දක්ෂිණ අධිවේගි මාර්ගයේ පින්නදුව පිවිසුම අසල ඉදිකොට ඇති බුද්ධ ප්‍රතිමාවේ ඇති වළාකුළු බැම්ම කඩා ඉවත් කිරිමට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් නියෝග කොට ඇති බව පවසමින් අක්මිමන ප්‍රදේශයේ මහා සංඝරත්නය ඇතුළු ප්‍ර දේශවාසින් පිරිසක් ඊයේ පස්වරුවේ (08) එම ස්ථානයට පැමිණ එම තිරණයට විරෝධය පළකරණු ලැබිය.
අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ සභාපති මහාචාර්ය අගුළුගහ දම්මින්ද, අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙහෙල්වල සුමංගල යන හිමිවරුන් ඇතුළු මහා සංඝරත්නය එම බුදු පිළිමයඉදිකොට ඇති පින්නදුව පිවිසුමට වැඩමකොට දැඩි විරෝධය පළකරණු ලැබිය. වළාකුළු වැට කඩා ඉවත් කිරිමට ඉඩ නොදෙන බව මහා සංඝරත්නය මෙහිදි සදහන් කළහ. අක්මිමන ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි කෙහෙල්වල සුමංගල හිමියන් මෙහිදි අදහස් දක්වමින් මෙසේ කිහ.
"මේ ස්ථානයේ තිබේන බුද්ධ ප්‍රතිමාව හා වළාකුළු පිළිමය ඉවත් කරන්න ඇති අයිතිය කුමක්ද, මාර්ග සංවර්ධන අධිකාරියෙන් කියලා තියෙනවා වළාකුළු බැම්ම ඉවත්කරන්න කියලා. ඊට පස්සේ බුද්ධ ප්‍රතිමාව ඉවත් කිරිමට කටයුතු කරාවි. මේ බුද්ධ ප්‍රතිමාව ඉදිකරලා දිලා තියෙන්නේ සුදුජාතික මහත්මයෙක්. මෙක ඉවත්කරන්න අපි දෙන්නේ නැහැ. එහෙම ඉවත්කරන්න ආවොත් අපි උපවාසයක් ආරම්භ කරණවා." යැයි සුමංගල හිමියන් සදහන් කළහ.
මෙකි බුද්ධ ප්‍රතිමාව ඉදිරිපස ප්‍රදේශයේ ධානපතියකුගේ අනුග්‍රහයෙන් කැටගල් ඇල්ලිම සදහා කැටගල් ද ගෙනවිත් තිබුණි. කැටගල් ඇල්ලිම නතර කරණ ලෙස මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම් දි ඇති බවද පැවසේ. පසුව ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රි මනුෂ නානායක්කාර මහතා මැදිහත් වි මේ සම්බන්දව විමසිමට මාර්ග සංවර්ධන අධිකාරයේ සභාපති නිහාල් සුරිආරච්චි මහතා දුරකථනයෙන් සුමංගල හිමියන්ට සම්බන්ද කර දුන්නේය. එහිදි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා මෙසේ කිවේය.
"හාමුදුරුවනේ බුදු පිළිමයට මොනවත් කරන්නේ නැහැ. බුදුපිළිමයට එහා සංවර්ධනය කරණවානම් අපට කියන්න ඕන. වෙන වෙන සංවර්ධන කටයුතු කරන්න අමාරුයි. ඒ සදහා අවසර ඉල්ලා නිත්‍යානුකුල විදියට කරගන්න. අපි අවසර දෙන්නම්. නිත්‍යානුකුල විදියට කටයුකු කරගන්න ඕන. බුදු පිළිම වහන්සේට අමතරව සංවර්ධන කටයුතු කරණවානම් අවසර ගන්න වෙනවා. ඒ අවසරය දෙන්නම් අනුමැතිය ගන්න ඕන අපිත් බුද්ධාගම්කාරයෝ."
මෙහිදි සභාපතිවරයා හා සුමංගල හිමියන් අතර උණුසුම් වචන හුවමාරුවක්ද ඇතිවිය. කාන්තන්කුඩි ප්‍රදේශයේ ආගමික ස්ථාන ඉදිකොට ඇත්තේ අවසරගෙන දැයි සුමංගල හිමියන් ප්‍රශ්න කළහ.
(ලලිත් චාමින්ද)
එක්සත් ජාතික පක්‍ෂයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් වන බව වාර්තා වේ.
