ඉදිරි ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට ඉදිරිපත් විය නොහැකි බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා විසින් නිල වශයෙන් දැනුම් දී ඇති බව පොදුජන පෙරමුණේ ප්‍රකාශකයෙකු ඒෂියන් මිරර් වෙත පැවසීය.
එම ප්‍රකාශකයා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරි ජනාධිපතිවරණයේ දී පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබා දීම සඳහා පක්ෂයේ ඒකමතික තීරණය වී ඇති බවයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතරයක් මන්ත්‍රීවරුන් මෛත්‍රීපාල සිරිසේන මහතාට අපේක්ෂකත්වය ලබා දීමට විරුද්ධ බව ද සඳහන් වේ.
එම ප්‍රකාශකයා සඳහන් කර තිබුණේ මහින්ද රාජපක්ෂ මහතා සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර ජනාධිපතිවරණ අපේක්ෂකත්වය ගැන ඉදිරියේ දී සාකච්ඡාවක් පැවැත්වීමට නියමිත බවයි.
කෙසේ වෙතත් පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර එක් සන්ධානයක් ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීම පිළිබඳව සාකච්ඡා ද සිදු වෙමින් පවතී. එම සාකච්ඡාවල ඉදිරි වටයේ සාකච්ඡාවන් එළැඹෙන අප්‍රේල් මාසයේ 10 වැනිදා ඇරඹීමට නියමිත බව ද වාර්තා වේ.
දැනට පවතින විදුලි කප්පාදුව තවත් දින 10ක් තුළදී සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත් කිරීමට පියවර ගන්නා බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
අද (25) සිට දෛනික විදුලි කප්පාදුව සිදුකෙරෙන වෙලාවන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් දන්වා ඇත.
ඒ අනුව උදෑසන 8.30 සිට 11.30 දක්වාත්, පෙරවරු 11.30 සිට පස්වරු 2.30 දක්වාත්, ප්‍රදේශ කිහිපයකට විදුලි සැපයුම අත්හිටවනු ඇති.
එමෙන්ම පස්වරු 2.30 සිට 5.30 දක්වාත්, පස්වරු 6.30 සිට 7.30 දක්වා හෝ පස්වරු 7.30 සිට රාත්‍රී 8.30 සහ රාත්‍රී 8.30 සිට රාත්‍රී 9.30 දක්වා විදුලි සැපයුම අත්හිටුවීමට සිදුවන බව විදුලිබල මණ්ඩලය සඳහන් කළේය.
නොරොච්ච්ලේ විදුලි බලාගාරයේ ඇතිවූ බිඳවැටීම මෙන්ම මේ දිනවල පවතින අධික උෂ්ණ කාලගුණය නිසා විදුලි ඉල්ලුම 15%කින් පමණ වැඩිවීම ද මෙම විදුලි කප්පාදුවට බලපා ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් සඳුදා (අද) විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බවත් ඉන් අනතුරුව විදුලි කප්පාදුව සම්බන්ධයෙන් දැනුම් දීමක් සිදු කරන බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
එමෙන්ම මේ වනවිට ස්වභාවික වායු බලාගාර (LNG) දෙකක් සහ මෙගාවොට් 194ක සූර්ය බලාගාර සඳහා අවසර ලබාදී ඇති බව පැවසූ අමාත්‍යවරයා ඉදිරියේදී මෙවන් තත්වයක් ඇති නොවීමට වගකීමෙන් යුතුව කටයුතු කරන බවත් අවධාරණය කළේය.
මතභේදාත්මක මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළව හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිංගප්පූරුව වෙත එල්ල කළ චෝදනා සිංගප්පූරුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
පසුගියදා ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා චෝදනා කළෙ අර්ජන් මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් සිංගප්පූරුව නිහඩ පිළිවෙතක් අනුගමනය කරන බවත් ඒ සම්බන්ධයෙන් සිංගප්පූරුව සිය අදහස් ප්‍රකාශ කළ යුතු බවයි.
