා” යැයි මාලගමුව මහතා සඳහන් කළා. මේ සිදුවීම් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ අවධානය යොමු කොට තමාට ඇති ජීවිත තර්ජනය සම්බන්ධයෙන් ඇති ගැටලුව විසඳා දෙන ලෙසත් තමා ජනතා වතු සංවර්ධන මණ්ඩලයෙන් නීත්‍යනුකූලව ලබාගෙන ඇති වතුයාය නැවත තමාට ලබාදීමට කටයුතු කරන ලෙසත් ඔහු මෙහිදී ඉල්ලා සිටියා. 2018දී බෙවන් පෙරේරාගෙන් මරණ තර්ජනයක් ආවා. බෙවන් පෙරේරා ජනතා වතු සංවර්ධන මණ්ඩලයේ ක්‍රියාකාරි අධ්‍යක්ෂවරයකු විධියට වැඩ කළා. අවුරුදු 50ක ලීසිං ක්‍රමයට අපි නාවලපිටියෙන් ඉඩමක් ගත්තා. 2017දී නැවත බෙවන් පෙරේරා මට කතා කරලා කිව්වා ආපහු ඒ වත්ත ජනවසමට ගන්නවා කියලා. මං කිව්වා අපේ ගිවිසුම් අනුව එහෙම ගන්න බැහැ කියලා. පස්සේ ඔහු මට තර්ජනය කළා. පහුවදා මගේ යාළුවෙක් සමඟ ඔහු මුණගැහෙන්න ගියා. මං ඇතුළේ ඉඳන් කතා කරලා එළියට එනකොට මගේ සපත්තු දෙක තිබුණේ නැහැ. එයා සපත්තු දෙක හැංගුවේ මං හිතන්නේ සර්පයෙක් දාන්න."

"මොකද මං බූට්ස් අඳින්නේ. මොහු සල්ලි දෙන්න කිව්වා ඒ ප්‍රශ්නය විසඳලා දෙන්නම් කියලා. මං කිව්වා ශතයක් දෙන්නේ නැහැ කියලා. පස්සේ ඒ වත්ත බෙවන් පෙරේරාගේ නමට හරවාගෙන. මං ඊට පස්සේ ගිහින් ලක්ෂ්මන් කිරිඇල්ල ඇමැතිතුමාට මේ ගැන කිව්වා. මේ වගේ කෙනෙකුට ‘ජනවසමේ’ මෙහෙම තනතුරක් දුන්නේ ඇයි කියලා මං ඇහුවා. මොනවාද තියෙන සුදුසුකම් කියලා මං ඇහුවා. පස්සේ කිව්වා මට කරන්න දෙයක් නෑ ඩිලන්ත මෙයා රනිල්ගේ මනුස්සයෙක්. මං ටික දවසකට රේස් එකකට රට ගිහින් ඉඳලා ආවාම මගේ අක්කා කතා කරලා කිව්වා පොලිසියේ ඩී.අයි.ජී. කෙනෙක් මාව හොයනවා කියලා. ඒ ප්‍රියන්ත ජයකොඩි මහත්තයට මං කතා කළාම කිව්වා ඔයාට මරණ තර්ජනයක් තියෙනවා මේ දවස් ටිකේ ප්‍රවේශමෙන් ඉන්න කියලා. මාතර රන්බඩු කඩයක් කඩපු චාමර කියලා කෙනෙක් අහුවුණා. ඔහුගේ අතේ ආයුධයක් තිබිලා හම්බ වුණා. ඩිලන්ත මාලගමුව මරන්න බෙවන් පෙරේරා දුන්න ආයුධය මේකයි කියලා ඔහු කියලා තියෙනවා. පෑලියගොඩ පොලිසියෙන් මට එන්න කියලා කටඋත්තරයක් ගත්තා. පස්සේ ඒ ගැන මොකුත්ම නැහැ. මං ගිහින් අගමැතිතුමාට කිව්වා බෙවන් පෙරේරා මාව මරන්න හදනවා කියලා. අගමැතිතුමා කිව්වා පොලිස්පතිතුමාට කියන්නම් කියලා. රංජිත් මද්දුමබණ්ඩාර ඇමැතිතුමාටත් කිව්වා. කිසිම දෙයක් වුණේ නැහැ. කාලයකට පස්සේ කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මට කිව්වා වහාම හම්බවෙන්න කියලා. සී.අයි. දිලීප් කියන කෙනාව මාරු කරා සුමාන දෙකක් යන්නත් කලින්. හිටපු පොලිස්පතිතුමාට කතා කරා, දන්න හැමෝටම කතා කරා කිසිම දෙයක් වුණේ නැහැ. මහ ලොකුවට කිව්වා මං රනිල් වික්‍රමසිංහගේ දකුණු අත මට මුකුත් කරන්න බෑ. බෙවන් පෙරේරා හැමවෙලේම පිස්තෝලයක් ඉණේ ගහගෙන ඉන්නේ. එයාට දීලා තියෙන්නේ බලපත්‍ර සහිත පිස්තෝලයක්. මේ ආණ්ඩුව ආපු ගමන්ම මං ගිහින් වැඩබලන පොලිස්පතිතුමාට දැනුම් දුන්නා. කොළඹ අපරාධ කොට්ඨාසයටත් දැනුම් දීලා වහාම මේ ගැන පරීක්ෂණයක් කරන්න උපදෙස් දීලා තියෙනවා. කර්මය පල දෙනවා වගේ හරියටම කාලෙකට පස්සේ බෙවන් පෙරේරාගේ නම පහුගිය දවස් ටිකේ කරළියට ආවා. මං හිතනවා වර්තමාන ආණ්ඩුවෙන් ඔවුන් ගැන පරීක්ෂණයක් කරලා දඬුවම් කරයි කියලා බලාපොරොත්තු වෙනවා."

මහමැතිවරණය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් මෙහෙයවන බවත්, යාන්ත්‍රණය බැසිල් රාජපක්ෂ මහතා විසින් ක්‍රියාත්මක කරනු ඇති බවත්  ජනාධිපතිවරයා ලෙස තමන් ඊට සහාය දක්වන බව ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවැසීය.

පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව පැවැසීය.

එසේම පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බවත්, මහ මැතිවරණය අනිවාර්යයෙන් ජයග්‍රහණය කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.

“මහ මැතිවරණය වෙනුවෙන් අපේ පිලේ ඉන්න හොඳම දේශපාලනඥයා මහින්ද රාජපක්ෂ. එතුමා මැතිවරණය මෙහෙයවයි. යාන්ත්‍රණය දුවවන්නේ බැසිල් රාජපක්ෂ. ඒක හංගන්න දෙයක් නෑ. ජනාධිපතිවරයා ලෙස මම ඒකට සහයෝගය දෙනවා. තුනෙන් දෙකක් ගන්න බලාපොරොත්තු වෙනවා. වැඩි ඡන්දයක් ගන්න පුළුවන් ලකුණක් අපි යොදාගන්නවා”