ජනාධිපති අපේක්‍ෂත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කියැවෙන බැවින් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා තෝරාගැනීම සඳහා පක්‍ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පුවත්පතකට පවසා ඇත.
පක්‍ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු දෙනා නිල නොවන ලෙස එකඟත්වයට පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළේය.
මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ අපේක්‍ෂකත්වයට සුදුසු පුද්ගලයා සම්බන්ධයෙන් ජනතාව සහ පාක්‍ෂිකයන් දක්වන අදහස් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්‍ෂය අවධානය යොමුකර තිබේ. ඒ සඳහා ගම් මට්ටමින් සමීක්‍ෂණයක් පැවැත්වීමටත් සුදානම් කර ඇති බවත්, මෙතෙක් එලෙස සමීක්‍ෂණයක් පවත්වා අවසන් ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.
කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කලේය.
බිම්මට්ටමේ ඉතිරිව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වේගයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ගම් මට්ටම්න් නගර මට්ටමින් සහ සමස්ථ රටක් වශයෙන් පක්ෂය වේගයෙන් කඩාවැටෙමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.
ඒ නිසා මේ අවස්ථාවේ නායකත්වයට ගතහැකි ඥානවන්තම ක්‍රියාව වන්නේ නිදහස් පාක්ෂිකයින් බලහත්කාරයෙන් වෙනත් පක්ෂවලට තල්ලු නොකොට මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලබන අපේක්ෂකයා දිනවීමට සහය දීම බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කලේය.
මේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් චන්ද්‍රසේන මහතා සඳහන් කලේ ජනාධිපතිවරයාගේ මරණීය දන්ඩනය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලත්, කලු ජූලිය සුදු කරන, එජාපයේ සුදු ජූලිය සහන පැකේජයත් ඡන්ද ගුන්ඩුවක් බවයි.
වසර හතරහමාරක් රට පාලනය කල නායකයින් දෙපල මෙම වැදගත් තීරණ ගැනීමට මේ තරම් පමාවූයේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.
දහනවවන ව්‍යවස්ථා සංශෝදනයේ බරපතල ගැටලුකාරී තත්වය උත්සන්න කරමින් රට අස්ථාවර කරන තවත් අර්බුදයක් ලබන සතියේදී කරලියට පැමිණෙනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී අණාවරණය කලේය.
අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ගෝලයෙක්ගේ නම හෙලි කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.
ඉදිරියේදී ඔහු හිරේ යනු ඇතැයිද ඇමතිවරයා පැවසීය.
ආණ්ඩුවේ දේශපාලඥයන් හතර දෙනෙක් හා විපක්‍ෂයේ දේශපාලඥයන් තුන් දෙනෙකුගේ නම් මධුෂ් විසින් හෙලි කර ඇති බවද ඒ මහතා සදහන් කලේය.
මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,
“කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා. ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා. පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා. වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා. බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි. ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා. වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා."
පසුගියදා ජනාධිපතිවරයා ඉදිරියේ ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යවරයා දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතා ග්‍රාමීය සංවර්ධන අමාත්‍යාංශයේ වැඩ භාර නොගැනීම හේතුවෙන් දීවයින පුරා ක්‍රියාත්මක වන ආර්ථික මධ්‍යස්ථාන වල සේවා සියල්ල අඩපණ වී නිලධාරීන් සහ වෙළෙන්දන් අතර අර්බුදකාරී තත්වයක් මතුව ඇතැයි දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කරති.
ආර්ථික මධ්‍යස්ථාන පාලනය වන කළමනාකරණ භාර රැස්වීම් මාසිකව පැවැත්විය යුතු වුවද මේ වන විට මාස ගණනාවකින් ඒවාද නොපැවැත්වීම නිසා කළමනාකරණ භාර සේවකයන් සහ වෙළෙන්දන් අතර මේ දිනවල දැඩි ගැටුම්කාරී තත්ත්වයක් උද්ගතවී ඇතැයි වෙළෙඳ සංගමයේ සභාපති යු . බී .ඒකනායක මහතා පැවසීය.
