ගම්පහ දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලාන්සා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී රවුෆ් හකීම්, මංගල සමරවීර, රවී කරුණානායක, රිෂාඩ් බදියුදීන් , තලතා අතුකෝරල යන ඇමතිවරුන් ඇතුළු සමස්ත ආණ්ඩුවටම බිම වැටෙන්නට ප්‍රහාරයක් එල්ල කරන ලදී.
ලන්සා මන්ත්‍රීවරයා සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනෙන්ම එක්සත් ජාතික පෙරමුණු ආණ්ඩුවේ දැඩි බාධා කිරීම් වලට හා ප්‍රශ්න කිරීම් වලට පිළිතුරු දෙමින් විනාඩි 45ක පමණ වෙලාවක් කළ කතාවෙන් ආණ්ඩුව දැඩි අපහසුතාවයට පත් විය.
රවුෆ් හකීම් අමාත්‍යවරයා අප්‍රේල් 21 පාස්කු ඉරු දින ප්‍රහාරයේ මහ මොලකරු වන සහරාන් හෂීම් සමඟ පැවැත්වූ සම්බන්ධතාවයත් ඔවුන්ගේ සහය මත නැගෙනහිරින් ලබා ගත් ජන්ද පිළිබඳවත් ඒ හේතුවෙන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් සම්බන්ධයෙන් සහරාන් හෂීම්ට කළ බලපෑම් පිළිබඳවත් ලන්සා මන්ත්‍රීවරයා කරුණු හෙළිදරව් කරන ලදී. එම කරුණ ඔහු දෙමළ බසින් ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.
රවුෆ් හකීම් අමාත්‍යවරයා සහරාන් සහ ඔහුගේ සොහොයුරා යන ත්‍රස්තවාදීන් දෙදෙනා සමඟ පැවැත්වූ සබඳතාවයන් මත පාස්කු ප්‍රහාරය පිලිබඳ කරුණු සොයා බැලීමට කථානායකවරයා පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කිරීමට රවුෆ් හකීම් මහතාට සදාචාරාත්මක අයිතියක් නැති බවද ලන්සා මන්ත්‍රීවරයා එහිදී පෙන්වා දෙන ලදී.
ලන්සා මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කලේ අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය පිලිබඳ සොයා බැලීමට පත් කළ විශේෂ තේරීම් කාරක සභාවේ වාර්තාව සභාගත කිරීම සම්බන්ධයෙන් පැවැත්වූ විවාදයට එක්වෙමිණි.
රවුෆ් හකීම් සහ රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන්ට නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාගේ රැස්වීම් ඇමතීමෙන් වැලකී සිටින ලෙස මැතිවරණ සංවිධායක කමිටු ඉල්ලීමක් කර තිබේ.
එම අමාත්‍යවරුන් දෙදෙනාට තමන්ගේ දේශපාලන බල කඳවුරු වල පමණක් එනම් රවුෆ් හකීම් මහතාට නැගෙනහිර පළාතෙත්, රිෂාඩ් බදියුදීන් මහතාට පුත්තලම දිස්ත්‍රික්කයේ පමණක් රැස්වීම් අමතන ලෙස සංවිධායක කමිටුව ඉල්ලීමක් කර තිබේ.
රවුෆ් හකීම් හා රිෂාඩ් බදියුදීන් යන අමාත්‍යවරුන් දෙපළටම ඉස්ලාම් අන්තවාදීන් සහ ත්‍රස්තවාදීන් සමඟ සබඳකම් පැවැත්වීම පිලිබඳ බරපතල චෝදනා එල්ල වීම සංවිධායකවරුන්ගේ මෙම තීරණයට හේතු වී තිබේ.
