March 29, 2024

"සිරිසේන මහත්තයා මාව ශ්‍රීලනිපයෙන් සම්පුර්ණයෙන් කපලා දාලා" - චන්ද්‍රිකා කණගාටුවෙන් Featured

තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් සම්පූර්ණයෙන් කපාහැර ඇති බව හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

හොරුන්ට, මිනීමරුවන්ට හා නීති විරෝධී වැඩ වලට තමන් විරුද්ධ බැවින් තමන්ව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඈත් කොට ඇති බව චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය පවසා සිටියි.

විපක්ෂයේ පුළුල් සන්ධානය ගොඩනැගීම සඳහා පැවති සාකච්ඡා සම්බන්ධයෙන් ඊයේ (14) පැවැති උත්සවයකින් අනතුරුව එතුමිය මෙලෙස මාධ්‍යවෙත අදහස් පළ කළේය.

නව පක්ෂයක් ගොඩනංවන්නේදැයි එහිදී මාධ්‍යෙවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එතුමිය ප්‍රකාශ කර සිටියේ එසේ කිසිදු පක්ෂයක් ගොඩනඟන්නේ නොමැති බවත් තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බවත්ය. 

Last modified on Friday, 15 March 2019 10:34