මේ දිනවල ආර්ථික මධ්‍යස්ථාන පරිපාලනය සහ වෙළෙන්දන් අතර ඇතිවන ගැටුම් කාරී තත්වය නිරන්තරයෙන් දැක ගැනීමට හැකි වූ අතර 03 දින පෙරවරුවේ අප දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය අවස්ථාවේදී ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ නියෝජිතයන් සහ කළමණාකරන භාරයේ කළමනාකරු අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවිය.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගොස් අප ආර්ථික මධ්‍යස්ථාන භාරව ඇමතිවරයා කවුරුන්ද යන්න වෙළෙන්දන්ගෙන් සහ එහි රැඳී සිටි ව්‍යාපාරිකයන්ගෙන් විමසීමේදී බොහෝ දෙනෙකු කියා සිටියේ ඇමතිවරයා කවුරුන්ද නොදන්නා බවත් ඇතැම් අය කියා සිටියේ පි .හැරිසන් ඇමැතිවරයා බවය. එක් අයකු පමණක් කියා සිටියේ රංජිත් මද්දුමබණ්ඩාර මහතා ඇමති බවය.
කෙසේ වෙතත් පසුගියදා ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා පි හැරිසන් ඇමැතිවරයා සතුව පවතී ග්‍රාමීය ආර්ථික කටයුතු පිළිබඳ අමාත්‍ය ධුරය ඉවත් කොට රංජිත් මද්දුම බණ්ඩාර මහතා ට ලබාදී දිවුරුම් දුන්නේය.
එහෙත් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමය චෝදනා කර සිටියේ මේ වන තුරුත් ඇමතිවරයා දිවුරුම් දුන්නට වැඩ බාර නොගැනීම හේතුවෙන් රටේම ආර්ථික මධ්‍යස්ථාන වල අර්බුද මතුවී තිබෙන බවත් තවත් දින කීපයක් මේ පිළිබඳව පියවරක් නොගන්නේ නම් වහාම සියලුම ආර්ථික මධ්‍යස්ථාන ඒකාබද්ධ වී රටේ විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බවය.
එමෙන්ම අර්ථික මධ්‍යස්ථානයේ ව්‍යාපාරිකයින් කියා සිටියේ මේ වන විට ආර්ථික මධ්‍යස්ථාන භාරව 2015 වසරේ සිට ඇමතිවරුන් පස් දෙනෙකු මරු වී තිබෙන බවය. මෙය ද බරපතළ හානියක් බව ඔවුහු පෙන්වා දෙති .
ආර්ථික මධ්‍යස්ථාන වල පරිපාලන කටයුතු ක්‍රියාත්මක වනු ලබන්නේ කළමනාකරණ භාරයකින් බවත් එහි සේවකයන් සාමාජිකයින් පවා දේශපාලන අවශ්‍යතා මත වෙනස් කිරීම හේතුවෙන් ටෙන්ඩර් පත් පමණක් ලබා ගැනීමට ඔවුන් ඉදිරිපත් වන බවද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති යු .බී. ඒකනායක මහතා චෝදනා කළේය.
මෙතෙක් ආර්ථික මධ්‍යස්ථාන භාරව කටයුතු කරන ග්‍රාමීය ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් රංජිත් මද්දුම බණ්ඩාර මහතාගෙන් අප මේ පිළිබඳව දුරකථනයෙන් විමසීමක් කළෙමු.
ඒ මහතා කියා සිටියේ තමන් ආර්ථික සංවර්ධන කටයුතු අමාත්‍යංශය වරයා ලෙස දිවුරුම් දුන්නද වැඩ බාර ගත් නොගත් බවය. ඉදිරියේදිත් තමා වැඩ භාරගැනීම ප්‍රතික්ෂේප කරන බවද ග්‍රාමීය ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ විෂයපථ රැසක් ආයතන රැසක් පැවතුනද තමා වෙත ආර්ථික මධ්‍යස්ථාන පමණක් ලබාදීම නිසා එය ප්‍රතික්ෂේප කරන බවද සඳහන් කළේය.
විජිතමුණි සොයිසා මහතාටත් වර්තමාන කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතාට එම අමාත්‍යාංශයේ පැවැති පශු සම්පත් සංවර්ධන අංශය සහ විවිධ අංශ රැසක් එම අමාත්‍යංශය යටතේ පැවැත්වුණු නමුදු තමන්ට පමණක් ආර්ථික මධ්‍යස්ථාන විෂය පමණක් ලබාදීම නිසා තමන් එම අමාත්‍ය ධූරයේ වැඩ භාර නොගන්නා බවට තීරණය කළ බවද හෙතෙම කීවේය.