එක්සත් ජාතික පාක්ෂිකයන් ඡන්දය දී පත්කර ගත් මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙනත් පක්ෂයක් බදාගෙන එක්සත් ජාතික පක්ෂයට වින කරන නිසා එක්සත් ජාතික පක්ෂයේම පුද්ගලයෙක් ජනාධිපති තනතුරට පත් කරගෙන පක්ෂයේම අගමැතිවරයෙක් සහ කැබිනට් මණ්ඩලයක් පත්කරගැනීමට එක්සත් ජාතික පාක්ෂිකයින් වගකීම ගත යුතුයැයි වරාය හා නාවික කටයුතු සහ දක්‍ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා පවසයි.
ඌරුබොක්ක පස්ගොඩ පැවති පක්ෂ ක‍්‍රියාකාරින් දැනුවත් කිරිමේ රැස්විමකදි ඔහු මේ බව පැවසීය.
එහිදි තවදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා,
“එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුව පසුගිය කාල සිමාවේ හුඟාක් වැඩ කළා. වැඩ කරගෙන යනකොට නොයෙක් බාධා ආවා. ගංවතුරක් ආවා. නියඟයක් ආවා. කුණු කන්දක් කඩා වැටුණා. දින පනස් දෙකක් ආවා. පාස්කු ප‍්‍රහාරය ආවා. ඒ වගේ ගොඩාක් බාධක ආවා. අපි එකතු වෙලා පත්කර ගත්තු අපේ ජනාධිපතිතුමා ගිහින් පක්‍ෂයක් බදාගත්ත එක තමයි ලොකුම බාධාව වුණේ. ඒ පක්‍ෂය බදාගෙන ඒකට නැවත පණ දෙන්න උත්සාහ කරපු වෙලාවේ තමයි අපිට බාධා එන්න පටන් ගත්තේ. එක්සත් ජාතික පාක්‍ෂිකයන් තමයි ඡන්දේ දිලා එතුමා පත් කරගත්තේ අන්තිමට හිරිහැර විදින්න සිදුවුණෙත් එක්සත් ජාතික පාක්‍ෂිකයන්ටම තමයි. කොච්චර කකුලෙන් ඇද්දත් අපි රටේ සංවර්ධනය ඉලක්ක කරගෙන ලොකු වැඩ කොටසකුත් කළා. කොච්චර අමාරු වුණත් මහින්ද මහතා සහ චන්‍ද්‍රීකා මහත්මිය පාලනය කළ විසි අවුරුදු කාලයට වඩා වැඩි සංවර්ධනයක් පසුගිය අවුරුදු හතර හමාර තුළ සිදු කෙරුණා. පාරවල් හැදුවේ නැති වුණාට නෙවෙයි පාක්‍ෂිකයෝ තරමක් හිතේ අමාරුවෙන් ඉන්නේ. ඒ අයගේ සමහර පුද්ගලික ප‍්‍රශ්න අපිට බලන්න බැරිවුණාට. අපේම ජනාධිපති කෙනෙක් ආවාම ඒ ප‍්‍රශ්න සියල්ල විසඳන්ට බැරි වුණත් බොහෝ ප‍්‍රශ්න විසඳන්නට පුළුවන් වෙයි. දේශපාලන පළිගැනීම් වලට ලක්වූ අයට විසඳුම් ගේන්න යෝජනා කැබිනට් එක දක්වා අපි ගෙනාවා."
