April 18, 2024

ඥානසාර හිමි නිදහස් කිරීම ගැන සන්ධ්‍යා එක්නැලිගොඩගේ විරෝධය Featured

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිරගතව සිටින බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන්ව ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කිරීමට ගෙන ඇති තීරණයට තමන් තදින්ම විරුද්ධ බව සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය කොළඹදී ඊයේ (23) පැවසුවාය.
 
ජනාධිපතිවරයා යම් ලෙසකින් ඥානසාර හිමියන්ව නිදහස් කළහොත් 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් ප්‍රතිපාදන මත තමන්ගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් ලෙස දක්වා ජනාධිපතිවරයාගේ තීන්දුව අභියෝගයට ලක් කරමින් අධිකරණය හමුවේ නඩු පවරන බවද එක්නැලිගොඩ මහත්මිය කීවාය.
 
මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍රයේ ඊයේ (23) පැවැති  ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය මෙම අදහස් පළ කළාය.

Last modified on Friday, 24 May 2019 09:43