April 25, 2024

පාඨලි අත්අඩංගුවට ගැනීම රනිල්ව ආරක්ෂා කරන්න රජය සිදු කරන නාටකයක් - චමීර පෙරේරා Featured

December 24, 2019

රථ වාහන අනතුරක් සම්බන්ධයෙන් පාඨලි චම්පික රණවක හිටපු අමාත්‍යවරයා අත්අඩංගුවට ගැනිම එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව ආරක්ෂා කිරිමට රජයෙ මගින් සිදු කරන නාටකයක් බවට සැකයක් පවතින බව ජාතික මහජන සභාවේ කැදවුම්කරු චමීර පෙරේරා මහතා පවසයි.

චමීර පෙරේරා මහතා මේ බව පැවසුවේ හැටන් හිල් සයිඩ් ඉන් හෝටලේ පැවති මාධ්‍යය හමුවකදිය.

මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් අදහස් දැක් වු ඒ මහතා කියා සිටියේ එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය පිලිබදව මේ වන විට කථිකාවක් ගොඩ නැගි ඇති බවයි.

එම කතිකාව වෙනතකට යොමු කිරිම සඳහා මෙවැනි නාටකයක් රජය විසින් නිර්මාණය කරනවාද යන්න පිලිබදව එක්සත් ජාතික පාක්ෂිකයන් තුල සැකයක් පවතින බවද කියා සිටියේය.

ජිවන වියදම අහස උසට නැග තිබියදි ඒ පිලිබදව සාකච්ඡා නොකර එලවළු සහල් ඉල්ලපු ජනතාවට ගල් වැලි ගොඩ දාන්න අවසරය රජය විසින් ලබා දි ඇති බවත්,  ජනාධිපතිවරණයේදි එම්.සී.සී ගිවිසුම රට දෙකඩ කරන අධිරාජ්‍යයවාදින්ට පවාදෙන ගිවිසුමක් බව පෙන්වා දුන් වත්මන් රජයට මේ වන විට එම්.සි.සි ගිවිසුම 70% හොඳ වි ඇති බවත් ඔහු පවසයි.

යුක්තිය ඉටු විය යුතු කාලයක රජය රථ වාහන නඩුවක් මුල් කර ගනිමින් කටයුතු කරන බවත්, රජය බලයට පත්විමට මතුර මතුර කියු බැදුම්කර වංචාව ගැන මේ වන විට ගැලවෙන පිලිතුර වත්මන් රජයේ අමාත්‍යයවරුන් විසින් ලබා දෙන බව චමීර පෙරේරා මහතා මෙම මාධ්‍යය හමුවේදි වැඩි දුරටත් කියා සිටියේය.  

Last modified on Tuesday, 24 December 2019 15:22