April 17, 2024

"විරවංශගේ හොඳම ගෝලයෙකුත් මධුෂ් එක්ක බිස්නස් එක කරලා" Featured

අත්අඩංගුවේ පසුවන පාතාල නායක මාකදුරේ මධුෂ් විසින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතාගේ ගෝලයෙක්ගේ නම හෙලි කර ඇති බව ඇමති රාජිත සේනාරත්න මහතා පවසයි.

ඉදිරියේදී ඔහු හිරේ යනු ඇතැයිද ඇමතිවරයා පැවසීය.

ආණ්ඩුවේ දේශපාලඥයන් හතර දෙනෙක් හා විපක්‍ෂයේ දේශපාලඥයන් තුන් දෙනෙකුගේ නම් මධුෂ් විසින් හෙලි කර ඇති බවද ඒ මහතා සදහන් කලේය.

මෙහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා ,

“කළුතර දිස්ත්‍රික්කයේ විශාලතම නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරය විශේෂ කාර්ය බලකාය පසුගියදා වටලනු ලැබුවා. එය කාගේ ද කියා කවුරුත් දන්නවා.  ප්‍රාදේශීය සභාවේ ඉදලා කැබිනට් අමාත්‍යධූරයක් වත් නොලබා කළුතරම දිස්ත්‍රික්කයම සල්ලිවලට ගන්න පුළුවන් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙක් තමයි එම නිෂ්පාදනාගාරයට පූර්ණ සහයෝගය ලබාදෙන්නේ. අල්ලාගත් සැකකරු ඒකාබද්ධ විපක්ෂයෙන් මැතිවරණ වලටත් ඉදිරිපත් වුනා.  පසුගිය රජය කාලයේ ද කළුතර දිස්ත්‍රික්කයේ රා කර්මාන්තය විනාශ කිරීමට ඔවුන් කටයුතු කළා. රා කර්මාන්තය ආරක්ෂා කර ගැනීමට මම වැඩපිළිවෙළක් දියත් කළත් නීති විරෝධී මත්පැන් නිෂ්පාදනය වැඩි වුනා. වෛද්‍යවරයෙක් ලෙස මම රා බීම හොද යැයි කියන්නේ නැහැ. රා කර්මාන්තය විනාශ කරමින් සමාගම් වලට රා කර්මාන්තය විකුණලා දැම්මා.  බේරුවලට කෘත්‍රීම රා හලාවත සිට ගෙනඒමට පටන් ගත්තා. ඒවා ශරීරයට අහිතකරයි. එවැනි වැරදි සිදු කළේ මෙම නීතිවිරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයට සහයෝගය ලබාදුන් පුද්ගලයායි. ඊට එරෙහිව මම සටන් කළත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා උල්පන්දම් ලබාදුන්නා. එවැනි අපචාර නතර කිරීමට උත්සාහ කළේ නැහැ. මට කළකිරීමක් ඇති වුනා. වත්මන් රජය යටතේ කෘත්‍රීම රා නිෂ්පාදනය කිරීම නතර කිරීමට අපට හැකියාව ලැබුනා."

Last modified on Thursday, 04 July 2019 11:29