(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
සජිත් අපේක්ෂකයා වෙනවාට අපි කිසිම විරුද්ධත්වයක් නැහැ හැබැයි ජනාධිපති වෙනවාට මුළු රටම විරුද්ධයි එතුමා කියන විදියට ජනාධිපති අපේක්ෂකයාගේ සුදුසුකම් වෙන්න ඕන ඇස් දෙක යට ගිහිල්ලා තියෙන්න ඕන, හකු යට ගිහිල්ලා තියෙන්න ඕන ඊළඟට රෑට නින්ද යන්නේ නැති වෙන්න ඕන එකට ඩලස් අලහප්පෙරුම මහත්තයා හොඳ උත්තරයක් දුන්නා මම කැමති නෑනේ ඒ උත්තරේ දෙන්න කොහොම වුණත්ඒ උත්තරය හොඳයි කියලයි මම හිතන්නේ හිටපු ජනාධිපති මහන්ද රාජපක්ෂ මහතා කීය.
ඌරුබොක්ක ගින්නැලිය දිව්‍ය ප්‍රේමය දේවස්ථානය සංවර්ධනය කිරීමෙන් අනතුරුව විවෘත කරන අවස්ථාවට එක්වෙමින් හිටපු ජනාධිපති වරයා මෙම අදහස් පල කරන ලදී.
මෙහිදී දේවස්ථානයට අදාල ඔප්පුව ප්‍රධානය කිරීම හිටපු ජනාධිපති වරයා අතින් සිදු කෙරිණි මෙම අවස්ථාවට පස්ගොඩ ප්‍රාදේශීය ලේකම් කේ.එන්.කෞෂල්‍ය කුමාරි මහත්මියද එක්විය.
දේව මන්දිරය විවෘත කිරීමේන් අණතුරුව ප්‍රථම දේව මෙහෙය කොළඹ රදගුරු ඩෙලෝරාජ් රංජිත් කණග සබේ රදගුරුතුමා විසින් සිදුකරණ ලදී.
මෙහිදී වැඩිදුරයත් අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා කියා සිටියේ,
“ගමේ තියෙන සමගිය ආගමික සමගියක් පමණක් නෙවෙයි ගමේ තියෙන සමගිය ජාතික සම්බන්ධතා තියෙන කියන එකක් එකත් ඒ නිසා එහි වැදගත්කමක් තියෙනවා. සියලු දෙනාටම එක් රැස් වෙන්න අදහස් ප්‍රකාශ කරන්න අදහස් හුවමාරු කරගන්න අවස්ථාවක්. ඒ නිසා පසුගියදා ඇති වෙච්ච අපිට අද අවශ්‍ය නොව නොව ජාතික සංඛ්‍යාව පමණක් නොවෙයි ආගමික සංහිඳියාව වඩාත් ශක්තිමත් කර ආදර්ශමත් රටක් බවට මේ රට පත් කරන්න අපිට පුලුවන් වෙයි කියලා අපි විශ්වාස කරනවා මෙවැනි අවස්ථාවට සහභාගී වෙන්න ලැබීම ගැන මා සතුටු වෙනවා නැවත වාරයක් ඔබ වහන්සේලාට ඔබ වහන්සේලාට අපේ ගෞරවනීය ස්තුතිය පුද කරනවා."
එක්සත් ජාතික පක්ෂයේ නව ආර්ථික වැඩපිළිවෙළ හේතුවෙන් වෙනත් කිසිදු යුගයක නොවූ ප‍්‍රබෝධයක් අද ගම් තුළ ඇති වී තිබෙන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා පැවැසීය.
ගම්පෙරළිය වැනි වැඩසටහන් මගින් අද රටේ සෑම කොණක්ම ශීඝ්‍ර දියුණුවකට ලක්ව ඇති බව පැවසූ මන්ත‍්‍රීවරයා පාට පක්ෂ භේදයකින් තොරව මෙම වැඩසටහන් සිදුකරන බවත් සඳහන් කළේය.
කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කාවින්ද ජයවර්ධන මහතා මෙසේද කීය.