කෙසේ වෙතත් සිංගප්පූරු මාධ්‍ය එරට විදේශ කටයුතු අමාත්‍යාංශය උපුටා දක්වමින් ඊයේ (20) වාර්තා කළේ අර්ජුන් මහේන්ද්‍රන් පිටුවහල් කිරීම සඳහා ශ්‍රී ලංකාවෙන් අවශ්‍ය ලියකියවිලි ප්‍රමාණවත් පරිදි නොලැබුණ බවයි.
එසේම මේ සම්බන්දයෙන් ජනවාරි මාසයේ පටන් ශ්‍රී ලංකාව සමග සමීපව කටයුතු කරත් මේ දක්වාම සිංගප්පූරුව ශ්‍රී ලංකාවෙන් ඉල්ලූ ලියකියවිලි සිංගප්පූරුවට ලබාදීමට ශ්‍රී ලංකාව අපොහොසත් වී ඇති බවයි.
සිංගප්පූරුව තවදුරටත් ශ්‍රී ලංකාවෙන් මේ තොරතුරු ලබාගැනීමට අපේක්ෂා කරන බවත් එම තොරතුරු ලැබුණ විට පිටුවහල් කිරීමට අදාළ ක්‍රියාමාර්ග ගැන සළකා බැලිය හැකි බවත් සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
සිංගප්පූරු නීති අනුව යම් වරදකරුවෙක් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පිටුවහල් කළ හැකිය. ශ්‍රී ලංකාවද පොදුරාජ්‍ය මණ්ඩලයේ සාමාජික රටකි.
2015 වසරේ සිදුවූ මතභේදාත්මක බැදුම්කර ගනුදෙනුවේ ප්‍රධාන චූදිතයෙක් බවට පත්ව ඇති අර්ජුන් මහේන්ද්‍රන් මහතා මේ වන විට විදේශ ගතව සිටියත් ඔහු සිටින ස්ථානයක් පිළිබඳව නිශ්චිත තොරතුරු වාර්තා නොවේ.
අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරු ජාතිකයෙක් වෙන අතර අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිර්දේශ අනුව ඔහු මහ බැංකුවේ අධිපති තනතුරට පත්කළේය.
සබැඳි පුවත් : http://am.lk/local-news/item/41944-2019-03-18-10-18-17
එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාව විසින් බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු මහතාට එරෙහිව ගොනුකර තිබූ නඩුව පසුගියදා (15) නැවත කැඳවූ අවස්ථාවේ බ්‍රිගේඩියර්වරයාට එරෙහිව ලබාදී තිබූ අධිකරණ වරෙන්තුව අවලංගු කළ වෙස්ට්මිනිස්ටර් මහාධිකරණයේ ප්‍රධාන විනිසුරුවරිය,ඔහු සියලු චෝදනාවලින් නිදහස් කර එම නඩුව නැවත මුල සිටම ආරම්භ කිරීමට නියම කළාය.
ඒ අනුව ලබන මැයි 07 වැනිදා මීට අදාළ නඩුව නැවත කැඳවීමේ දින නියම කරමින් එමා අර්බත්නෝට් විනිසුරුවරිය සඳහන් කළේ, අධිකරණ කාර්යමණ්ඩලයේ අත්වැරදීමකින් මෙම නඩුවට අදාළ වැදගත් ලියකියවිලි කිහිපයක්ම අතපසු වීම හා බ්‍රිගේඩියර්වරයට එරෙහිව නඩු තීන්දුව ලබා දීමට පෙර සැලකිල්ලට ගත යුතු එම ලියකියවිලිවලට අදාළ වැදගත් කරුණු කිහිපයක්ම නොතකා හැර තිබීම එයට ප්‍රධාන හේතු බවයි.
පසුගිය වසරේදීලන්ඩන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවැති නිදහස් දින සමරු උත්සවයට බාධා කරමින් තානාපති කාර්යාලය ඉදිරිපිට උද්ඝෝෂණ කළ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් වෙත එවකට ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක නිලයේ කටයුතු කළ බ්‍රිගේඩියර් ප්‍රියංක අභිනයකින් ඔවුන්ට මරණ තර්ජන සිදු කළැයි පවසමින් පැනවූ නඩුව වසරකටත් වැඩි කාලයක් වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ විභාගයට ගැනුණි.
ශ්‍රී ලංකා රජය විසින් ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය හරහා බ්‍රිතාන්‍ය රජයට දැන්වූයේ බ්‍රිගේඩියර්වරයාට රාජතාන්ත්‍රික මුක්තිය ඇති බැවින් ඔහුට එරෙහිව නඩු පැවරීම හෝ අධිකරණ නියෝග ලබා දීම සිදු කළ නොහැකි බවයි.
එහෙත් මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ විදේශ හා පොදු රාජ්‍යඅමාත්‍යාංශය විසින් වෙස්ට්මිනිස්ටර් අධිකරණයට යවන ලද ලිපිගොනු මෙලෙස නොසලකා හැරුණු ලියකියවිලි බවට තොරතුරු වාර්තා වෙයි.
ප්‍රධාන විනිසුරුවරිය විසින් අදාළ නඩුව නැවතත් මුල සිටම කැඳවීමට නියෝග දීම සමග කලබලයට පත්වූ එල්.ටී.ටී.ඊ. හිතවාදීන් බලාපොරොත්තු සුන්ව හැසිරෙනු දැකගත හැකි විය.
පසුව ඔවුහු අධිකරණ ශාලාවෙන් පිටතට පැමිණෙන ශ්‍රීලාංකිකයන්ට චෝදනා කරමින්, පරුෂ වචනවලින් බැණවදිමින් කලහාකාරී ලෙස හසිරුණහ. අධිකරණ භූමියෙන් පිටතට පැමිණෙන පිරිස හඹාවිත් විවිධ ප්‍රශ්න අසමින් ගැටුමකට හෝආරවුලකට මුලපුරා ගැනීමට ප්‍රබල උත්සාහයකද ඔවුහු නියැළුණහ.
එම සිද්ධිවලට මුහුණදුන් කිහිපදෙනෙක්ඒ සම්බන්ධයෙන් වෙස්ට්මිනිස්ටර් අධිකරණය හා පොලීසිය දැනුවත් කිරීමට කටයුතු කළහ.
එල්.ටී.ටී.ඊ. සංවිධානය බ්‍රිතාන්‍ය තුළ තහනම් ත්‍රස්ත සංවිධානයක් බැවින් මෙලෙස එල්.ටී.ටී.ඊ.ධජ හා එල්.ටී.ටී.ඊ. නායකයාගේ ඡායාරූප ප්‍රදර්ශනය කරමින් උද්ඝෝෂණ සිදුකිරීම සම්බන්ධයෙන් එම පිරිස ලන්ඩන් ත්‍රස්ත මර්දන ඒකකයද දැනුවත් කළහ.
තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්පූර්ණයෙන් කපාහැර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.
හොරුන්ට, මිනීමරුවන්ට හා නීති විරෝධී වැඩ වලට තමන් විරුද්ධ බැවින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් කොට ඇති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.
විපක්ෂයේ පුළුල් සන්ධානය ගොඩනැගීම සඳහා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති උත්සවයකින් අනතුරුව එතුමිය මෙලෙස මාධ්‍යවෙත අදහස් පළ කළේය.
නව පක්ෂයක් ගොඩනංවන්නේදැයි එහිදී මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ එසේ කිසිදු පක්ෂයක් ගොඩනඟන්නේ නොමැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත්ය.
වැඩිකල් නොගොස් ජනාධිපතිවරයාගේ සහ මහින්ද රාජපක්ෂ මහතාගේ කසාදය දික්කසාදයකින් කෙළවර වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා පැවසීය.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (12) සිරිකොත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදීය.
ජනාධිපතිවරණය සඳහා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයෙකු පත්කිරීමට ඔවුන් උත්සහ කරන අතර මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පාර්ශවය උත්සහ දරන්නේ නැවත ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීපාල සිරිසේන මහතාට ලබා දීමට බව මන්ත්‍රීවරයා කියා සිටියේය.
ඒ අනුව දෙපාර්ශවය අතර අභ්‍යන්තර ගැටුම් උත්සන්න වී ඇති බවයි ඔහු අවධාරණය කළේය.
ඉන්ධන මිල සංශෝධනය කිරීමට අදාළ ඉන්ධන මිල කමිටුව අද (11) දිනයේ රැස්වීමට නියමිතව තිබේ.
මාසිකව සිදුවන ඉන්ධන මිල සංශෝධනය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා මිල කමිටුව රැස්වීමට නියමිත බව මුදල් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
ලෝක වෙළදපොළේ බොරතෙල් බැරලයක මිල අනුව මෙරට ඉන්ධන මිල තීරණය කිරීම ඉන්ධන මිල සූත්‍රය මඟින් සිදුයි.
ඒ අනුව අද මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ගණන් සංශෝධනය වීමට නියමිතයි.
කෙසේවෙතත් මුදල් අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු සදහන් කළේ පසුගිය පෙබරිවාරි 01 වැනිදා සිට ලෝක වෙළදපළේ තෙල් මිල මේ වන විට අඛණ්ඩව ඉහළ යමින් පවතින බවයි.
අවසන් වරට පසුගිය පෙබරිවාරි මස 11 වනදා රැස් වු ඉන්ධන මිල කමිටුව විසින් එදින මධ්‍යම රාත්‍රීයේ සිට ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවේය.
ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 6කින් ද, ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රු 5කින් ද, ඔටෝ ඩීසල් ලීටරයක් රු 4කින් සහ සුපර් ඩීසල් ලීටරයක් රු 08 කින් ද ඉහළ දමා තිබුණි.
ජනපතිවරණයට තවත් කාලය ඇති බව හිටපු ජනපති, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට පැවැසීය.
විපක්ෂනායක මහින්ද රජපක්ෂ මහතා දේශීය සිනමාව සම්බන්ධයෙන් ඇසූ ප්‍රශ්ණ කිහිපයකට සජිත් ප්‍රේමදාස මහතා විසින් පිළිතුරු ලබාදෙමින් සිටින විට ඔහු මේ බව සඳහන් කළේය.
කෙසේ වෙතත් තම තුන්හිතකවත් එවැනි අදහසක් නොමැති බවත් එසේ සිතීම ගැන හිටපු ජනපතිවරයාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් සජිත් ප්‍රේමදාස මහතා පැවැසීය.
එසේම 2013 සිට ක්‍රියාත්මක නොවූ සිනමා ශිල්පීන්ට වාහන ණය යෝජනා ක්‍රමය නැවත ක්‍රියාත්මක කිරිමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා සඳහා සාකච්ඡා කරන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ගැටලු විසඳා ගැනීමට ශ්‍රී ලංකාවටම අවස්ථාව ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයෙන් ඉල්ලීමක් කිරීම සඳහා නියෝජිතයින් 3 දෙනෙකු ජිනීවා නුවරට පිටත් කර යවන බවය.
ආචාර්ය සරත් අමුණුගම, මහින්ද සමරසිංහ සහ ආචාර්ය සුරේන් රාගවන් යන මහත්වරුන් ඒ සඳහා යොමු කරන බව ජනපතිවරයා සඳහන් කළේය.
එමෙන්ම පළමුව ජනාධිපතිවරණය පැමිණිය හැකි වුවත් පවතින ආණ්ඩුවේ ක්‍රියාකාරකම් දෙස බැලීමේදී ප්‍රථමයෙන් මහ මැතිවරණයක් පැමිණිය හැකි බව ද ජනාධිපතිවරයා පවසයි.
එහිදී ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙම වසර මැතිවරණ වසරක් බවය.
මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම සඳහා ලොව උසස්ම තාක්ෂණය ලබා ගැනීමට ආයෝජනය කරන බව ද ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේ අතර බොහෝ නිලධාරීන්ට අසාධාරණ ලෙස සැලකුම් කෙරෙන බැවින් පොලිස් දෙපාර්තමේන්තුව පූර්ණ ලෙස ප්‍රතිව්‍යුහගත කළ යුතු බව ජනාධිපතිවරයා පෙන්වා දෙයි.
05/03/2019 14:38
නොමිලේ කිරි වීදුරුවක් සියලුම ග්‍රාමීය පාසල් දරුවන්ට ලබා දෙනවා.
05/03/2019 14:35
මොරගහකන්ද හා කළුගඟ ව්‍යාපෘතියේ වැඩ 2020 වන විට අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මොරගහකන්දේ සිට ජලය ගෙන යෑමට වයඹ මහ ඇල සහ ඇල මාර්ග සකස් කිරීමට රුපියල් මිලියන 12000ක් වෙන් කරනවා.
තමන් ආරක්ෂා ලේකම්ව සිටියදී සුදු වෑන් සංස්කෘතියක් නොතිබූ අතර ත්‍රස්ත ක්‍රියා පාලනය කිරීම සඳහා එම පාලන කාලයේදී විවිධාකාරයෙන් බුද්ධි අංශ ක්‍රියාත්මක වූ බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
"ලෝකයේ වෙනත් රටවල් ක්‍රියාත්මක වන ආකාරයෙන් ඔවුන් ද රට තුළ ක්‍රියාත්මක වෙන්න ඇති. නමුත් කිසිම අවස්ථාවක පළිගැනීමේ සඳහා මේ බුද්ධි අංශ යොදවා නොගත් බව මා ඉතාමත් ම විශ්වාසයෙන් ප්‍රකාශ කරනවා."
කෙසේවෙතත් සියලු ජන කොටස්වලට එක හා සමානව ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කරදීම ඉදිරියේදී ඔවුන් බිහිකරන රජයේ ප්‍රතිපත්තිය බව ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
රාජපක්ෂ කිසිසේත්ම අප ජාතිවාදී නොවන බවත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජනතාව ජීවත් වෙන මේ රට තුළ සියලු ජනතාවගේ අයිතීන් ආරක්ෂා විය යුතු බවත් රාජපක්ෂ මහතා මුරුතගහමුල, එළමල්දෙනිය ෆාරිස් හාජ්ජියාර් මහතාගේ නිවසේ පැවති "එළිය" සම්මන්ත්රණ මාලාවේ මහනුවර සම්මන්ත්‍රණය අමතමින් සඳහන් කළේය.
"ත්රස්තවාදයට එරෙහිව යුදමය ක්‍රියාමාර්ගයන්ට එළඹ සිටියදී මහින්ද රාජපක්ෂ මහතා ද මම ද ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීමට ඇතැමුන් පෙළඹුණා. ඔවුන් පෙන්වා දුන්නේ අප මුස්ලිම් ජනතාවට විරුද්ධ පිරිසක් බවයි. නමුත් අපේ රජය ක්‍රියා කළේ මෙරට සියලු ජාතීන්ට යහපතින් ජීවත් විය හැකි පරිසරයක් නිර්මාණය කිරීමටයි.
අපට නිදහස ලැබිලා මේ වනවිට අවුරුදු හැත්තෑ දෙකක පමණ කාලයක් වෙනවා. ඒත් තවමත් අපි සිංහල, දෙමළ, මුස්ලිම් ජනවර්ග අතර පවතින ප්‍රශ්න පිළිබඳව කතා කරනවා. බොහෝ දේශපාලඥයන් මේ ප්‍රශ්න පිළිබඳව කතා කරන්නේ ඔවුන්ට ඡන්දය ලබා ගැනීමටයි.
සිංහල, දෙමළ, මුස්ලිම් භේදයෙන් තොරව සියලු ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් විය හැකි තත්ත්වයක් මෙන්ම උසස් ආර්ථික තත්ත්වයක් ද නිර්මාණය විය යුතුයි."
මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්වන කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිළුම් අමුණුගම, අනුරාධ ජයරත්න යන මහත්ම මහත්මීන්ද ගෘහාධිපති ෆාරිස් හාජ්ජියාර් මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගිව සිටියහ.
ගුවන් ප්‍රවේශපත්‍ර මිලදීගත නොහැකිව කුවෙට් රාජ්‍යයේ සේවය සඳහා පිටත්ව ගිය ශ්‍රමිකයන් 30 දෙනෙකු පමණ සිටින බවට නාමල් රාජපක්ෂ මහතා සිදුකළ ප්‍රකාශය අසත්‍යක් බව විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.
නාමල් රජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශ කර ඇත්තේ, කුවෙට් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කරන කන්දීපන් බාලසුබ්රමනියම් මහතා තමන්ට මේ බව පැවසූ බවයි.
කෙසේ වෙතත් මේ පිළිබඳ සිය ට්විටර් ගිණුමෙන් ප්‍රකාශයක් සටහන් කරමින් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසා ඇත්තේ, තමන් කුවේටයේ ශ්‍රී ලංකා තානාපතිවරයාට කතා කළ බවත්, නාමල් රාජපක්ෂ මහතා පවසන ආකාරයේ දෙයක් නොමැති බව ඒ මහතා තමන්ට පැවැසූ බවත්ය.
මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,
“මම මේ සම්බන්ධයෙන් කුවේට්යේ ශ්‍රී ලංකා තානාපතිවරයාට දුරකථනයෙන් කතා කළා. ඔහු කිව්වේ නාමල් රාජපක්ෂ මහතා සමග පැවැතියේ සාමාන්‍ය කතා බහක් පමණක් බවයි. එසේම නීතිවිරෝධී හා වීසා කාලසීමාව ඉක්මවා කුවේටයේ රැඳී සිටින ශ්‍රමිකයන් සම්බන්ධයෙන් තමන්ට මුහුණදීමට ඇති අභියෝග ගැන මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකළ බවද ඔහු පැවැසුවා. ඒ වගේම එවැනි තත්ත්වයක් (නාමල් රාජපක්ෂ මහතා පවසනාකාරයේ) නොමැති බව ඔහු තහවුරු කළා. ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙවැනි ගැටලු පිළිබඳ අවධානය යොමුකරමින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට කටයුතු කරනවා. මේ ට්විටර් පණිවිඩයේ (නාමල් රාජපක්ෂ මහතාගේ) කිසිම සත්‍යතාවක් නෑ. 27 රාත්‍රියේත් ශ්‍රමිකයන් 30ක් ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඔබ පැමිණි විට මෙහි සත්‍ය තත්ත්වය බලන්නයි මම ආරාධනා කරනවා”
මේ පිළිබඳව ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව හරින් ප්‍රනාන්දු මහතාට ස්තූතිය ප්‍රකාශ කරන බවත් ශ්‍රමිකයන් 30ක් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණීම හොඳ දෙයක් බවත් නාමල් රාජපක්ෂ මහතා සිය ට්විටර් ගිණුමන් සඳහන් කළේය.
මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වය ගැන එක්සත් අරාබි එමීර්හි විදේශ ඇමැතිවරයාව දැනුවත් කිරීමෙන් පසු රහසේ කටයුතු කළ බවත් මධුෂ්ව අත්අඩංගුවට ගත්තේ ඒ අනුව බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බුලත්සිංහලදී පැවති අත්සවයක් අමතමිනි.
මේ ආකාරයට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද ස්වාධීන පොලිස් කොමිසම නිසා බවත් අගමැතිවරයා පැවසීය.
ස්වාධීන කොමිසමට කිසිවෙකු විසින් හෝ පහර ගසන්නේ නම් ඉන් වන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීම බවත් අගමැතිවරයා කියා සිටියේය.