April 25, 2024

"මට හිතෙනවා මාවත් මරලා දාවිද කියලා - ග්‍රැනයිට් අතේ තියාගෙන බලාගෙන ඉන්නේ" - සජිත් Featured

ජනතා සේවයට කැප වෙමින් තමා යන ගමන වැළැක්වීමට බොහෝ පිරිස් උත්සාහ දරමින් සිටිව බව නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ගාල්ල ඇල්පිටිය ප්‍රදේශයේ ඊයේ (17) පැවති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

මේ අතර අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් පැවසුවේ ඇතැමුන් තමාගේ චරිතය ඝාතනය කිරීමට ක්‍රියා කරන බවයි.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා මේ බව පැවසීය.

“උඩුගම් බලා පිහිනනකොට සමහර නරි ගං ඉවුර දෙපැත්තේ ඉදන් හූ කියනවා. අපේ උදාගම්මාන වැඩසටහනත් උඩුගම් බලා පිහිනන වැඩසටහනක්. නමුත් කණගාටුවට කාරනාව අර ඉවුර දෙපැත්තේ ඉන්න නරි කොට්ඨාශය දිගටම චරිත ඝාතනය කරනවා. කොච්චර විවේචනද? කොච්චර තර්ජනද කිව්වොත් මාව මරලා දායිද කියලා වෙලාවකට හිතෙනවා.  ඒ තරමටම හිතේ තරහ තියනවා. දෙපැත්තේ ඉන්න නරිටික දේශපාල ග්‍රැනයිට් අතේ තියන් ඉන්වා සජිත් ප්‍රේමදාසට දමලා ගසන්න.“

සැමට සෙවණ යළි පිබිදෙන උදාගම්මාන වැඩසටහන යටතේ ඉදිකළ 216 වන අභිසෙස්ගම නිවාස සංකීර්ණය අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ ජනතා අයිතියට පත් කෙරුණි.

Last modified on Thursday, 18 July 2019 17:05