April 20, 2024

කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ සෝදිසි මෙහෙයුම් Featured

දිවයිනේ ප්‍රදේශ කිහිපයක ආරක්ෂක අංශ විශේෂ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
යුද හමුදාව පැවසුවේ කොළඹ, කළුතර, ගම්පහ, කුරුණෑගල සහ පුත්තලම දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙම සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බව ය.
මේ අතර පසුගිය දින 2ක තුළ ක්‍රියාත්මක කළ මෙහෙයුම්වලදී සැක කටයුතු පුද්ගලයින් 63 දෙනෙකු තම භාරයට ගත් බව යුද හමුදාව සඳහන් කළේ ය.
යුද හමුදාව පැවසුවේ, වැඩිදුර විමර්ශන සඳහා එම සැකකරුවන් අදාළ ප්‍රදේශවල පොලිස් ස්ථාන වෙත භාර දුන් බව ය.
මෙම මෙහෙයුමේදී පුපුරණ ද්‍රව්‍ය හා තවත් තහනම් ද්‍රව්‍ය රැසක් ආරක්ෂක අංශ භාරයට ගෙන තිබේ.
බදුරලිය, මුල්ලේරියාව – හිඹුටාන, නිට්ටඹුව – තිහාරිය ඇතුළු ප්‍රදේශවල එම මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබේ.
එම මෙහෙයුම්වලින් යුද හමුදා නිල ඇඳුම්, සිතියම්, ජංගම දුරකතන හා උණ්ඩ තොගයක් ද ආරක්ෂක අංශ භාරයට ගත් බව යුද හමුදාව සඳහන් කළේ ය.
Last modified on Saturday, 25 May 2019 15:20