‘‘අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නායකත්වයෙන් අපේ රජය මේ රටේ දැවැන්ත සංවර්ධන විප්ලවයක් කරගෙන යනවා. මේ වැඩපිළිවෙළ අපි කරන්නේ ගම සංවර්ධනය කිරීමේ චේතනාවෙන්. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ අද අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා හැම ආසනයකටම මිලිය300ක් ලබාදෙන්න. ගම සංවර්ධනය කරලා රට සංවර්ධනය කරන වැඩපිළිවෙළක් එදා මෙදා තුර කිසිදු ආණ්ඩුවකින් ක‍්‍රියාත්මක කරලා නැහැ. අවුරුදු 20ක් තිස්සේ අපේ පාක්ෂිකයන්ට සමෘද්ධිය ලැබුණේ නැහැ. ශ්‍රී ලංකා නිහස් පක්ෂයේ පාක්ෂිකයන්ට පමණයි මේ අවුරුද්ද තුළ සමෘද්ධිය ලැබුණේ. අපි ඒ පිරිසගෙත් සමෘද්ධිය කප්පාදු නොකර එය හිමිවිය යුතු තවත් පවුල් ලක්ෂ හයකට ඒ සහනය ලබා දුන්නා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් 18 සහ 19 වැනි සංශෝධන ගැන කතා කරනවා. අපි දන්නවා මහින්ද රාජපක්ෂ මහතා 19වැනි සංශෝධනයට වෛර කරන්නේ ඇයි කියලා. 18 අහෝසි කිරීම නිසා ජනාධිපති අපේක්ෂකයෙක්වත් හොයා ගන්න බැරුව අද ඔවුන් බංකොලොත් වෙලා. අද පොහොට්ටුව දන්නවා 19 නිසා තමයි අද මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ස්ථාපිත වෙලා තියෙන්නේ කියලා. ඒ නිසා මේ අය 19 ගැන වෛරයෙන් පසුවෙනවා."
"ප‍්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ ව්‍යවස්ථාවට විරුද්ධ මෛත‍්‍රීපාල සිරිසේන මහතාට හිතූ පැතූ දේ 19න් කරන්න බැරිවූ නිසයි. ගෑනියෙක් පිරිමියෙක් කරනවා ඇරෙන්න අනිත් සියලු දේ කරන්න පුළුවන් වන ව්‍යවස්ථාව අපි වෙනස් කළා. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනවාරි 08වෙනිදාට පෙර පුනපුනා වේදිකාවේ කිව්වා මම යළිත් ජනාධිපතිවරණයට ඉල්ලන්නෙ නැහැ කියලා. දැන් ජනාධිපතිතුමා එයාගේම කණ්ඩායමක් දාලා කියවනවා අපේ අපේක්ෂකයා මෛත‍්‍රිපාල සිරිසේන මහතා කියලා. එතුමා නැවත ජනාධිපති වුණත් එතුමාට මේ තියෙන බලයවත් නැති වෙනවා කියලා එතුමා දන්න නිසා තමයි දැන් මේ 19ට විරුද්ධ වෙලා තියෙන්නේ තමන්ගේ පෞද්ගලික ඕනෑ එපාකම් නිසා ජනතාවගේ පරමාධිපත්‍යයත් එක්කයි හිටපු ජනාධිපතිවරයාත් වර්තමාන ජනාධිපතිවරයාත් කටයුතු කරන්නේ. එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ අපේ රජය ජනතාවගේ අවශ්‍යතාවයන්, උන්නතිය වෙනුවෙන් කැපවී ක‍්‍ර‍්‍රියාකරද්දී තමන් ශක්තිමත්ව බලය රඳවා ගන්නේ කොහාමද කියන එක ගැන විතරක් අද ඒ අය කතා කරනවා’’ යැයිද මන්ත‍්‍රීවරයා එහිදී පැවසීය.
මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් 2019.06.26 දිනැති ලිපිය මගින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විෂයභාර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඊයේ (27) පෙරවරුවේ විදුලිය ලබාදීමේ කටයුතු වෙනුවෙන් එම ස්ථානයට ගියද, අදාළ කටයුත්ත සිදුකිරීමට නොහැකිවී තිබේ.
ඊට හේතුව වී ඇත්තේ, 2019.06.27 දිනැති ලිපියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු අමතමින්, කූරගල පුරාවිද්‍යා පරිශ්‍රය හා චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීම තාවකාලිකව අවලංගු කරන බවට දන්වා තිබීමයි. මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ විට අදාළ නිලධාරියා විසින් ඒ පිළිබදව වැඩිදුර කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.
අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ, කාලාන්තරයක් තිස්සේ දැඩි අවශ්‍යතාවක්ව පැවති මෙම විදුලිය පහසුකම ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලූ අවස්ථාවේ තමා ඒ සදහා ක්ෂණිකවම යහපත් ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ අනුව අද පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ස්ථානයට විදුලිය ලබාදීමට ක්‍රියාත්මකවූ නමුත්, නොදන්නා බලවේගයක් තුළින් අදාළ කටයුතු නැවැත්වීමට ක්‍රියාකර ඇති බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයට විදුලිය ලබාදීම සදහා හැකි ඉක්මණින් අවසර ලබාදෙන ලෙසයි. පුරාවස්තු දෙපාර්තමේන්තුවෙන් මේ සදහා අවසර ලබාදී තිබූ නමුත් අද පෙරවරුවේ මෙම වැඩකටයුතු නවත්වන ලෙස එම දෙපාර්තමේන්තුවෙන්ම තම අමාත්‍යාංශය වෙත ලිඛිතව දැනුම්දී ඇතැයි පැවසූ කරුණානායක මහතා, විදුලිය ලබාදීම නවතා දමා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැවින් මෙහි පූර්ණ වගකීම ඔවුන් සතු බවත් පැවසූ අතර මෙය කිසිසේත්ම දේශපාලන කටයුත්තක් නොවන බවත් අවධාරණය කළේය.
කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට දී තිබූ අවසරය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි කොටුවේ පොඩි හාමුදුරුවන් සහ ඉරාජ් වීරරත්න මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.
ජනපතිවරණය කල් දැමීමට ඉඩ ලබානොදෙන බවත් ජනපතිවරණය ජයගත හැකි අපේක්ෂකයෙක් තෝරා ගන්නා බවත් හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
එසේම අධ්‍යාපනය, කලාව, සෞඛ්‍ය, ගමනාගමනය යනාදි සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස්කරන බවත් ඔහු ප්‍රකාශ කළේය.
පානදුර ප්‍රදේශයේ හෝටලයකදී පැවැති නිදහස් කලා සන්ධානයේ වාර්ෂික සංවත්සරයේ ප්‍රධාන අරාධිත අමුත්තා ලෙස එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
“කලාව පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් අපි අනිවාර්යෙන්ම හදනවා. කලාව පමණක් නොවෙයි අධ්‍යාපනය, සෞඛ්‍ය, ගමනාගමනය යනාදි සෑම ක්ෂේත්‍රයක් සම්බන්ධයෙන්ම ප්‍රතිපත්ති මාලාවක් හදන වැඩපිළිවෙළක් සමඟ ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. මේ රට නිදහස් කර ගත්තට පස්සේ අවුරුදු දහයක් අපිට නිදහසේ ඉන්න පුළුවන්කම ලැබුණේ නැහැ. රට නිදහස් කරලා අවුරුදු දහයක් පිරෙන එකට මාසයකට පෙර බෝම්බ ප්‍රහාරයකින් මුළු රටම බයට පත් වුණා. අද අපි දුකෙන් පමණක් නොවෙයි බියෙනුත් ජීවත් වෙන්න වෙලා. මානව අයිතිය ගැන කතා කරමින් මානව හිමිකම් කොමිසම හමුවට ගිහින් බොරු චෝදනා ඉදිරිපත් කරන, රණවිරුවන්ට දඬුවම් කරන්න කතා කරන අය ඒ ගැන කතා කරන්නේ නැහැ. ජීවත් වීමේ අයිතිය පමණක් නොවෙයි ආගම ඇදහීමේ අයිතියත් අපෙන් උදුරාගෙන. පන්සලකට, පල්ලියකට, කෝවිලකට යන්න අද මිනිස්සු බයයි. වෙසක් පෝයත් අපෙන් උදුරා ගත්තා."
