April 20, 2024

"මුස්ලිම් ඇමැතිවරු ඉවත්වීම භයානක තත්ත්වයක්" - ජනපති Featured

ආණ්ඩුවේ සිටින මුස්ලිම් ඇමැතිවරුන් සියලු දෙනා ධූරවලින් ඉවත්වීම භයානක තත්ත්වයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (04) පැවැති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇතැයි වාර්තාවේ.

එය පාස්කු ඉරිදා  දින එල්ල වූ ප්‍රහාරයටත් වඩා දරුණු තත්ත්වයක් බවද ජනාධිපතිවරයා එහිදී සඳහන් කර ඇතැයි රජයේ ආරංචි මාර්ග කියයි.

රවුෆ් හකීම්,කබීර් හෂීම්,රිෂාද් බදියුදීන්,අබ්දුල් හලීම් යන මහත්වරුන් ප්‍රමුඛ කැබිනට් ,රාජ්‍ය සහ නියෝජ්‍ය මුස්ලිම් ඇමැතිවරුන් නව දෙනෙක් ඊයේ ධූරවලින් ඉල්ලා අස්වූහ.

Last modified on Wednesday, 05 June 2019 09:24