"නමුත් එතනදි නතර වුණා. අපේම ජනාධිපති කෙනෙක් ආවොත් කැබිනට් මණ්ඩලය තමයි වෙනස් වෙන්නේ. එහෙම වුණොත් මේ හිරවුණ තීන්දු තීරණ ගන්න පුළුවන් වෙනවා. දැන් බලන්න රක්‍ෂිත නොවන ඉඩම්වල අයිතියක් නැතුව පරම්පරා ගණනක් ජීවත්වන අය ඉන්නවා. ඉඩමක අයිතිය කෙනෙකුට ඉතාම වැදගත්. ඒ අයිතිය දෙන්න අපි ඉඩම් පනත ගෙනාවා. හතර පස් වතාවක් කැබිනට් එක තුළ කතා කළා. ජනාධිපතිතුමත් කැමති නොවුණ නිසා අපට සම්මත කරගන්න බැරිවුණා. ඒක බලපෑවේ යූඇන්පී කාරයාට විතරක් නෙවෙයි. සමස්ත ජනතාවටම ඒක බලපෑවා. මෙන්න මේ නිසයි අපි කියන්නේ අවුරුදු විසි පහකට පස්සේ අපි අපේ ජනාධිපති කෙනෙක්, අපේ අගමැති කෙනෙක්, අපේම කැබිනට් මණ්ඩලයක් පත් කරගෙන ඉදිරියට යමු කියලා. ඊට පස්සේ අපේම පළාත් සභාවකුත් අනතුරුව අපේම ප‍්‍රාදේශීය සභාවලූත් පත්කරගෙන ඉදිරියට යායුතුයි. මේ යාන්ත‍්‍රණය අපේ පක්‍ෂය සතුව තිබ්බා නම් වැඩකටයුතු නිම කරන්න පහසු වෙනවා. නිහඬව සිටි එක්සත් ජාතික පක්‍ෂිකයන් සජිත් මහත්තයා ආවත් එක්ක දැන් අපිත් එක්ක යළි සම්බන්ධවෙලා තියෙනවා. එක කණ්ඩායමක ඡන්ද වලින් කාටවත් දිනන්න බෑ. පොහොට්ටුවේ ඡන්දවලින් ගෝඨාභය මහත්තයට දිනන්නත් බෑ. යූඇන්පී ඡන්ද වලින් සජිත් මහත්තයට දිනන්නත් බෑ. අපි මැද ඉන්න අයයි දිනාගන්න ඕනෑ” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාමත්ම සමීප මන්ත්‍රීවරයෙක් නුඳුරේදීම ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය දැක්වීමට එක්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවැසීය.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්විය.
“ඉදිරි දින කිහිපය ඇතුළත එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභලයන් කිහිප දෙනෙක් අපිට සහයෝගය දක්වන්න කථා කරගෙන යනවා. රනිල් වික්‍රමසිංහ මහතාට ඉතාම සමීප කෙනෙක් සමග සාකච්ඡා කරගෙන යන්නේ. ඒ සාකච්ඡා අවසන් වූ විගස අපිට බොහෝ දුරට හෙළි කරන්න පුළුවන් වෙයි.”
ආරක්ෂක ලේකම්වරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතා කිසි දිනක යුද බිමට නොගිය බවත් ඔහු කිසිදිනක තමන්ට යුද්ධය වෙනුවෙන් උපදෙස් නොදුන් බවත් පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඞ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ප‍්‍රකාශ කළේය.
එදාත් ඔහුට යුද්ධය නොතේරුණු බවත් අදත් එය එසේම බවත් පැවසූ ෆොන්සේකා මහතා හමුදාව ලක්ෂ පහක් යැයි ඔහු පසුගිය දිනක කී නමුත් ත‍්‍රිවිධ හමුදාව හා පොලිසිය එක්ක ගෙන බැලූවත් එහි සිටියේ ලක්ෂ තුනක් පමණක් යැයි ද කියා සිටියේය.
තමන් යුද හමුදාපතිවරයා ලෙස යුද්ධය මෙහෙය වූයේ භූමිය අල්ලා ගැනීමට නොව සතුරන් මරා දැමීමට යැයි ද එසේ නොවුනේ නම් භූමිය අල්ලා ගෙන ඉදිරියට යද්දී ත‍්‍රස්තවාදින් යළි එම භූමින් අල්ලා ගන්නා බව කී ෆීල්ඞ් මාෂල්වරයා ත‍්‍රස්වාදින් 35,000 ක් සිටි බවත් එයින් 23,000 ක් මරා දමා අනෙක් 12,000 කට ආසන්න පිරිස අත් අඩංගුවට ගෙන පුනරුත්ථාපනය කළ බවත් සඳහන් කළේය.