"පොසොන් පෝය හරියාකාරව සමර ගන්න ලැබුණේ නැහැ. වෙනදා දහස් ගාණක් සිල් ගන්න සිතුල්පව්වේ මේ වතාවේ සිය දෙනෙක් පමණ සිල් ගත්තා. ඒ තරමට ආගමික ස්ථානවලට එන්න මිනිස්සු බයයි. මේ ආණ්ඩුව ඒකට වගකියන්න ඕනේ. මේ ආණ්ඩුවේ තිබුණු දේශපාලන උවමනාව, ඡන්දය බලාපොරොත්තුවෙන් ඇස් කන් පියාගෙන සියලු දේ වෙන්නට ඉඩ හැරිම මේකට හේතු වුණා. අප්‍රේල් 04 වැනි දා මේක දැනගෙන 21 වැනි දා වෙනකම් මොනවද කළේ? මොන කමිටු දාලා අපහාස කළත් මේ සියලුදෙනා ඒකේ වගකීම භාර ගත යුතුයි. මේ තත්ත්වයෙන් රට මුදා ගත යුතුයි. මේ බිය නැති කළ යුතුයි. ඒ සඳහා කළ යුත්තේ මැතිවරණ කල්දැමීම නොව මැතිවරණ පැවැත්වීමයි. පළාත් සභා මැතිවරණය නැහැ. පාර්ලිමේන්තු මැතිවරණය නැහැ. ජනාධිපතිවරණය පමණයි තියෙන්නේ. ඒක කල් දාන්න අපි ඉඩ තියන්නේ නැහැ. අපි ඒකට සූදානම් වෙනවා. ජයග්‍රහණය කරන්න පුළුවන් රටට ආදරය කරන, ජාතියට ආදරය කරන ප්‍රතිපත්තිගරුක කෙනෙක් අපේක්ෂකයා විදියට තෝරා ගන්න අපි කිසිවිටෙක පසුබට වෙන්නේ නැහැ”
අද වන විට ශ්‍රී ලංකාව තුළ ආරක්ෂාව සම්බන්ධයෙන් සිටින දක්ෂතම පුද්ගලයා හිටපු හමුදාපති ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පවසයි.
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා යුද්ධයට බියෙන් ඇමරිකාවට පැන ගිය පුද්ගලයෙක් බවද ඒ මහතා සඳහන් කළේය.
ඔහු මෙම අදහස් පළ කරන ලද්දේ කළුතර ප්‍රදේශයේ දී මාධ්‍යවේදීන් විසින් විමසන ලද ප්‍රශ්නයකට පිළිතුරු ලෙසයි.
එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසීය.
පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනා අත්අඩංගුවට ගෙන ඇති බවත් එම අන්තවාදී ත්‍රස්තවාදී තර්ජනය දැන් අවසන් බවටත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා මෑතකදී පවසා ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සඳහන් කරයි.
මෙම ත්‍රස්තවාදී තර්ජනය මෙතනින් අවසන් යැයි කිසිවකු සිතන්නේ නම් ඔහු නොම්මර එකේ මෝඩයෙක් බවද ෆොන්සේකා මහතා කියා සිටියේය.
අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙන්ම අගමැතිවරයා ද වගකිව යුතු යයි ඔහු අවධාරණය කළේය.
මේ සම්බන්ධයෙන් විමසීම් කරන පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට ඕනෑම පුද්ගලයෙකු කැඳවීමට බලය ඇති බවත් ඔවුන් නොපැමිණියහොත් එය නීතිවිරෝධී බවත් ඔහු පැවසීය.
මන්ත‍්‍රීවරයා මෙම අදහස් පළ කළේ කැලණියේ දී පැවති උත්සවයකින් පසු මාධ්‍ය අමතමිනි.
මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිවරණය සඳහා ඉදිරිපත් නොවන හේතුව පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා පැහැදිළි කරයි.
ශ්‍රී ලංකා පොදුජන එක්සත් පෙරමුණ බදුල්ල කාර්යාලය පාර්ලිමේන්තු මන්ත‍්‍රී කුමාර වෙල්ගම මහතා අතින් විවෘත කෙරිණි.
මෙහිදී අදහස් දක්වමින් කුමාර වෙල්ගම මහතා කියා සිටියේ,
"මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කෙනෙක් මහින්ද මහත්තයව ඉදිරියට ගේන්න කටයුතු කරනවා. මම කියන කාරණය මෙතන ඉන්න මුළු සභාවම වැරදියි කියයි නමුත් මම කියනවා එතුමාට ඉල්ලන්න පුළුවන්. මොකද එතුමා නාම යෝජනා පත්‍ර භාර දුන්නොත් මැතිවරණ කොමසාරිස්ට ඒක ප්‍රතික්ෂේප කරන්න බැහැ. හැබැයි ගැටලුවක් තියෙනවා. ගැටලුව තමයි එතුමාගේ වලංගුභාවය ගැන කටහරි සුප්‍රීම් උසාවියේ නඩුවක් දාන්න පුළුවන්. නමුත් මැතිවරණ යනවා මැතිවරණය නවත්තන්නෙ නැහැනේ. මැැතිවරණ ගිහිල්ලා ඡන්ද ප්‍රතිඵල කියයි. ඡන්ද ප්‍රතිඵල කිව්වට පස්සේ තමයි කතන්දරේ තියෙන්නේ. ඊට පස්සේ කරන දේ ඔයාලට වැඩි විස්තර කියන්න ඕන නැහැනේ. එතුමාට මේ කාරණය කියපුහාම එතුමා කියන දේත් ඇත්තක් තියෙනවා. එතුමා කියනවා පසුගිය දවස්වල අගමැති කමින් ඉවත් කළා වගේ මේකෙනුත් ඉවත් කරන්න පුලුවං කියලා."
රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන දෙකම අවලංගු කළ යුතු බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා කොළඹදී පැවැසීය.
පසුගිය වසර හතරහමාරක කාළය තුළ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් සිදුකළ යුතුව ඇති බවත් පැවසූ ජනාධිපතිවරයා වත්මන් අණ්ඩුව නරක් විමට ප්‍රධානතම හේතුව 19 වන සංශෝධනය බවත් එම සංශෝධනය ඉදිරිපත් නොවුනේ නම් මේ ආණ්ඩුව හොද ආණ්ඩුවක් විමට ඉඩ තිබූ බවත් සඳහන් කළේය.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මේ බව පැවසුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්රණ ශාලාවේ පැවති ජාතික නිවාස සංවර්ධන අදිකාරියේ 40 වැනි සැමරුම් උත්සවයට එක්වෙමිනි.
මෙම අවස්ථාව සඳහා අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.
එහිදි වැඩිදුරටත් අදහස් පළ කළ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා මෙසේද කීය.
‘‘ගරු අග්රාමාත්යතුමනි, මේ ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ 40 වසරක් සමරනවා වගේම අපේ ආණ්ඩුවට දැන් අවුරුදු හතරහමාරක් ගතවෙනවා. මැතිවරණයකට යන්න තියෙන්නේ තව මාස හතරක පහක කාලයක් පමණයි.
ඒ නිසා මේ අවුරුදු හතරහමාරක කාළ සීමාව තුළ ආණ්ඩුවක් විදියට අපි හරියට කරාද වැරදුනාද කියලා සොයා බැලිය යුතුයි. මේ ආණ්ඩුවේ කටයුතු පිළිබඳ ආපසු හැරී බැලීමක් දැන් තියන්න වෙලාව ඇවිත් තියෙනවා.
මේ කාළය තුළ ආණ්ඩුව නරක් විමට ප්‍රධානතම හේතුව තමයි 19 වැනි සංශෝධනය. 19 වැනි සංශෝධනය ආවේ නැත්නම් මේ ආණ්ඩුව හොඳ ආණ්ඩුවක් විමට ඉඩ තිබුණා.
මේ රටේ ජනතාව අතර විශාල චෝදනාවක් තියෙනවා අගමැතිතුමයි මමයි දෙපැත්තට අදිනවා කියලා. මේ දෙපැත්තට අදින තත්වය ඇති වුණෙත් 19 වන සංශෝධනය නිසයි.
18 වන සංශෝධනය තනිකරම ආඥාදායක ඒකාධිපති ක්‍රමයක් ඒක ඉතාම නුසුදුසුයි. 18 වන සංශෝධනය අහෝසි කිරීමට තමයි අපි ආණ්ඩුවක් හැදුවේ.
ඒත් 19 වන සංශෝධනයෙන් මේ රටේ දේශපාලන අස්ථාවරත්වයක් ඇති වුණා. එක නායකයෙක් නැතිව ගියා. මේ සංශෝධනයෙන් ජනාධිපතිත් අගමැතිත් දෙපැත්තට අදින ක්‍රමයක් ඇතිවුනා. ඒකෙන් රටටත් ආණ්ඩුවටත් විශාල අලාභයක් සිද්ධ වුණා. 18 වන සංශෝධනය ඒකාධිපතියි, 19 වන සංශෝධනයෙන් රට අස්ථාවර වෙනවා. රට අරාජිකයි කියලා මිනිස්සු අපිට කියන්නේ මේ 19 වැනි සංශෝධනයෙන් ඇතිවූ තත්වය නිසයි. 19 වන සංශෝධනය ඇති නොවුණා නම් මේ අවුරුදු හතරහමාරක කාලය මිට වඩා විශිෂ්ඨට ජයග්‍රාහී සිව්වසරක් වීමට ඉඩ තිබුණා" යැයිද ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා එහිදී පැවැසීය.