May 03, 2024
Main

Main (651)

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කොට ඇමති ධූර සංඛ්‍යාව 48 ක් දක්වා සහ නියෝජ්‍ය ඇමතිධූර සංඛ්‍යාව 45ක් දක්වා ඉහළ දමා ගැනීමට ආණ්ඩුව ගෙනයන වැඩ පිළිවෙල තරයේ ප්‍රතික්ෂේප කරන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අවධාරණය කරයි.

ජාතික ආණ්ඩුවක් නිර්මාණය කර අමාත්‍යධූර ඉහල දමා ගැනීම වෙනුවෙන් ලබන 31 වැනිදා සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවට නව යෝජනාවක් ඉදිරිපත් කිරීමට සූදානම් වන බව කොළඹ බත්තරමුල්ල නෙළුම්මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු සභාපති මහාචාර්ය ජී. එල්.පීරිස් මහතා සඳහන් කළේය.

දහනවවන ව්‍යවස්ථා සංශෝධනයේ, 46 වන වගන්තියේ,හතර වන උපවගන්තියට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට හෝ එමඟින් අමාත්‍ය ධූර සංඛ්‍යාව ඉහළ දමා ගැනීමට කිසිදු අවස්ථාවක් නොමැති බවද ඒ මහතා පවසයි.

ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට නම් පාර්ලිමේන්තුව නියෝජනයකරන විශාලතම පක්ෂය සහ අනෙකුත් පක්ෂ අතර සම්මුතියක් ඇතිකර ගැනීම අනිවාර්ය වන බව ඒ මහතා පෙන්වා දෙයි.

නමුත් වත්මන් රජයට ඒකරාශීවීමට එවැනි පක්ෂ කිසිවක් නොමැති අතර යම් යම් පක්ෂවල ඇතැම් මන්ත්‍රීවරුන් එක්කරගෙන ජාතික ආණ්ඩුවක් පිහිටු වීමට හැකියාවක්ද නොමැති බවද ජී. එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.

රජයේ මෙම ක්‍රියාදාමය ප්‍රතික්ෂේප කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වගකීමක් බව පෙන්වාදෙන ඒ මහතා කැබිනට් අමාත්‍යවරුන් තිස්දෙනකුට වඩා වැඩිපුර සංඛ්‍යාවක් දිවුරුම් දීම වැළැක්වීමට ජනාධිපතිවරයාට හැකියාව තිබෙන බව පෙන්වා දෙයි.
 
කැබිනට් අමාත්‍යවරයෙකු නඩත්තු කිරීම සඳහා මාසයකට රජයට රුපියල් ලක්ෂ 85 ක මුදලක් දැරීමට සිදු වී ඇති අතර දැනට විසිඅටදෙනෙක් වන කැබිනට් අමාත්‍ය ධුර සංඛ්‍යාව තවත් 20 දෙනෙකුගෙන් ඉහළ දැමීමරටට දැරිය නොහැකි වියදමකි.

රටේ ආර්ථීකය කඩා වැටී ඇති තත්ත්වයක, දරිද්‍රතාවය ඉහල යමින් ඇති පසු බිමක තවත් අමාත්‍යධූර විස්සක් සහ නියෝජ්‍ය අමාත්‍යධුර විශාල සංඛ්‍යාවක් නඩත්තු කිරීමට සිදුවීම බරපතළ තත්ත්වයකි.  

වර්තමානයේ දී ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ මුවාවෙන් ජාතික ආණ්ඩුවක් පිහිටුවීමටවත් රජය උත්සාහ කරනනමුත් රජයට ඇති ඉතාම කෙටිකාල සීමාව තුල රටට වැදගත් කිසඳු පනතක් හෝ කඩිනමින් සම්මත කර ගැනීම සදාචාරාත්මක නොවේ.

මෙම කාලසීමාව පාර්ලිමේන්තුවේ නොනගත කාලසීමාවක් වශයෙන් හඳුන්වාදිය හැකි බව පෙන්වා දෙන මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා උපක්‍රමශීලීව ජාතික ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ දැරීම සහ අමාත්‍යධුර සංඛ්‍යාව ඉහළනංවා ගැනීමට උත්සාහ දැරීම තරයේ හෙලා දකින බව අවධාරණය කර සිටියි.

මෙම මාධ්‍ය හමුවට සහ භාගීවූ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාසඳහන් කළේ පළාත් සභා මැතිවරණය පැවැත්වීමට රජය ගෙන එන උත්සාහය හේතුවෙන් ජනාධිපතිවරණය තත්පරයක් හෝ කල්දැමීමට කිසිඳ ඉඩක් ලබානොදෙන බවයි. 

