April 25, 2024

සජිත්ගේ නාම යෝජනා පත්‍රයේ ගැටළු ඇති කිරීමේ සූදානමක් Featured

එක්සත් ජාතික පෙරමුණ ප්‍රමුඛ සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කර තිබෙන සජිත් ප්‍රේමදාස මහතාගේ නාම යෝජනා පත්‍රයේ ගැටළු ඇති කිරීමට කිසියම් සැලැස්මක් තිබෙන බවට තොරතුරු අනාවරණය වේ.

මේ නිසා සිය නාම යෝජනා පත්‍රය පිළිබඳව කටයුතු කිරීමට වෙනමම කණ්ඩායමක් පත් කිරීමට සජිත් ප්‍රේමදාස මහතා පියවර ගෙන තිබේ.

සජිත් ප්‍රේමදාස මහතා නාම යෝජනා ලබා දීමට බලාපොරොත්තුවෙන් සිටින හංසයා ලකුණ අයත් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ඔහුට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ වූ රවී කරුණානායක අමාත්‍යවරයාට ඉතා හිතවත් පිරිසක් අත තිබීම ඊට හේතු වී තිබේ.

එම පක්ෂයෙන් සජිත් ප්‍රේමදාස මහතාගේ අපේක්ෂකත්වය සනාථ කිරීම සඳහා එහි ලේකම්වරයා විසින් අත්සන් තැබිය යුතු අතර එම ධූරය දරන්නේ කරුණානායක අමාත්‍යවරයාගේ ඉතා දිගු කාලීන කිට්ටු මිතුරියෙකු වූ නීතිඥ ශර්මිලා පෙරේරා මහත්මියයි. 

ශර්මිලා පෙරේරා මහත්මිය මෙන්ම රවී කරුණානායක මහතා, අභාවප්‍රාප්ත ලලිත් ඇතුලත් මුදලි සහ ගාමිණි දිසානායක යන මහත්වරුන් සමඟ එක්ව සජිත් ප්‍රේමදාස මහතාගේ පියා වූ රණසිංහ ප්‍රේමදාස මහතාට එරෙහිව ඉදිරිපත් කළ දෝෂාභියෝගය සඳහා සක්‍රියව දායක වූ අය වේ. දෝෂාභියෝගයේ අවශ්‍ය ලියකියවිලි යතුරු ලියනය කිරීමෙන් අනතුරුව එහි කාබන් පිටපත වත්තල හැමිල්ටන් ඇලට විසි කරන ලද්දේද අද නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ වටා සිටින පිරිස්ය.

Last modified on Tuesday, 01 October 2019 14:07