April 26, 2024

එජාපයේ ජනපති අපේක්ෂකයා බහුතර කැමැත්තට අනුව Featured

එක්සත් ජාතික පක්‍ෂයෙන් මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් කරන ජනාධිපති අපේක්‍ෂකයා පක්‍ෂයේ බහුතර කැමැත්තෙන් තෝරාගැනීමට එක්සත් ජාතික පක්‍ෂය සුදානම් වන බව වාර්තා වේ.

ජනාධිපති අපේක්‍ෂත්වයට සුදුසු පුද්ගලයන් කිහිප දෙනෙකුගේ නම් කියැවෙන බැවින් ඔවුන් අතරින් සුදුසු පුද්ගලයා තෝරාගැනීම සඳහා පක්‍ෂ අභ්‍යන්තරයේ ඡන්ද විමසීමක් පැවැත්විය යුතු බවට යෝජනාවක් ඉදිරිපත් වී ඇතැයි එක්සත් ජාතික පක්‍ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයෙක් පුවත්පතකට පවසා ඇත.

පක්‍ෂයේ බහුතර කැමැත්ත ඇති පුද්ගලයා ඉදිරි ජනාධිපතිවරණ අපේක්‍ෂයා ලෙස ඉදිරිපත් කිරීමට සියලු දෙනා නිල නොවන ලෙස එකඟත්වයට පැමිණ ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මේ අතර එක්සත් ජාතික පක්‍ෂයේ මීළඟ අපේක්‍ෂකත්වයට සුදුසු පුද්ගලයා සම්බන්ධයෙන් ජනතාව සහ පාක්‍ෂිකයන් දක්වන අදහස් සම්බන්ධයෙන්ද එක්සත් ජාතික පක්‍ෂය අවධානය යොමුකර තිබේ. ඒ සඳහා ගම් මට්ටමින් සමීක්‍ෂණයක් පැවැත්වීමටත් සුදානම් කර ඇති බවත්, මෙතෙක් එලෙස සමීක්‍ෂණයක් පවත්වා අවසන් ප්‍රතිඵලයක් ලබාගෙන නොමැති බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය. 

Last modified on Monday, 08 July 2019 11:51