රාජ්‍ය ආරක්ෂාවට අගතියක් වන කිසිදු තොරතුරක් පාර්ලිමේන්තු තේරීම්කාරක සභාව හමුවේ මාධ්‍යයයෙන් රටට හෙළි නොකළ බව එම තේරීම් කාරක සභාවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා අවධාරණය කරයි.
අරලියගහ මන්දිරයේ පැවති එක්සත් ජාතික පක්ෂය මාධ්‍ය හමුවට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
මෙරට බුද්ධි අංශයේ සිටින ඉහළ පෙළේ නිලධාරින් සම්බන්ධයෙන් තොරතුරු මෙ වන විට ඔනෑම පුද්ගලයෙක් දන්නා බවත් එහෙත් බිම් මට්ටමේ සිටින නිලධාරින් සම්බන්යෙන් කිසිදු තොරතුරක් කිසිවෙකුත් නොදන්නා බවත් ඒ මහතා පවසයි.
බිම් මට්ටමේ සිටින නිලධාරින් පිලිබඳව කිසිදු තොරතුරක් ඊයේ දිනයේදි මාධ්‍ය මගින් හෙළි නොවු බවත් එම තොරතුරු කිසිදු අවස්තාවකදි තම පාර්ශවය හෙළි නොකරණ බවත් ඒ මහතා අවධාරණය කරයි.
ඊයේ දිනයේ තේරීම් කාරක සභාව රැස් වු අවස්ථාව මාධ්‍ය ඔස්සේ සජීවි විකාශනයවල අතරතුර එය නවත්වා දමා ඇති බව දැනගන්නට ලැබුණද එයට හේතුව තමන් නොදන්නා බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ජයම්පති වික්‍රමරත්න මහතා එහිදි පැවසීය.