සරත් ෆොන්සේකා මහතා මේ අදහස් පළ කළේ වෝක්ෂෝල් වීදියේ පිහිටි සජිත් පේ‍්‍රමදාස මහතාගේ කාර්යාලයේ දී ඊයේ (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.
සෙබළුන් කිසිවිටෙකත් ටයි කෝට් ඇඳි අයෙකුගේ අණ නොපිළිපදින්නේ යැයි ද ඔවුන් නිරන්තර පිළිගන්නේ නිල ඇඳුම් ඇඳි අයෙකුගේ අණ පමණක් යැයි ද හෙතෙම කියා සිටියේය.
කෙසේ වෙතත් ආරක්ෂක ප‍්‍රශ්න රටේ පවතින්නේ යැයි ද එහෙත් ඒවා දේශපානයට යොදා ගත යුතු නැතැයි ද කී ෆොන්සේකා මහාතා කිසිවිටෙකත් ආරක්ෂාව හා දේශපාලනය පටලා ගත යුතු නැතැයි ද කියා සිටියේය.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වුවත් ඔහුට කරන්නට වන්නේ ආරක්ෂක ලේකම් තනතුරේ වැඩකටයුතු යැයි ද ඒ සඳහා අගමැතිවරයා අණ දෙනු ඇතැයි ද ඊට හොඳම උදාහරණය වන්නේ දැනටමත් ඔහු අයියාගෙන් අසා පිළිතුරු දීම යැයි ද හෙතෙම සඳහන් කළේය.
සජිත් පේ‍්‍රමදාස මහතා ජනාධිපති ධූරයට පත්වූ පසු තමන්ට ආරක්ෂක ඇමැතිකම දුන්නත් නැතත් එක්සත් ජාතික පාක්ෂිකයෙකු ලෙස තමන් එම පක්ෂය ජයග‍්‍රහණය කරවීමට බැදී සිටින්නේ යැයි ද ඇමති ධුරය ලැබුණොත් කිසිදු අවස්ථාවක කිසිදු අන්දමකින් රටේ භෞමික අඛණ්ඩතාවයට හානිවන අන්දමේ සිදුවීමක් වන්නට ඉඩ නොතබන්නේ යැයි ද කී ෆොන්සේකා මහතා ජාති කුල ආගම්භේද හෝ පළාත් භේද නොතකා සියලු දෙනා රකින්නේ යැයි ද පැවසීය.
නීතිය හා සාමය ගැන කථා කරද්දී අදත් මත්ද්‍රව්‍ය උවදුර ගැන කථා නොකරන බව පැවසු මන්ත‍්‍රීවරයා කිසිදු නායකයකු සද්භාවෙයන් ඊට අත නොගැසූ බවත් වත්මන් පාලකයා පවා ඒ පිළිබඳව කථා කළේ දේශපාලන වාසියක් වෙනුවෙන් බවත් එල්ලා මැරීම ගෙනැවිත් ඔහු උත්සාහ කළේ දේශපාලනය වෙනුවෙන් ජීවිත හතරක් බිලිදීමට වුවත් එම පිරිස ගේ වාසනාවකට ඔවුන් බේරුණු බවත් සඳහන් කළේය.
අද සිටින පාතාලය පවා වැඩ පටන්ගත්තේ ඉකුත් පාලන සමයේ බව පැවසූ ෆොන්සේකා මහතා තමන් ආරක්ෂක ඇමැති ධූරය ලැබුණොත් පාතාලය අනිවාර්යයෙන්ම තුරන් කර දමන බවද කියා සිටියේය.
හමුදාවන්හි වසර 22 ක සේවයෙන් පසු විශ‍්‍රාම ගන්නා පිරිස වෙනුවෙන් රක්නා ලංකා ආරක්ෂක සේවය ආරම්භ කළ නමුත් හිටපු ආරක්ෂක ලේකම්වරයා නියෝග කර තිබුණේ එහි රැකියාවක් ලබාගන්නට නම් ප‍්‍රදේශයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක වරයාගෙන් ලිපියක් ලබාගෙන පැමිණිය යුතු බව යැයි ද ඔහු ප‍්‍රකාශ කළේය.
