April 24, 2024
Main

Main (651)

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ද්විත්ව පුරවැසිභාවය ඉවත් කර ගැනීමට අදාළ ලිපි ලේඛණ ප්‍රසිද්ධ කරන ලෙස ඉල්ලමින් ආචාර්ය පූජ්‍ය ඉඟුරුවත්තේ සුමංගල හිමියන් කොළඹ නිදහස් චතුරස්‍රයේ ආරම්භ කර තිබූ සත්‍යග්‍රහය අවසන් කර තිබේ.

පොලීසිය කළ දැනුම් දීමක් අනුව උන්වහන්සේ අද අලුයම් කාලයේ සත්‍යග්‍රහය අත්හැරීමට කටයුතු කර තිබේ.

නමුත් මේ සම්බන්ධයෙන් ඒෂියන් මිරර් අප කළ සොයා බැලීමකදී වාර්තා වූයේ අදාළ ලිපිය ව්‍යාජව සකස් කරන ලද ලිපියක් බවය.

පුජ්‍ය අතුරලියේ රතන හිමි මේ සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක්ද නිකුත් කොට ඇත.

එම නිවේදනය පහතින්,

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය ලබාදෙන්නේ ඔහු ජයග්‍රහණය කරවිමට මිස පරාජය කිරිමට නොවන බව එම පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතා පවසයි.

අනුරාධපුර හොරොව්පතාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන බල මණ්ඩල රැස්විමට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

එහිදි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාද අදහස් පළ කළේය.

එහිදී අදහස් දැක්වමින් ඒ මහතා මෙසේ පැවසීය.

"අනිවාර්යයෙන්ම ගෝඨාභය තමයි ජනාධිපති වෙන්නේ. ඒකයි මේ ඡන්ද ව්‍යාපාරයට සියලු දෙනාට එකතු වෙන්න කියන්නේ. කවුරු හරි ගියෝත් ඡන්ද 10ක් 15ක් යයි. ඡන්ද 10ක් අපෙන් යනකොට මම 100ක් හදනවා.  10 යන එක නෙවේ ප්‍රශ්නේ. 100 හදන්න පුළුවන්ද කියන එකයි ප්‍රශ්නේ. යූ එන් පී, ජේ වී පී, මුස්ලිම් ඡන්ද මේ සියල්ල අපි ගන්නවා."

කෙනෙහිළිකම් කැපිලි කෙටිලි ඉවසන්නට බැහැ.ඉවසීමේ සීමාවක් තිබෙනවා. නැවත කිසිම දිනක එජාපයට යාමේ සුදානමක් නැහැ. අද දිනය තුළ රට බලාපොරොත්තු වන ඒ දේශපාලන තීන්දුව ගන්නවා' යැයි විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක මහතා ඊයේ (7) පැවසීය.

පක්ෂය හැරගිය ද ක්‍රියාකාරී දේශපාලනයෙන් ඉවත් නොවන බවද ඒ මහතා කීය. ජනපතිවරණ සමයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණයෙන් ඇත්වෙමින් සිටින බවද, ගෝඨාභය රාජපක්ෂ මහතා යටතේ ඉදිරියේම සිටින බවද රාජ්‍ය අමාත්‍යවරයා අනාවරණය කළේය.

තමා පක්ෂය හැරගිය හැමවාරයකදීම රිෂාඩ්, හකීම්, සුමන්තිරන් මෙන්ම රාජිත, රවී,ජෝන් ඇතුළු කණ්ඩායම තම නිවසට වරින්වර එවා ලබාදුන් පොරොන්දු, කළ කී දෑ සිදුකළ සාකච්ඡා පිළිබඳ ආන්දෝලනාත්මක හඬ පට හා සීසිටිවී දර්ශන රැසක් තමන් සතුව ඇතැයි ද ඔහු කීවේය.