ජනාධිපතිවරණය කල්දමා ගැනීමට කුමන හෝ උපක්‍රමයක් යෙඳුවහොත් ඊට එරෙහිව නීතිමය කටයුතු සිඳු කිරීමට පසුබට නොවන බවද ඒ මහතාඑහිදී අවධාරණය කළේය.

ඉදිරි ජනාධිපතිවරණයේදී වත්මන් ආණ්ඩුව ගෙදර යැවීම සඳහා ශක්තිමත් කඳවුරක් නිර්මාණය වීම අනිවාර්ය වන අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 99% නියෝජිතයින් ළඟම නෑයා වන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ හා එක්වනු ඇතැයි ඒ මහතා විශ්වාසය පල කරයි.    

ඉදිරි ජනාධිපතිවරණයෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නියත වශයෙන්ම ජය ගන්නා බව  එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් සොයිසා මහතා පවසයි.

රත්නපුර කොළොන්න ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා ඒ බව සඳහන් කළේය.

මැතිවරණ පවත්වන ඕනෑම මොහොතක තම අපේක්ෂකයා බවට පත් වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බවත් ඡන්ද ලක්ෂ 65 ඉක්මවා ලබා ගැනීම නිසැකවම සිදුවන බවත් ඒ මහතා පවසයි.

ජනතාවගේ බත් පත නැති කළ යහපාලන ආණ්ඩුව පලවා හැරීමට ලැබෙන පළමු අවස්ථාවෙන්ම ප්‍රයෝජන ගන්නා ලෙසත් ඔහු ජනතාවට පැවසීය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් අද සන්ධාන ගත විය.

ඊට අදාළ ගිවිසුමට අත්සන් තැබුණේ, විජේරාමේ මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී ය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් එහි ලේකම් සාගර කාරියවසම් මහතා සමග අවබෝධතා ගිවිසුම්වලට අත්සන් කළ පක්ෂ සහ එම පක්ෂ නියෝජිතයෝ පහත දැක්වේ.

  1. දෙමළ ජාතික නිදහස් පෙරමුණ වෙනුවෙන් - විනයාගමූර්ති මුරලිදරන්
  2. මව්බිම ජනතා පක්ෂය වෙනුවෙන් - හේමකුමාර නානායක්කාර
  3. ලංකා කම්කරු එක්සත් පෙරමුණ වෙනුවෙන් - එස්. සතාසිවම්
  4. ඊලවර් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණ වෙනුවෙන් - සලවර්නාදන් දුෂ්‍යන්තන්
  5. මුස්ලිම් උලමා පක්ෂය වෙනුවෙන් - මුබාරක් අබ්දුල් මජීඩ්
  6. ලිබරල් පක්ෂය වෙනුවෙන් - කමල් නිශ්ශංක
  7. නව සිහල උරුමය වෙනුවෙන් - සරත් මනමේන්ද්‍ර
  8. ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පක්ෂය වෙනුවෙන් - අරුණ ද සොයිසා
  9. එක්සත් ලංකා මහා සභාව පක්ෂය වෙනුවෙන් - ජයන්ත කුලසිංහ
  10. භූමි පුත‍්‍ර පක්ෂය වෙනුවෙන් - සරත් විජේරත්න 

රනිල් වික්‍රමසිංහ මහතාව මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් නොකරන කතාවක් එක්සත් ජාතික පක්ෂය තුළ කිසිසේත් නොමැති බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. 

 මහතා මේ බව පැවසුවේ එජාප මාධ්‍ය හමුවක් අමතමිනි. 

"කවුද කියන්නෙ එතුමා ඉදිරිපත් කරන්නෙ නැහැයි කියලා ? 2020 නියත ජයග්‍රහණය කරන්න පුළුවන්, ශක්තිමත් තැනට ගෙනියන්න පුළුවන්, බුද්ධිමත් වූ අපේ ජ්‍යේෂ්ඨ නායකත්වයට. රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඒක ගොඩනඟන බවට අපට දැඩි විස්වාසයක් තියෙනවා" යනුවෙන් ඒ මහතා ප්‍රකාශ කළේය. 

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

රාත්‍රී 11.45ට සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණි බව වාර්තා වේ.

මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව අනිද්දා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය මස 19 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ මැයි මස 31 වනදා තම සේවාදායකයාට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක් සිදුකළ බවය.

ඒ අනුව විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය අවසරය ලබාදුන් අතර, එම කාලය අදින් අවසන් වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා චමල් රාජපක්ෂ මහතා විය යුතු බවට සිය ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි ද අග්‍රාමාත්‍යවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත්වීම අනිවාර්යයෙන්ම සිදුවනු ඇතැයි ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පැවසීය.

