April 25, 2024

මහමැතිවරණයේ අගමැති අපේක්ෂකත්වය සජිත්ට දීමට ප්‍රතිසංවිධාන කමිටුව තීරණයක Featured

December 16, 2019

විපක්ෂ නායක ධුරයට අමතරව ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වයද සජිත් පේ‍්‍රමදාස මහතාට ලබාදීමට එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව තීරණය කර තිබේ.
 
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුණුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුවේ නිර්දේශ සමග සජිත් පේ‍්‍රමදාස මහතාට මහමැතිවරණයේදී අගමැති අපේක්ෂකත්වය දියයුතු බවට වන යෝජනාවද එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට මේ සතියේදී නිල වශයෙන් දැනුම් දීමට නියමිතය.
 
එක්සත් ජාතික පක්ෂය සඳහා නව මුහුනුවරක් හඳුන්වාදීමට පත්කළ ප‍්‍රතිසංවිධාන කමිටුව සඳහා හිටපු සභානායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන වජිර අබේවර්ධන, රංජිත් මද්දුමබණ්ඩාර, තලතා අතුකෝරාල, මලික් සමරවික‍්‍රම සහ ආශු මාරසිංහ යන මහත්ම මහත්මීන් පත් කරනු ලැබූ අතර, රංජිත් මද්දුමබණ්ඩාර සහ තලතා අතුකෝරාල යන මහත්ම මහත්මීහු ඉන් ඉවත්වන බව පසුව නිවේදනය කළහ.
 
පක්ෂයට සම්බන්ධ සියලූම පාර්ශවයන්ගේ අදහස් ගෙන පක්ෂයේ නව මුහුණුවර සකස් විය යුතු ආකාරය පිළිබඳ අංගසම්පූර්ණ වාර්තාවක් ඉදිරියේදී පක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට භාරදෙන බව ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පුවත්පතකට පැවසිය.

Last modified on Monday, 16 December 2019 09:37