කොළඹ 8 කාසල්වීදියේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහු මෙම කරුණු අනාවරණය කළේය.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා වන ශාන් වික්‍රමසිංහ මහතාට අයත් TNL රූපවාහිනිය විසින් ඊයේ දිනයේ තම ප්‍රවෘත්ති විකාශය අතරතුර දී සජිත් ප්‍රේමදාස මහතා ඉලක්ක කරමින් දැඩි විවේචනාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලදි.

එම රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ වරයෙක් වන ඉෂිනි වික්‍රමසිංහ විසින් නිකුත් කරන ලද නිවේදනයක් ප්‍රසිද්ධ කරමින් ඔවුන් මෙම වාර්තාව ඉදිරිපත් කලහ.

එමඟින් ඇය කියා සිටින්නේ තමන් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රවර්ධනය කිරීම තම පුද්ගලික කටයුත්තක් බවත් සජිත් ප්‍රේමදාස මහතා සම්බන්ධයෙන් තමාට ඇත්තේ අපකීර්තිමත් මතකයක් පමණක් බවත්ය.

එමෙන්ම රණසිංහ ප්‍රේමදාස යුගයේ සිදු වූ විවිධ නීති විරෝධී කටයුතු සම්බන්ධයෙන් ඇය එමගින් පැහැදිලි කර තිබිණි.

සජිත් ප්‍රේමදාස මහතාගේ සහෝදරිය වන දුලාංජලී ප්‍රේමදාස විසින් සිදු කරන ලද ප්‍රකාශයක් මූලික කරගෙන ඇය මෙසේ විරෝධතා දක්වමින් නිවේදනය නිකුත් කර තිබූ අතර ටී.එන්.එල්. රූපවාහිනිය සැලකිය යුතු ගුවන් කාලයක් වෙන් කර එය විකාශණය කිරීමට කටයුතු කලේය.

පළමු මනාපය ජාතික ජන බලවේගයේ අපේක්ෂක අනුර කුමාර දිසානායකට දී දෙවැනි මනාපය ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහි වෙනත් සුදුස්සෙකුට දෙන ලෙස ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ.ඩී.ලාල් කාන්ත මහතා ඇඹිලිපිටියේ පැවති ජන හමුවකදී ඉල්ලීමක් කර තිබේ. 

අනුර කුමාර දිසානායක මහතාට ජන්දය දෙන කෙනෙකුට ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත් වෙතැයි බියක් තිබේ නම් දෙවැනි මනාපය ඔහුට එරෙහිව වෙනත් අපේක්ෂකයෙකුට ලබා දෙන ලෙස ලාල් කාන්ත මහතා එහිදී ඉල්ලීමක් කර තිබේ. 

2015 ජනවාරි 08 ජනාධිපතිවරණයේදී ජවිපෙ මෙවැනිම ක්‍රියාදාමයක යෙදුණු අතර එහිදී මහින්ද රාජපක්ෂ මහතා පරාජය කළ හැකි අපේක්ෂකයෙකුට ජන්දය දෙන ලෙස ඉල්ලීමක් කළ අතර ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් සෘජුවම මැදිහත් වී කටයුතු කරන ලදී.

එජනිස ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගියවන්න මහතා චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග හිටපු ජනාධිපතිනියගේ ප්‍රධානත්වයෙන් යුත් අපි ශ්‍රී ලංකා කණ්ඩායමට එක් වීමට සුදානමක් ඇති බව ඒෂියන් මිරර් වෙත වාර්තා වේ.

මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ පොදුජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට සහය දීමට ගිය පිරිසත් සමඟ අලගියවන්න මහතා සිටින අතර හිටපු ජනපතිනියගේ ඉල්ලීම මත ඔහු මෙම තීන්දුව ගනු ඇති බව වාර්තා වේ. 

අලගියවන්න මහතා හිටපු ජනපතිනියගේ සමීපතමයෙකි. 