එවකට රතුපස්වල සිද්ධියට දුන් නියෝග ක‍්‍රියාත්මක කළ නිලධාරින් සිරගත වූ බව ද හලාවත ඇන්ටනි, කටුනායක රොෂේන් වැන්නන්ට වෙඩි තැබූ අය සිරගත වූ බවද එකී නියෝග නිකුත් කළ තැනැත්තන් ජනාධිපතිවරණයට ඉදිරිපත්වන බවද හෙතෙම කියා සිටියේය.
ටී එන් ඒ සංවිධානයේ යෝජනා ගැන අදහස් දැක්වූ ෆොන්සේකා මහතා එම යෝජනා දෙස බැලීමට සිදුව ඇත්තේ රටේ ජාතික සමගිය සංහිදියාව හා සමගිය යන කරුණු සමඟ යැයි ද බලය බෙදීම රටේ ඒකීය භාවයට හානි නොවන පරිදි යැයි ද කී මන්ත‍්‍රීවරයා යලි ත‍්‍රස්තවාදයක් නොඑන්නට නම් එවැනි යෝජනා දෙස බැලිය යුතු යැයි ද කීය.
මෙම මාධ්‍ය හමුවට යුද හමුදා මුලස්ථානයේ හිටපු මනෝවිද්‍යා අධ්‍යක්ෂ මේජර් ජනරාල් උපුල් විතානගේ සහ 55 වන සේනාංකයේ හිටපු නියෝජ්‍ය සේනාධිපති මේජර් ජනරාල් නිශ්ශංක රනවන යන මහත්වරු ද සහභාගී වූහ.-*----------------------------------------
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත ලැබී තිබේ.
මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකදී ඔහු සිය සහාය ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදෙන බව සඳහන් කළේය.
දින 52 ආණ්ඩුවේද විජයදාස රාජපක්ෂ මහතාගේ සහාය ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හා මහින්ද රාජපක්ෂ මහතාට ලබාදුන්නේය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාද මෙම අවස්ථාවට එක්ව තිබේ.
මෙම මාධ්‍ය හමුවේදී මන්ත‍්‍රීවරයා එක්සත් ජාතික පක්‍ෂයට දැඩිව දෝෂාරෝපණය කලේය.
ඊට අමතරව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ද මෙම අවස්ථාවට එක්ව සිටිති.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්‍ෂ අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක් විය.
ඒ, ජනාධිපති අපේක්‍ෂකත්වයට පත්වීමෙන් පසු පළමු වරටයි. එහිදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්න ගණනාවකට ඔහු පිළිතුරු ලබා දෙනු ලැබීය. ජනාධිපති අපේක්‍ෂකයන් එකම වේදිකාවකට ගෙනඑමින් ඉකුත්දා පැවැත්වූ වැඩසටහනට සහභාගි නොවීම සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු එහිදී ප්‍රශ්නයක් යොමු කළේය.
එහිදී ඒ මහතා මෙසේ පැවසිය.
"මගේ ප්‍රතිපත්ති මාලාව ගැන මම ඊට පෙර අවස්ථා ගණනාවකදී එලි දැක්වුවා. ප්‍රතිවිරුද්ධ මතවාද දරණ 10 දෙනෙක් එක තැනකට ගෙනල්ලා තව කෙනෙක්ව තනි කරන්න අවශ්‍යතාවයක් නැහැ. මම වියත්මග සම්මන්ත්‍රණය හරහා වෘත්තියවේදීන්, ගොවියන්, ධිවර ප්‍රජාව ඇතුළු රටේ සෑම අංශයක්ම මම මුණගැසුනා. මම කරන දේ ගැන සහ ඔවුන්ගේ ගැටළු ගැන මම හොයා බැලුවා. මට ඕන වැඩ කරන්න. මට වාද විවාද කර කර ඉන්න අවශ්‍ය නැහැ."
