May 04, 2024

"ඩුබායි විදේශ ඇමති සමග අපි රහසේ ප්ලෑන් කලා" - මධුෂ් කොටු කරගත් හැටි අගමැති හෙළි කරයි Featured

February 26, 2019

මාකදුරේ මධුෂ් සම්බන්ධයෙන් වූ ගැටළුකාරී තත්වය ගැන එක්සත් අරාබි එමීර්හි විදේශ ඇමැතිවරයාව දැනුවත් කිරීමෙන් පසු රහසේ කටයුතු කළ බවත් මධුෂ්ව අත්අඩංගුවට ගත්තේ ඒ අනුව බවත් අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පවසයි.

ඔහු මෙම අදහස් පල කරන ලද්දේ බුලත්සිංහලදී පැවති අත්සවයක් අමතමිනි.

මේ ආකාරයට මත්ද‍්‍රව්‍ය ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීමට හැකිව ඇත්තේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය මගින් ඇති කරන ලද ස්වාධීන පොලිස් කොමිසම නිසා බවත් අගමැතිවරයා පැවසීය.

ස්වාධීන කොමිසමට කිසිවෙකු විසින් හෝ පහර ගසන්නේ නම් ඉන් වන්නේ මත්ද්‍රව්‍ය මර්දනය අඩපන වීම බවත් අගමැතිවරයා කියා සිටියේය.

Last modified on Tuesday, 26 February 2019 11:56