හිටපු ජනපතිනියගේ නායකත්වයෙන් යුත් අපි ශ්‍රී ලංකා පාර්ශවයේ විශේෂ ජාතික සමුළුවක් අද (05) කොළඹදී පැවැත්වීමට නියමිතය. අපි ශ්‍රී ලංකා පාර්ශවයනව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහය දීම සඳහා මේ වන විට ගිවිසුම්ගත වී සිටියි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අනුශාසක හිටපු ජනපතිනි චන්දිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට සහාය දැක්වීමට ගත් තීරණයට හිටපු ජනපතිනියගේ කාර්යමණ්ඩල අධ්‍යක්ෂව ජස්ටින් නවරත්න මහතා විරෝධය පල කර එම කටයුතුවලින් ඉවත්ව සිටී.
 
කාර්ය මණ්ඩල අධ්‍යක්ෂවරයා සමග සේවක පිරිසේ වැඩි පිරිසක් ද මෙම තීරණයට විරෝධය පළ කර ඇත.
 
චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය  ‘අපි ශ්‍රී ලංකා‘ කණ්ඩායම ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සුරැකීමේ ජාතික ව්‍යාපාරය ආරම්භ කරමින් සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කිරීමට කටයුතු කිරීමට එක්වීම සම්බන්ධව මෙම පිරිස ඇය හමුවී  මෙම තිරණයට විරෝධය පල කර ඇත.

මේ සම්බන්ධව කාර්ය මණ්ඩල අධ්‍යක්ෂ ජස්ටින් නවරත්න මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ තමන් නිශ්ශබ්දව පැත්තකටවී බලා සිටින බවයි. පසුගිය වර ජනපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාට උදව් කළේ ඔහු අපේ මිනිහෙක් නිසයි. නමුත් මෙවර එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයාට ගිවිසුම් ගතව සහායදීමට යාමෙන් අපි එක්සත් ජාතික පාක්ෂිකයන් වෙනවා.  මට විවිධ ඉල්ලීම් එනවා. නමුත් කාටවත් උදව් නොකර මේ ටිකේ නිශ්ශබ්දව ඉන්නේ. යැයි  නවරත්න මහතා වැඩිදුරටත් සදහන් කළේය.
 
තමන් පැත්තකට වී සිටියත් සහකාර අධ්‍යක්ෂවරයා සිරිත් පරිදි කටයුතු කරන බවද ඔහු කීවේය.

මෙවර ජනපතිවරණය සම්බන්ධයෙන් විවාදයකට එන ලෙස අමාත්‍ය, ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා හිටපු ආරක්ෂක ලේකම්, ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතවම අභියෝගයක් කර තිබේ.

මීට දින 10කට පෙර විවාදයකට පැමිණෙන ලෙස ගෝඨාභය රාජපක්ෂ මහතාට සජිත් ප්‍රේමදාස මහතා ආරාධනා කළත් ඒ සඳහා පිළිතුරක් නොමැති හෙයන් ඔහු මෙසේ ලිඛිතවම සිය අභියෝගය එල්ල කර තිබේ.

ජනාධිපතිධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිවාදී අපේක්ෂකයා සමඟ එක හා සමාන ඡන්ද ප්‍රතිශතයක් හිමිකරගෙන ඇති බවට සමීක්ෂණවලින් අනාවරණ වී ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පවසයි.

කොළඹ පැවති එක්සත් ජාතික පක්ෂ මාධ්‍ය හමුවට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළේය

එහිදී අදහස් වූ මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් මෙසේ පැවසීය. 

“අවුරුදු එකහමාරකට උඩදී රජය අපේක්ෂාවන් ඉටුකරේ නෑ කියලා. පිටිපස්සෙන් හිටියා. ඒහි ප්‍රතිඵලය තමයි අපි අවුරුදු එකහමාරකට උඩදී මැතිවරණයේදී දැක්කේ. ඒ තත්ත්වය සම්පූර්ණයෙන්ම වෙනස්වෙලා තියෙනවා. අපි දැකලා තියෙන සමීක්ෂණවලදී පෙනීයන්නේ, සජිත් ප්‍රතිවාදී අපේක්ෂකයාගේ කරට කර ඇවිල්ලා තියෙනවා.“