ජනතාව නොමැති කමින් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ජන්දයේ රැස්වීම් හතරක් පමණක් අමතා යළිත් කොළඹ බලා පැමිණි බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
ඇල්පිටිය පළාත් පාලන මැතිවරණය සඳහා කොට්ඨාශ 17ම විනාඩි 30 බැගින් රැස්වීම් ඇමතීමට සජිත් ප්‍රේමදාස මහතා සැලසුම් කර තිබුණමුත් රැස්වීම් 4ක් පමණක් අමතා ඔහු එම මැතිවරණ ව්‍යාපාරය නතර කර තිබේ.
එදිනම රනිල් වික්‍රමසිංහ මහතා ද ඇල්පිටිය රැස්වීම් ඇමතීමට නියමිතව තිබුන අතර සවස 3.30ට පමණ සිය හෙලිකොප්ටර් යානය ඇල්පිටිය බලා පිටත්ව යාමට නියමිතව තිබු අතර සවස 3.00ට පමණ ජනතාව නොමැති කමින් රැස්වීමට නොපැමිණෙන ලෙස සංවිධායකවරුන් අග්‍රාමාත්‍ය වරයාට දැනුම් දී ඇත.
එම නිසා අග්‍රාමාත්‍යවරයා එම රැස්වීම් වලට සහභාගී නොවීය.
මේ මොහොතේ භික්ෂූන් වහන්සේගේ වගකීම වන්නේ අසමගි වූ ජාතිය යළි නඟා සිටුවීමට කටයුතු කිරීම බව බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි පවසයි.
අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන් වහන්සේ මේ බව සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් වන අපේක්ෂකයින්ට සහයෝගය ලබා දෙන්නේ කාටද යන්න ප්‍රකාශ කිරීමට කිසි කලබලයක් නොමැති බව ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් පැවසීය.
බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳපුදා ගත්තේය.
ජාතික ජනතා ව්‍යාපාරයේ ජනපති අපේක්ෂක හිටපු යුධ හමුදාපති මහේෂ් සේනානායක මහතාට තමන් සමඟ එක්වන ලෙසත් එසේ එක්වන්නේ නම් තමාගේ රජයක් යටතේ ආරක්ෂක අමාත්‍යංශය ලබා දිය හැකි බව නව ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මහේෂ් සේනානායක මහතා වෙත යෝජනා කර ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.
එක්සත් ජාතික පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව තිබෙන අප්‍රසාදය වඩාත් ත්‍රීව්‍ර කිරීම මෙම යෝජනාව හේතු වී තිබේ.
සජිත් ප්‍රේමදාස මහතාගේ මෙම ඉල්ලීම මහේෂ් සේනානායක මහතා ප්‍රතික්ෂේප කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා කිසිසේත්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සහය නොදෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්රී කුමාර වෙල්ගම මහතා පුවත්පතකට පැවැසීය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආරක්ෂා කළ යුතු බවට වන ස්ථාවරයේ තමන් දැඩිව සිටින බවත් පැවසූ ඒ මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහාය ලබා දුනහොත් කෙටිකාලීනව දේශපාලන විවේකයක් ලබා ගන්නා බවත් සඳහන් කළේය.
ජනාධිපතිවරණය සඳහා ස්වාධීනව ඉල්ලා ජයග‍්‍රහණය කිරීමට නොහැකි බව හැඟී ගිය හෙයින් මෙවර නාම යෝජනා භාර නොදුන් බවත් වෙල්ගම මහතා සඳහන් කළේය.
රාජපක්ෂවරුන්ට පමණක් තරග බිමට ඒමට අවස්ථාවක් ලබා දිය නොහැකි බවත්, ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවට දිනේෂ් ගුණවර්ධන මහතා හෝ ඉදිරිපත් වූයේ නම් තමන්ට ගැටලුවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.
