May 04, 2024

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය දිවයිනට Featured

වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා සිංගප්පූරුව වෙත ගොස් සිටි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ රාත්‍රියේ දිවයිනට පැමිණියේය.

රාත්‍රී 11.45ට සිංගප්පුරුවේ සිට පැමිණි සිංගප්පූරු ගුවන් සේවයේ එස්.කිව් 468 දරණ යානයෙන් ඔහු කටුනායක වෙත පැමිණි බව වාර්තා වේ.

මැදමුලන - ඩී.ඒ.රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීමේදී රුපියල් මිලියන 33 දශම 9ක මුදලක් සාපරාධී සාවද්‍ය පරිහරණය ඇතුළු චෝදනා කිහිපයක් යටතේ ඔහුට එරෙහිව නඩු පවරා ඇති අතර එම නඩුව අනිද්දා ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය හමුවේ යලි විභාගයට ගැනීමට නියමිතය.

පසුගිය මස 19 වනදා මෙම නඩුව කැදවූ අවස්ථාවේදී හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අලි සබ්රි මහතා කියා සිටියේ මැයි මස 31 වනදා තම සේවාදායකයාට සිංගප්පූරු රෝහලකදී හෘද සැත්කමක් සිදුකළ බවය.

ඒ අනුව විදෙස්ගතව ප්‍රතිකාර ලබා ගැනීමට හිටපු ආරක්ෂක ලේකම්වරයාට අධිකරණය අවසරය ලබාදුන් අතර, එම කාලය අදින් අවසන් වේ.

Last modified on Wednesday, 24 July 2019 14:24

Related items