19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ අලුතින් පත්වන ජනාධිපතිවරයාගේ විධායක බලතල යම්දුරකට අහිමිවී අග්‍රාමාත්‍යවරයාට වැඩි බලයක් හිමිවන බවද මන්ත්‍රීවරයා කීය.

ගෝඨාභය රාජපක්ෂ හිටපු ආරක්ෂක ලේකම්වරයා දේශපාලනඥයකු වීමට සුදානම් නම්, ඔහු වටා ජනබලවේගයක් ගොඩ නැගිය යුතු බවද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

කුමාර වෙල්ගම මන්ත්‍රීවරයා රටේම නායකයා වීමට වුවත් සුදානම් බවට කර ඇත්තේ පදනම් විරහිත ප්‍රකාශයක් බවද එවැනි අය රජකාලෙත් බොරුවට පෙනී සිටි බවද මන්ත්‍රීවරයා සඳහන් කළේය.

අපේක්ෂකයන් පස්දෙනෙක් විතර යෝජනාවෙලා ඉන්නවා.ඒ අතුරින් වඩාත් සුදුසු කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරාවි.රාජපක්ෂ පවුලේ අයටත් බොහෝ ඉල්ලුමක් තියෙනවා.ඒ අනුව අපි අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තාවයකට එන්න පුලුවන් කම තියෙද්දී, හැබැයි ගරු අගමැතිතුමා දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා තිරුපති ගිහිල්ලා අහන්න හදනවා කවුද ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියල.ඒ නිසා අපි ගරු අගමැතිතුමාට කියනවා ඔබතුමාගේ පුද්ගලික මුදල් හරි මහජන මුදල් හරි වියදම්කරගෙන ඉන්දියාවේ ගිහිල්ල තිරුපති ගිහිල්ල පුදපූජා තියල ඔතන ජනාධිපති අපේක්ෂකයා තෝරන්න හිතනවාට වැඩිය අර්බුද සමතය කරල ගැටුම් විසදගෙන ගැටුම් විසදාලීමේ ක්‍රමවේදය හරියට දන්නේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවනම් ජනාධිපති අපේක්ෂකයා තෝරණ ක්‍රමය කොහොමද කියල එතුමා උපදෙස් දෙයි මෙන්නමේ විදියට තෝරන්න කියල’ යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.

සති අන්තයේ පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මන්ත්‍රී වරයා මෙම අදහස් පලකරන ලදී.මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ,

"සියලු දෙනාගේ එකගතාවය ලබාගෙන තියෙනවා අපි අපේ අපේක්ෂකයා සම්බන්දයෙන්.අගෝස්තු 11 වෙනිදාට ඉතාම උත්සවාකාරයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මුලු රටටම ඇහෙන්න ඔලුවරසන් මැද්දේ අපේ අපේක්ෂකයා හදුන්වා දීමට සියලු කටයුතු සූදානම්. පසුගිය පක්ෂ නායක රැස්වීමේදී අපි සාකච්ඡා කරල එකගතාවයකට ආවා ඒකාබද්ධ විපක්ෂය එක්ෂත් ජාතික පක්ෂ විරෝධී කදවුර නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සාකච්ඡා කිරීමේදී යෝජනා ගණනාවක් ආවා ඒ ආපු යෝජනා පිළිබදව අවසන් තීන්දුව ගැනීම පක්ෂ නායකයන්ගේ ඒකමතික තීරණයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා වෙත පැවරුවා.ඔබ තුමා එම තීන්දුව ගන්න කියල දැන් අපි සූදානම් පක්ෂ නායකයන් විසින් දීපු බලය පැවරීම උඩ 11 වැනිදාට අපි දුන්න බලය අනුව අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදාට ඉදිරිපත් කරනවා. ජනාධිපති අපේක්ෂකයාට නම් ගණනාවක් යෝජනා උනා.නම් කීහිපයක් යෝජනා වුනා.ඒ යෝජනා වුන නම් වලින් වඩාත් සුදු නමක් තෝරාගැනීමේ වගකීම පක්ෂ නායකයින් විසින් වර්ග කිරීමකින් තරග කිරීමකින් තොරව ගරු විපක්ෂ නායක තුමා වෙත පැවරුවා.මෙතන අපිට වහන්න දෙයක් හංගන්න දෙයක් නැහැ.අපේ පක්ෂය රටේ වඩාත් ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු පක්ෂයක්. මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා.එතුමා මේ ප්‍රශ්නය ඉතා ප්‍රජාත්‍රන්ත්‍රවාදීව එතුමාගේ දීර්ඝ කාලයක දේශපාලන දැනුම,දැක්ම අත්දැකීම එක්ක අපේක්ෂකයා තෝරණවා කියන එක අපිට සැකයක් නැහැ."

ත්‍රස්තවාදයට ක්‍රියාත්මක විමට කාල වේලාවක් නොමැති හෙයින් රටේ ආරක්ෂක හමුදාවන් ඕනෑම මොහොතක සුදානමින් සිටින බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

යුද හමුදාපති වරයා ඒ බව සඳහන් කළේ ඊයේ (18) පෙරවරුවේ රාගම පැවති වැඩසටහනකට එක් වෙමිනි.

රටේ ආරක්ෂාව මේ වන විට සාමකාමී තත්ත්වයට පත්ව ඇති බවත් අත්අඩංගුවට ගැනීමේ ක්‍රියාන්විතයන් තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවත් ඒ මහතා පවසයි.

කෙසේ වෙතත් මේ වන විට මුහුණ පෑමට ඇත්තේ ගෝලීය ත්‍රස්තවාදයකට බැවින් ත්‍රස්තවාදය අවසන් වන දින වකවානු නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවත් සියලු දෙනාටම සාමය උදාකිරීමට කටයුතු කරන බැවින් හමුදාව කෙරෙහි විශ්වාසය තබා ගන්නා ලෙස ඒ මහතා ප්‍රකාශ කරයි.

එසේම ජනතාව ද ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් විය යුතු අතරම ආරක්ෂක අංශ වෙත සහයෝගය ලබා දිය යුතු බවත් යුධ හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතැමුන් තමාගේ චරිතය ඝාතනය කිරීමට ක්‍රියා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“උඩුගම් බලා පිහිනනකොට සමහර නරි ගං ඉවුර දෙපැත්තේ ඉදන් හූ කියනවා. අපේ උදාගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පිහිනන වැඩසටහනක්. නමුත් කණගාටුවට කාරනාව අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි කොට්ඨාශය දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද? කොච්චර තර්ජනද කිව්වොත් මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා.  ඒ තරමටම හිතේ තරහ තියනවා. දෙපැත්තේ ඉන්න නරිටික දේශපාල ග්‍රැනයිට් අතේ තියන් ඉන්වා සජිත් ප්‍රේමදාසට දමලා ගසන්න.“

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 216 වන අභිසෙස්ගම නිවාස සංකීර්ණය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණි.

එක්සත් ජාතික පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා බවට පත්විය යුත්තේ බිම් මට්ටමේ ශාඛාවල සාමාජිකයින් යෝජනා කරන, පක්ෂයේ ජනප්‍රියතම පුද්ගලයා බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (14) පොළොන්නරුව බුද්ධි මණ්ඩපයේදී පාක්ෂිකයින් පිරිසක් අමතමින් පැවසීය.
 
තමන්කඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ අඩු ආදායම්ලාභී පවුල් 1125දෙනෙකුගේ නිවාස සෙවිලි කරගැනීමට රුපියල් ලක්ෂ 400ක් වටිනා උපකරණ සහ ආධාර ලබාදීමේ උත්සවයකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
 
එහිදී ඒ මහතා මෙසේද කීය.
 
“යහපාලනය වෙනුවෙන් එළියට බැස්ස ප්‍රථමයා හැටියට යහපාලනය ආරක්ෂා කරන්න නම් අපි ආදර්ශවත් විය යුතුයි. අද කවුරුත් අහනවා අපේ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා. තවමත් නිල වශයෙන් පක්ෂයකින් ඒ බව දැනුම් දී නැහැ. හැබැයි අපේ පක්ෂයේ අපේක්ෂකයා කවුරු විය යුතුද කියලා මම අදහසක් ඉදිරිපත් කරනවා. හැම දිස්ත්‍රික්කයකම තිබෙනවා බිම් මට්ටමේ ශාඛා. අන්න ඒවායින් ඇහුවානම් මහා ලොකු හඬක් එයි කවුද අපේක්ෂකයා කියලා. ඒ උපදෙසයි අපේ නායකයෝ ගතයුත්තේ. ජනතාව කවුද අනුමත කරන්නේ, ඔවුන්ගේ ඉල්ලීම කොතැනද, ඒ පුද්ගලයායි අපේ අපේක්ෂකයා විය යුත්තේ. අපේ පක්ෂයේ සාමාජිකයින්ට තීරණය කරන්න දෙනවා නම් ඔවුන්ගේ නායකයා කවුද කියලා, එයයි ප්‍රජාතන්ත්‍රවාදය.  අපි ඉදිරි දිනවලදී ලොකු සටනක් කරනවා පක්ෂයේ ප්‍රජාතන්ත්‍රවාදය ගෙනල්ලා, පාක්ෂිකයන් ඉල්ලන නායකත්වය අරන් එන්න”