චමල් රාජපක්ෂ මහතා ඇප මුදල් භාරදී නාම යෝජනා භාර නොදුන් බැවින් තමන්ද නාම යෝජනා භාර නොදී සිටීමට අවසන් මොහොතේ තීරණය කළ බවත් වෙල්ගම මහතා වැඩිදුරටත් පැවැසීය.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ රීට් පෙත්සම ප්‍රතික්ෂේප කරමින් අභියාචනාධිකරණය ලබාදී තිබෙන තීන්දුවට විරුද්ධව ශ්‍රේෂ්ඨාධිකරණය වෙත අභියාචනා පෙත්සමක් ඉදිරිපත් කිරීමට කොළඹ සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සාමාජික, ලේඛක ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් තීරණය කර තිබේ.
මෙම පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු වූ කරුණු අද (07) දින අභියාචනාධිකරණය විසින් ප්‍රකාශයට පත් කළ පසුව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යන බව චන්ද්‍රගුප්ත තේනුවර මහතා පැවසීය.
අභියාචනාධිකරණය විසින් ලබාදුන් තීරණයක් අභියෝගයට ලක්කිරීමට දින 42ක කාලයක් තිබෙන බවත්, එම අවස්ථාව යොදාගැනීමට සැලසුම් කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
පෙත්සම ප්‍රතික්ෂේප කිරීමට හේතු අද (07) දිනයේදී දැනුම්දෙන බව අභියාචනාධිකරණය ප්රකාශ කර තිබෙන බැවින් එම කරුණු අධ්‍යයනය කර ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යාමේ වැඩපිළිවෙළ සකස් කරන බවද ඒ මහතා ප‍්‍රකාශ කළේය.
එක්සත් ජාතික පෙරමුණ ප්රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා පත්‍රයේ ගැටළු ඇති කිරීමට කිසියම් සැලැස්මක් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.
මේ නිසා සිය නාම යෝජනා පත්‍රය පිළිබඳව කටයුතු කිරීමට වෙනමම කණ්ඩායමක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.
සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔහුට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ රවී කරුණානායක අමාත්‍යවරයාට ඉතා හිතවත් පිරිසක් අත තිබීම ඊට හේතු වී තිබේ.
එම පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය සනාථ කිරීම සඳහා එහි ලේකම්වරයා විසින් අත්සන් තැබිය යුතු අතර එම ධූරය දරන්නේ කරුණානායක අමාත්‍යවරයාගේ ඉතා දිගු කාලීන කිට්ටු මිතුරියෙකු වූ නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මියයි.
ශර්මිලා පෙරේරා මහත්මිය මෙන්ම රවී කරුණානායක මහතා, අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිණි දිසානායක යන මහත්වරුන් සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සඳහා සක්‍රියව දායක වූ අය වේ. දෝෂාභියෝගයේ අවශ්‍ය ලියකියවිලි යතුරු ලියනය කිරීමෙන් අනතුරුව එහි කාබන් පිටපත වත්තල හැමිල්ටන් ඇලට විසි කරන ලද්දේද අද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා සිටින පිරිස්ය.
ඔක්තෝම්බර් 03 වනදා පැවැත්වෙන එජාප සම්මේලනයේදී යෝජනා 4ක් සම්මත කර ගැනීමට නියමිතය.
1.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම.
2.බලය බෙදා ජාතික ප්රශ්නය විසඳීම
3.යහපාලන ආණ්ඩුව ඇරඹු නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීමේ ක්‍රියාවලිය ඉදිරියට ගෙන යාම.
4.මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම.
මෙම යෝජනා 4 සඳහා සජිත් ප්‍රේමදාස මහතාට අපේක්ෂකත්වය ලබා දුන් කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීම අනුමැතිය හිමිව තිබේ.
මෙම සමුළුව සුගතදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතය.