May 02, 2024

පොහොට්ටුවෙන් ජනපති අපේක්ෂකත්වයට නම් 5ක් යෝජනා වෙයි Featured

අපේක්ෂකයන් පස්දෙනෙක් විතර යෝජනාවෙලා ඉන්නවා.ඒ අතුරින් වඩාත් සුදුසු කෙනා මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපතිවරණයට ඉදිරිපත් කරාවි.රාජපක්ෂ පවුලේ අයටත් බොහෝ ඉල්ලුමක් තියෙනවා.ඒ අනුව අපි අපේ අපේක්ෂකයා සම්බන්ධයෙන් ඒකමතික තාවයකට එන්න පුලුවන් කම තියෙද්දී, හැබැයි ගරු අගමැතිතුමා දෙවියන් වහන්සේ ඉස්සරහට ගිහිල්ලා තිරුපති ගිහිල්ලා අහන්න හදනවා කවුද ජනාධිපති අපේක්ෂකයා වෙන්න ඕන කියල.ඒ නිසා අපි ගරු අගමැතිතුමාට කියනවා ඔබතුමාගේ පුද්ගලික මුදල් හරි මහජන මුදල් හරි වියදම්කරගෙන ඉන්දියාවේ ගිහිල්ල තිරුපති ගිහිල්ල පුදපූජා තියල ඔතන ජනාධිපති අපේක්ෂකයා තෝරන්න හිතනවාට වැඩිය අර්බුද සමතය කරල ගැටුම් විසදගෙන ගැටුම් විසදාලීමේ ක්‍රමවේදය හරියට දන්නේ නැත්නම් මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් ඇහුවනම් ජනාධිපති අපේක්ෂකයා තෝරණ ක්‍රමය කොහොමද කියල එතුමා උපදෙස් දෙයි මෙන්නමේ විදියට තෝරන්න කියල’ යයි ඒකාබද්ධ විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා මහතා කීය.

සති අන්තයේ පැවැත්වෙන ඉරිදා විග්‍රහය මාධ්‍ය හමුවට සහභාගී වෙමින් මන්ත්‍රී වරයා මෙම අදහස් පලකරන ලදී.මෙම මාධ්‍ය හමුව ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගයාන් මේනක දිසානායක මහතාගේ නිවසේදී පැවැත්විණි.

මෙහිදී වැඩිදුරටත් කතාකල මන්ත්‍රීවරයා කියා සිටියේ,

"සියලු දෙනාගේ එකගතාවය ලබාගෙන තියෙනවා අපි අපේ අපේක්ෂකයා සම්බන්දයෙන්.අගෝස්තු 11 වෙනිදාට ඉතාම උත්සවාකාරයෙන් කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී මුලු රටටම ඇහෙන්න ඔලුවරසන් මැද්දේ අපේ අපේක්ෂකයා හදුන්වා දීමට සියලු කටයුතු සූදානම්. පසුගිය පක්ෂ නායක රැස්වීමේදී අපි සාකච්ඡා කරල එකගතාවයකට ආවා ඒකාබද්ධ විපක්ෂය එක්ෂත් ජාතික පක්ෂ විරෝධී කදවුර නියෝජනය කරමින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුරුන්ද යන්න සාකච්ඡා කිරීමේදී යෝජනා ගණනාවක් ආවා ඒ ආපු යෝජනා පිළිබදව අවසන් තීන්දුව ගැනීම පක්ෂ නායකයන්ගේ ඒකමතික තීරණයෙන් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා වෙත පැවරුවා.ඔබ තුමා එම තීන්දුව ගන්න කියල දැන් අපි සූදානම් පක්ෂ නායකයන් විසින් දීපු බලය පැවරීම උඩ 11 වැනිදාට අපි දුන්න බලය අනුව අපේ අපේක්ෂකයා මහින්ද රාජපක්ෂ මැතිතුමා එදාට ඉදිරිපත් කරනවා. ජනාධිපති අපේක්ෂකයාට නම් ගණනාවක් යෝජනා උනා.නම් කීහිපයක් යෝජනා වුනා.ඒ යෝජනා වුන නම් වලින් වඩාත් සුදු නමක් තෝරාගැනීමේ වගකීම පක්ෂ නායකයින් විසින් වර්ග කිරීමකින් තරග කිරීමකින් තොරව ගරු විපක්ෂ නායක තුමා වෙත පැවරුවා.මෙතන අපිට වහන්න දෙයක් හංගන්න දෙයක් නැහැ.අපේ පක්ෂය රටේ වඩාත් ප්‍රජාත්‍රන්ත්‍රවාදයට ගරු පක්ෂයක්. මේ රට ත්‍රස්තවාදයෙන් බේරාගත් නායකයා මහින්ද රාජපක්ෂ මහත්තයා.එතුමා මේ ප්‍රශ්නය ඉතා ප්‍රජාත්‍රන්ත්‍රවාදීව එතුමාගේ දීර්ඝ කාලයක දේශපාලන දැනුම,දැක්ම අත්දැකීම එක්ක අපේක්ෂකයා තෝරණවා කියන එක අපිට සැකයක් නැහැ."

Last modified on Monday, 22 July 2019 15:23