April 24, 2024

ශ්‍රී.ල.නී.ප පාක්ෂිකයාගේ ගෞරවය රැකගන්න මහින්ද වටා එක්වන්න Featured

ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට ඉතිරිව ඇති පාක්ෂිකයින් රැකගැනීම සඳහා මේ අවස්ථාවේ ගතහැකි ගෞරවාන්විතම ක්‍රියාමාර්ගය වන්නේ මහින්ද රාජපක්ෂ නායකත්වය වටා එක් රොක් වීම බව පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

කොළඹ නෙලුම් මාවතේ පිහිටි ශ්‍රි ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්්‍යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව සඳහන් කලේය.

බිම්මට්ටමේ ඉතිරිව ඇති ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයින් වේගයෙන් පක්ෂය ප්‍රතික්ෂේප කරමින් සිටින අතර ගම් මට්ටම්න් නගර මට්ටමින් සහ සමස්ථ රටක් වශයෙන් පක්ෂය වේගයෙන් කඩාවැටෙමින් තිබෙන බව ඒ මහතා පෙන්වා දෙයි.

ඒ නිසා මේ අවස්ථාවේ නායකත්වයට ගතහැකි ඥානවන්තම ක්‍රියාව වන්නේ නිදහස් පාක්ෂිකයින් බලහත්කාරයෙන් වෙනත් පක්ෂවලට තල්ලු නොකොට මහින්ද රාජපක්ෂ මහතා නම් කරනු ලබන අපේක්ෂකයා දිනවීමට සහය දීම බව අනුර ප්‍රියදර්ශන යාපා මහතා අවධාරණය කලේය.

මේ අවස්ථාවට සහභාගී වූ පාර්ලිමේන්තු මන්ත්‍රි එස්. එම් චන්ද්‍රසේන මහතා සඳහන් කලේ ජනාධිපතිවරයාගේ මරණීය දන්ඩනය ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙලත්, කලු ජූලිය සුදු කරන, එජාපයේ සුදු ජූලිය සහන පැකේජයත් ඡන්ද ගුන්ඩුවක් බවයි.

වසර හතරහමාරක් රට පාලනය කල නායකයින් දෙපල මෙම වැදගත් තීරණ ගැනීමට මේ තරම් පමාවූයේ මන්දැයි ඒ මහතා ප්‍රශ්න කර සිටියි.

දහනවවන ව්‍යවස්ථා සංශෝදනයේ බරපතල ගැටලුකාරී තත්වය උත්සන්න කරමින් රට අස්ථාවර කරන තවත් අර්බුදයක් ලබන සතියේදී කරලියට පැමිණෙනු ඇතැයි මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රිී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා මෙහිදී අණාවරණය කලේය.

Last modified on Saturday, 06 July 2019 19:37